රාහු කේතු මාරුව ඔබට කෙසේද?

පෙබරවාරි 22, 2019

2019 මාර්තු මස 07 වන දින උදේ 7.53 ට රාහු මිථුන රාශියට සම්ප්‍රාප්ත වේ. ඈපාලිත අනුවත් එම වේලාවට කේතු ධනු රාශියට සම්ප්‍රාප්ත වේ. එම වේලාවට රවි ග්‍රහයා කුම්භ රාශියේ අංශක 23 යි කලා 30 ක් ගමන් කරමින් සිටියි. චන්ද්‍රයා කුම්භ රාශියේ අංශක 27 යි. කලා 50 ක් ගමන් කරමින් සිටී.

රවි සිටි ස්ථානයෙන් පස්වැන්නට රාහු පැමිණේ. එසේම සඳු සිටි ස්ථානයෙන් පස්වැන්නට රාහු පැමිණේ. කේතු පැමිණෙන්නේ රවිගෙන් 11 වැන්නටයි. සඳුගෙන්ද 11 වැන්නටයි. මේ අනුව මහජනයාට රාහු කේතු දෙදෙනාගේ බලපැවැත්වීම නිසා මේෂ, කටක, සිංහ,තුලා, කුම්භ රාශිවලට ශුභඵල ලැබේ. අවුරුදු එකහමාරක් මේ ස්ථානවල රාහු කේතු ගමන් ගනී.

මේෂ ලග්නය

මිථුන රාශියට රාහුගේ පැමිණීම ශුභදායක බව පැරණි ඡ්‍යොතිෂ ග්‍රන්ථවල සඳහන්ව තිබේ. ඒ අනුව බලන කල්හි මේෂ ලග්න හිමියන්ට එම කාලය තුළ තමා කරගෙන ගිය කටයුතු සාර්ථක කර ගත හැකි වේ. අන් අයගෙන්ද උදව් ලැබේ. ගෘහ කටයුතුවලට අවශ්‍ය බඩු මිලයට ගැනීමට අතමිට සරුවන කාලයකි. පදිංචි ස්ථානයේ ස්ථීර තත්ත්වයද සලසාගත හැකි කාලයකි.

කේතු 09 වැන්නේ ගමන් ගන්නා නිසා යම් යම් හේතුන් නිසා ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අඩුවන අවස්ථා ඇතිවේ. ලේ දොස් කෝප රෝගගතිවලින් ද ආරක්ෂා වන්න. සතුරු කරදර පරදා ජයග්‍රහණය ලබා ගත හැකි කාලයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ජ්‍යෙතාශාස්ත්‍රඥ

මහතුං ජාතුංග

ඡ්‍යොතිෂ කාර්යාලය ඉඳිකැටිය, කිරම

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.