දෙසැම්බර් 13 සිට දෙසැම්බර් 19 දක්වා

දෙසැම්බර් 13, 2019

අලුත් ඥාති සබඳතා

පවුලේ කෙනෙකු සම්බන්ධ සතුටුදායක පුවතක් ඇසීමට කටයුතු සැලසෙන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන අතර පවුලේ කටයුතුවලින් දුරස්වීමටද හේතු ඇති කරයි.

සතිය මැද කාලය වන විට හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. එමෙන්ම හදිසි මුදල් වැයවීම් වලටද හේතු ඇතිකරන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. අලුත් ඥාති සබඳතා වලට මඟ සැලසෙන කාලයකි. තමා කළ වැරැද්දක් නිසා පසුතැවීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

අය 06 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - බදාදා

 

 

දේපල ගැටලුවක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, සඳුගේ ගමන 10,11,12,1 යන භාවස්ථානවල සිදුවනු ලබයි. අමතර වගකීමක් තමා පිට පැවරෙන කාලයකි. බලාපොරොත්තු නොවූ කෙනෙකුගේ හමුවීමක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. එමෙන්ම ගේ දොර කටයුතුවලට යම් යම් අවහිර බාධා මතුවිය හැකි කාලයකි.

දේපල ගැටලුවක් වෙනුවෙන් ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු කාලයකි. මෙතෙක් බාධාගෙන දුන් පෙම්සබඳතාවයකට මව්පිය ආශිර්වාදය හිමිකරයි. උදරාගත රෝගයන් නිසා පීඩාවිඳින කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

 

රැකියාවේ තීරණ කීපයක්

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යාමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. යටපත්වූ අසනීපයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න .රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි.දුරගමන් යෙදෙන කාලයකි. ණය ගණුදෙනුවක් පියවා ගැනීමට හිතවතෙකුගේ සහය පැතීමට සිදුවේ. සතිය මැද කාලයේදි දරුවෙකුගේ අසනීපයක් වෙනුවෙන් රෝහල් ගතවීමක් සිදුකරයි. නිවසට යන එන කෙනෙකු නිසා ඇතිවන ගැටලුකාරි බවක් දුරදිග යාමට ඉඩ ඇත. සති අන්තයේදී විවාහ ගිවිස ගැනීමක් කල්දැමීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.