‍‍සැප්තැම්බර් 20 සිට ‍‍සැප්තැම්බර් 27 දක්වා

සැප්තැම්බර් 20, 2019

සතුටුදායක සතියක්

සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1, 2, 3 යන භාවස්ථානවලයි. සතිය පටන් ගන්නේ සතුටුදායක අයුරිනි. පී‍්‍රතිමත් ගමන් බිමන් සඳහා ඇරැයුම් ලබයි. තමාට හිතවත් අයගෙන් උපකාර ලැබෙන කාලයකි. කුඩා දරුවන් සම්බන්ධව නිතර අවධානයෙන් සිටිය යුතු කාලයකි. නිවසට යන එන අය පිළිබඳව සොයා බැලීම වැදගත් වන කරුණු යෙදෙයි. අවිවාහක දරුවන් වෙනුවෙන් යහපත් විවාහ යෝජනා ගෙන දෙන කාලයකි. උෂ්ණාධික රෝග සම්බන්ධව සිටින අය නිතර නිතර වෛද්‍ය උපදෙස් පිළිපැදීම සුදුසු වෙයි. රෝගවලට උචිත ලෙස ආහාරපාන ගැනීමට කල්පනාකාරී වන්න. විවාහකයන් අතර මතභේද දුරස් වන කරුණු යෙදෙයි. අනිසි චෝදනාවලට ඉක්මන් නොවන්න.

අය 01 - වැය 01

ජය අංකය - 06

ජය වර්ූණය - සුදු

සුබ දවස - බදාදා

 

විදෙස් ගමනක්

කන්‍යා ලග්න හිමි ඔබගේ කේන්දරයේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11 යන භාවස්ථානවලයි. ආගම දහමට වැඩි නැඹුරුතාවයක් ඇති කරන කාලයකි. නිතර නිතර වැඩිහිටියන් සමගින් වන්දනා කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. සතිය මැද කාලය රැකියාවේ වෙනසක් පෙන්නුම් කරයි. පොත පත ආශි‍්‍රත කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන කාලයකි. විදෙස්ගත ගමනක් ඉටුවන කාලයකි. දරුවන්ගේ හැසිරීම් පිළිබඳව අවධානයෙන් සිටින්න. නරක මිතුරන්ගේ ඇසුරට එක්වීමට ඉඩ ඇති කාලයකි. සෞඛ්‍ය තත්ත්වය අතින් බැලීමේ දී යහපත් වෙයි. මෙතෙක් තිබූ රෝගාබාධ තත්ත්වයන් තරමක සුව අතට හැරෙයි. සතිය අවසානය මුදල් සම්බන්ධ කටයුතු කීපයකින් පීඩා විඳී.

අය 09 - වැය 06

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මුත්‍රා ආබාධ

සඳු ගමන් කරන්නේ 5, 6, 7 යන භාවස්ථානවලයි. ඔබට නිතර නිතර රෝගී තත්ත්වයන්ට මුහුණපාන්නට සිදුවෙයි. ආගමික කටයුතුවල යෙදීමෙන් සිතට සහනය ගෙනදෙනු ඇත. ඥාති හිතවතුන්ගෙන් උපකාර ලැබෙන අයුරින් කටයුතු කිරීමට සිතා ගන්න. සතිය මැද කාලය තරමක් අවිවේකී බවකින් යුතුවෙයි. දරුවන් නිසා පීඩා ගෙනදෙනු ඇත. නිවාස, ව්‍යාපාර ගනුදෙනු සම්බන්ධව හදිසි තීරණයක් ගනී. අඹු, සැමි දෙදෙනාගෙන් අයෙකුට අපලදායක කාලයකි. අනුන්ගේ කටයුතු වෙනුවෙන් තමාගේ වටිනා කාලය නාස්ති නොකරන්න. සතිය ගෙවී යන විට දී මුත්‍රා රෝග තත්ත්වයක් උත්සන්න විය හැකි ය. නුසුදුසු ආහාර ගැනීමෙන් වළකින්න.

අය 05 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - නිල්

සුබ දවස - සිකුරාදා

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ධම්මිකා රාජපක්ෂ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.