2019 වසරේ ලග්න දොළසේ පලාපල මෙන්න

ජනවාරි 4, 2019

මේෂ ලග්නය

ධනය ලැබීමේ වාසනාව

ලැබීම් අතින් සුබඵල ඇති වසරකි. නමුත් වියදම් අධික වේ. රැකිරක්ෂා බලාපොරොත්තු වන අයට රැකියා අවස්ථා උදාවේ. නිලතල උසස්වීම් වලට පත්වේ. රැකියාවේ වෙනසක් සිදුවීමට ඉඩ ඇත.

සරේ මුල් භාගයේ හදිසි අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් පරිස්සම් වන්න. පී‍්‍රති සම්භාෂණවලට පී‍්‍රතිඋත්සව වලට සහභාගිවීමේ අවස්ථා උදාවේ. මුල් මාස කිහිපය තුළ අධ්‍යාපන බාධා ඇති වුවද වසර මැද සුබවේ. වසර මැද භාගයේ විදේශ ගත වීමේ අවස්ථාවන් උදාවනු ඇත. වසරේ මුල් භාගයේ තරුණ තරුණියන්ගේ මංගල යෝග උදාවේ. ශරීර සෞඛ්‍යය කෙරෙහි උනන්දුවන්න. හෘද රෝග, අක්ෂි රෝග, උදර රෝග, අතපය ආශි‍්‍රත රෝග පීඩාවන්ගෙන් පරිස්සම් වන්න.

සුබ දිනය – සෙනසුරාදා, අඟහරුවාදා

සුබ වර්ණය – රතු

සුබ අංක – 03

අය 11 වැය - 05

මිථුන ලග්නය

ධනය ලැබීමේ වාසනාවක්

ධනය ලැබීමේ වාසනාව හා සෞඛ්‍ය ගැටලු ඇතිවේ

බොහෝ ධනය ලැබීමේ වාසනාව උදාවේ. නමුත් අධික වියදම් යෙදේ. නොයෙක් කරදර යෙදී වියදම් අධික වේ. ස්වයං රැකියා කරන්නන්ට සුබ කාලයකි. හවුල් ව්‍යාපාර ජය ඇතිවේ. නොගැලපෙන පහත් අය ඇසුරට යාමෙන් ප්‍රශ්න උද්ගත වේ. තම ඥාතීන්ගෙන් පවා කරදර ඇතිවේ. ආරවුල් ඇතිවේ. ඇසුරු කරන්නන් ඈත්වේ. විභාග කටයුතු වලින් ජය ලැබේ. නව විෂය ක්ෂේත්‍රයන් ඉගෙනීමට අවස්ථාව උදාවේ. වාත රෝග, සෙම් රෝග, උදර රෝග ආදි රෝගී තත්වයන් ඇතිවේ. ශරීර ශක්තිය දුර්වල වේ. සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වන්න.

තමා කලක සිට ආශ්‍රය කල කෙනෙකුගෙන් ඈත්වීමට සිදු වනු ඇත. ඈත පලාත්වලට යාමට සිදු වන අතර නිකරුණේ ගමන් බිමන් යෙදෙනු ඇත. විවිධාකාරයේ නරක චෝදනා එල්ල විය හැකිය. ගුණ ධර්ම හීන වන කාලයකි .මංගල කටයුතු සපල වන වසරකි. විශේෂයෙන්ම අවිවාහක මිථුන ලග්න හිමියන් වසරේ මුල් මාස 6 තුළ එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි වනු ඇත. නිමි ඇඳුම් කර්මාන්තය, රෙදි පිලි ආශි‍්‍රත ස්වයං රැකියා වැනි අංශ සඳහා මෙම වසර ඉතාම සුබදායක වනු ඇත. වසරේ අගදී කරන රැකීරක්ෂාවල වෙනසක් වීමට බොහෝ දුරට අවස්ථාව උදා වනු ඇත. අන් අය පාලනය කරමින් රැකියාවල නිරත අයට සුබදායක වනු ඇත. උසස් වීම් මෙන්ම නව රැකියා අවස්ථා ද ලැබෙන කාලයකි. අධ්‍යාපනයට ඉතාම හොඳ වසරකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත දුවා දරුවන්ට මෙම වසර සුබදායක වනු ඇත. ඥානය හා බුද්ධිය වැඩි දියුණු වන අතර අමුතු දෙයක් පිළිබඳ ඉගෙනීමටද අවස්ථාව ලැබේ. විශේෂයෙන්ම භූත විද්‍යාව, ගුප්ත ශාස්ත්‍රය ඡ්‍යොතිෂය වැනි විෂයන් මෙම කාලයේදී හැදෑරීමට අවස්ථා උදා වනු ඇත. තරග විභාගවලට ඉදිරිපත් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එමගින් උසස් ජය හිමි වන අතර ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා බාධා එල්ලවීමකින් තොරව කරගෙන යාමට කටයුතු සැලසේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ශාරිරික නිරෝගිතාව අඩුවන අතර බොහෝ දේ අමතක වන ස්වභාවයක් ඇත. වසරේ මුල් මාස 5 කාලයේදී නොගැලපෙන බැඳීම් වලට සිත යොමු වීම හේතු කොටගෙන අධ්‍යාපනයට බාධා හා අවහිරතා පැමිණේ. ඒ පිළිබඳව දෙමාපියන් අවධානය යොමු කළ යුතුය.

සුබ දිනය – බදාදා, සිකුරාදා

සුබ වර්ණය – කොළ , කහ

සුබ අංක – 04 අය 11 – වැය - 11

ඡ්‍යොතිෂවේදී බණ්ඩාරගම සම්පත් එස්.කල්පගේ

0382256020/0772753100

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.