2019 නව අවුරුදු පලාපල

අප්‍රේල් 12, 2019

මෙවර අලුත් අවුරුදු උදාව අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා ප.ව.2.09 ට රවි මේෂ රාශියට සම්ප්‍රාප්ති වීමෙන් පසුව යෙදී ඇත. එම තත්කාල වේලාවට කටක ලග්නයත්, මීන නවාංශකයත්, උදාවේ. මෙම වසර උදාවේ විශේෂත්වයක් දක්නට ලැබේ. එනම් කුමන හෝ රාශි හයක ග්‍රහ බල යෙදීමෙන් “දාමිනී” හෙවත් “වරදානි” යෝගයෙන් අලුත් අවුරුද්ද උදාවීමයි. මෙම යෝග බලය රටටත්, කාටත් නිරවුල් බුද්ධිය, ධනය, කීර්තිය, සහිතව පින්කැමති බවත්. තම ශක්ති ප්‍රමාණයෙන් උපකාර කරන බලයත් යෙදේ. එහෙයින් වඩාත් අපල ඇති අයට වැඩි අපල සමනය වන අතර, ශුභඵල අයට ශුභඵලම ලැබෙනු ඇත. එම නිසා කාටත් ලබන්නාවූ නව වසර සමපල තත්වයෙන් යෙදෙනු ඇත. විශේෂයෙන් රටේ ලග්නය අනුව ශුභඵලම දානය කිරීමට වැඩි ඉඩක් ඇති බව පෙනේ.

මෙතෙක් කල් කටක රාශියේ සිටි රාහු හා මකර රාශියේ සිටි කේතු 2019 මාර්තු 07 වැනි දින රාහු මිථුනයටත්, කේතු ධනු රාශියටත් ගමන් ඇති විය. ඔවුන්ගේ කලින් පැවතුන ගමනට වඩා මෙවර මිත්‍ර රාශිගත වීමේ යම් යහපත් බලයක්ද දේ. වසර පුරාවටත් ඔවුන්ගේ ගමන් එලෙස පවතී. මෙවර අවුරුදු උදාවේ දින බලයට යෙදී ඇති නැකැත් බලය ශුභ නොවූන අතර අටවිසි යෝගයෙන් වජ්‍රක බලය සහිතය. 2019 මාර්තු අවසානයේ ගුරු වක්‍ර බලයෙන් ධනු රාශි ගතවී අපේ‍්‍රල් මාසයේ 23 දින වක්‍රයෙන් මිදී නැවතත් වෘශ්චික රාශි ගත වීම එතරම් ශුභ නොවන කාරණයක්ද වන්නේ , තේජෝ ජල රාශියේ සිට තේජෝ රාශියටත්, තේජෝ රාශියේ සිට නැවතත් තේජෝ ජල රාශි ගතවීමෙනි.

තත්කාලයේ ගුරු 6 වැන්නේ කේතු – ශනි සමඟයි. ස්ථානය ලෙසටවත්, සබඳ ග්‍රහ තත්ව අනුව වත් එම මාසය තුළ (අපේ‍්‍රල්) නොයෙක් ආකාර දූෂිත (ජල, වායු) රෝගා බාධ තත්ව ඇතිවීමේ ප්‍රවණතාවන් අධික වී නානා ප්‍රකාර රෝගාබාධ වලට මුහුණ පෑම් බලය අධික කරයි. විසඳා ගත නොහැකි වායු තත්ව ඇතිවන අතර උණුසුම අධික වීම් පෘතුවි තලයේ තේජෝ, වායු, ජල දූෂිතයෙන් ඇතිවන තත්ව හේතුකොට ගෙන සාමාන්‍ය ජන ජීවිතවලටත්, සත්ත්ව ජීවිත වලටත් බොහෝ අසීරු කම් ඇතිවීමට හේතු කරයි. සමස්තයෙන් අපේ‍්‍රල් මාසයේ අවසාන භාගයත් සමඟ යම් සහනයක් ඇතිවීමට ඉඩ ඇත්තේ තත්කාල අට වැන්නේ සිටි ශුක්‍ර උච්ච බලයෙන් භාග්‍යස්ථානය කරා යාමෙන් බුධගේ නීචය ද භංග වී යාමේ භාග්‍ය ඇතිවීම හේතුවෙනි. අපේ‍්‍රල් අවුරුදු සංක්‍රාන්ති කාලය අවසන් වී යෑමෙන් පසුව ඇතිවන ගුරු – ශුක්‍ර ගමන් නිසා යහපත් බලයක් යෙදීමේ වැඩි ඉඩකඩකට හේතු කරයි.

නව අවුරුදු තත්කාලයට කටක ලග්න මීන නවාංශක බලය උදාවී ඇත. ඒ අදාළ ග්‍රහ කරුණු අනුව, ඒ ඒ ජන්ම රාශි හිමියන්ට නව අවුරුදු උදාවෙන් පසු මේ ආකාර ලෙසට ශුභ අශුභ යෙදේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.