නොවැම්බර් 22 සිට නොවැම්බර් 28 දක්වා

නොවැම්බර් 22, 2019

බොරු චෝදනාවක්

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයක් වන අතර සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. ලැබීම් අතින් යහපත් සතියක් වුවත් තමාට නොදැනීම වැයපස අධික වන කාලයක් බව පෙනේ. එමෙන්ම විශේෂ පුද්ගලයෙකුගේ හමුවීමක් සිදුවන කාලයකි.
පවුලට අලුත් සාමාජිකයෙක් එක්විය හැකියි. බොරු චෝදනාවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවන සතියකි. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් දුරපළාතකට යාමට කටයුතු සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. අසල්වැසියෙකුගෙන් කරදරකාරි බවක් ඇතිකරන කාලයකි.

අය 07 - වැය 04
ජය අංකය - 03
ජය වර්ූණය - කොළ
සුබ දවස - සිකුරාදා




දේපල ගැටලුවක් විසඳේ

සැලසුම් සහගත කටයුතු කීපයකට අතගසමින් සතිය ආරම්භ වන අතර සඳුග්‍රහයා 1,2,3 යන භාවස්ථාන වල ගමන් කරනු ලබයි. ආගමික සැලසුමක් සඳහා දුරපළාතකට යාමට කරුණු සැලසෙන අතර නිතර පදිංචි ස්ථානයෙන් පිට වාසයටද හේතු ඇතිකරයි. දරුවෙකුගේ යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. තමාට නොසිතූ තර්ජනයකට ලක්වීමට සිදුවන කාලයකි. මෙතෙක් ගැටලු පැනනැගෙමින් තිබූ දේපල ප්‍රශ්නයක් විසඳා ගැනීමට මඟ සැලසේ. රැකියා ස්ථානය අතර වෙනස්කම් රැසක් සිදුවන කාලයකි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. අඹුසැමි මතවාදයක් සමතයකට පත්වීමක් සිදුකරයි.

අය 06 - වැය 04
ජය අංකය - 05
ජය වර්ූණය - කහ
සුබ දවස - ඉරිදා




ඥාති ආරවුලක්

පවුලේ ආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වෙමින් පවතින මේ සතියේ සඳුගේ 9,10,11 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර ගතට සිතට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදුකරන කාලයකි. පවුලේ ළඟම ඥාතියෙකු නිසා හටගන්නා ආරවුල්කාරි තත්වයක් දුරදිග යයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්නුම් කරයි. දරුලාභ අපේක්ෂාවෙන් සිටින අය වෙනදාට වඩා කල්පනාකාරි විය යුතු බවක් පෙනේ. වාහන හුවමාරුවක් පිළිබඳ පැවැති බලාපොරොත්තුවක් මඟහැරී යන කාලයකි. අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික වන කාලයක් වන අතර පවුලේ කෙනෙකු සමඟ මුදල් හුවමාරුවකට කරුණු සැලසේ.

අය 07 - වැය 04
ජය අංකය - 04
ජය වර්ූණය - කොළ
සුබ දවස - සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ධම්මිකා  රාජපක්ෂ


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.