දෙසැම්බර් 27 සිච ජනවාරි 02 දක්වා

දෙසැම්බර් 27, 2019
වගකීම් පැහැර හැරීමක් 
අතමිට මුදල් ගැවසුනත් වැය පස අධික වන කාලයක් බැවින් සඳුගේ ගමන 8,9,10,11 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. ලාබ අපේක්ෂාවෙන් කරන කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට සිදුවේ.
වරින් වර ආගමික නායකයන්ගේ සහය පතන බවක් පෙන්නුම් කරයි. දේපල ගැටලුවක් විසදා ගැනීමට නීති පිහිට පැතීමට සිදුවේ. පවුලට යන එන කෙනෙකු පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු කාලයකි. සතිය මැද කාලයේදී පවුලේ කෙනෙකු සමඟ ඇතිකර ගත් ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. වගකීම් පැහැර හැරීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇත. 
 
අය 07 - වැය 04
ජය අංකය - 04
ජය වර්ූණය - තැඹිලි
සුබ දවස -  බ්‍රහස්පතින්දා
 
 
වාහන ගනුදෙනුවක් 
පවුලේ වගකීමක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ ගැටලුකාරි බවක් හේතුවෙන් කටයුතු කීපයක් වෙනස්කිරීමට සිදුවේ. වෙනදාට වඩා ආගම දහමට ලැදිව කටයුතු කරන කාලයකි. 
පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. සතිය මැද කාලයේදී නැතිවු දෙයක් නැවත ලබාගැනීමට හැකිවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවිය හැකි බැවින් කල්පනාකාරිව කටයුතු කරන්න. හදිස්සියේ සිදුවන වාහන ගණුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. 
 
අය 06 - වැය 04
ජය අංකය - 03
ජය වර්ූණය - කොළ
සුබ දවස -  සඳුදා
 
 
විශ්වාස බිඳවැටීමක් 
පවුලේ වගකීම් බහුල කරමින් සතිය ආරම්භවන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. පවුලේ කෙනෙකුගේ අසනීපයක් සුව අතට හැරෙන කාලයකි. එමෙන්ම විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ ඇත. යන එන ගමන් පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරි විය යුතු බවක් පෙනේ. දරුවෙකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබෙන කාලයකි. මව්පස ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයකි. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. තමා සතුදෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. 
 
අය 06 - වැය 04
ජය අංකය - 04
ජය වර්ූණය - කොළ
සුබ දවස -  සිකුරාදා
 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.