මේ සතිය ඔබට දෙසැම්බර් 2018 දෙසැම්බර් 28 ජනවාරි 03 දක්වා

දෙසැම්බර් 28, 2018

ධම්මිකා රාජපක්ෂ 

මේෂ

ගනුදෙනු වාසි

අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී තරමක් දුරට කල්පනාකාරී විය යුතු කාලයක් වන අතර, සඳුගේ ගමන 6, 7, 8, 9 භාවස්ථානවල ගමන් කරයි. වෘත්තිමය රැකී රක්ෂා කටයුතුවලදී යම් යම් බාධාකාරී බවක් ඇති කරනු ඇත. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් අමතර ධනය මිල මුදල් වැය කිරීමට සිදුවන බවක් පෙනේ.

ඥාති මිත්‍රාදීන් සමඟ සුහදව කටයුතු කිරීමට මඟ සැලසේ. එමෙන්ම බලාපොරොත්තු නොවූ විරූ ගමන් කීපයක් යෙදීමට ඉඩ ඇත. පදිංචිය පිළිබඳ ගැටලු මතුවන කාලයකි. ශරීර සෞඛ්‍යය පිළිබඳ තරමක් දුරට සැලකිලිමත් විය යුතු යි. සති අන්තයේ දී ණය ගනුදෙනුවකින් නොසිතූ වාසියක් හිමිකරන බවක් පෙනේ.

අය 06 - වැය 05

ජය අංකය - 05

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

වෘෂභ

සිතේ නොසන්සුන්තාවයක්

ගේ දොර කටයුතුවලදී තරමක් දුරට කල්පනාකාරී විය යුතු බවක් පෙනෙන අතර සඳුගේ ගමන 5, 6, 7, 8 භාවස්ථානවල සිදුවනු ලබයි. ගේ දොර සමගියට බාධාකාරී වන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. සෙම් රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. උත්සාහය හා කැපවීම මත සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙනේ. තීරණ ගැනීමේ දී වෙනදාට වඩා කල්පනාකාරී වන්න. මඟ තොට හමුවන කෙනෙකු නිසා සිත් කලකිරීමක් හට ගනී. පවුලේ කෙනෙකුගේ දුරස්වීමක් සිදුවිය හැකි කාලයකි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන කාලයකි. මිල මුදල් වැයවීම් වැඩි කරන බවක් පෙනේ.

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - නිල්

සුබ දවස - බදාදා

 

මිථුන

උදරගත ආබාධයක්

උසස් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් විය යුතු කාලයක් වන අතර, සඳුගේ ගමන 4, 5, 6, 7 යන භාවස්ථානවල සිදුවනු ලබයි. තම කටයුතු කරගෙන යාමේ දී යම් යම් අවහිරතා මතුවිය හැකි කාලයකි. අලුත් කටයුතු කීපයකට අතගැසීමෙන් ආර්ථික වාසි ලබාගත හැකියි. ගණිත අංශයේ රැකියා කටයුතුවල නියුතුවූවන්ට සුබදායකයි. ළඟින් ඇසුරු කරන අයෙකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. උදරගත ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. එමෙන්ම පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන කාලයකි.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

සමගියට පියවර

රැකියාවේ කටයුතුවලට වරින්වර බාධාකාරී බවක් ඇතිකරමින් සතිය ආරම්භවන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3, 4, 5, 6 යන භාවස්ථානවල ගමන් කරයි. වෙනදාට වඩා අවිවේකී කාලයකි. කෙටි ගමන් බිමන් අධික කරන බවක් පෙනේ. මිල මුදල් ගැටලු මතුවීමට ඉඩ ඇති කාලයකි. පවුලේ ප්‍රශ්නයකදී මූලිකවීමට සිදුවේ. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවන් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. උෂ්ණාධික රෝග පීඩාදියෙන් පරිස්සම් වියයුතු කාලයකි. පවුලේ සමගිය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවේ. හදිස්සියේ ඉස්මතු හා ගැටලුවක් හේතුවෙන් වියදම් පක්ෂයට ඉහළ යන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 07

ජය අංකය - 09

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - සිකුරාදා

 

සිංහ

උරහිසේ ආබාධයක්

බාධා අවහිරතා මතුකරන කාලයක් වන අතර සඳුගේ ගමන 2, 3, 4, 5 යන භාවස්ථානවල සිදුවනු ලබයි. යුගදිවියේ කටයුතු සාමාන්‍ය අන්දමින් සිදුවන කාලයක් වන අතර දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැයකිරීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරන කාලයකි. අමතර කටයුතු කෙරෙහි කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවෙයි. අසල්වැසියන් සමඟ තරමක් බුද්ධිමත්ව කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. වියදම් පක්ෂය ඉහළ යන කාලයකි. හදිස්සියේ හට ගන්නා උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. තරග විභාගවලට සම්බන්ධ වූ අයට ජයග්‍රහණ හිමිකරන කාලයකි. නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 08

ජය වර්ූණය - කොළ

සුබ දවස - ඉරිදා

 

කන්‍යා

දුරගමනක්

අවිවේකී බවින් යුතුව සතිය ආරම්භවන අතර සඳුගේ ගමන 1, 2, 3, 4 යන භාවස්ථානවල සිදුවනු ලබයි. විදෙස්ගත හිතවතෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. මිල මුදල් ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැය පස අධිකවීමට ඉඩ ඇත. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවක් පෙනේ. රැකියාවේ කටයුතු කෙරෙහි අවහිරතා මතුවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. හදිස්සියේ සිදුවන ගනුදෙනුවක් හේතුන්ගේ තමාට නොසිතූ වාසි කීපයක් හිමිවීමට ඉඩ ඇත. අලුත් ඥාති සබඳතාවලට කටයුතු සැලසෙන කාලයකි. හිතවතුන් සමඟ දුර ගමනකට කටයුතු සැලසේ. විදෙස්ගත හිතවතෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

අය 08 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

තුලා

විදෙස්ගතවීමක්

පවුලේ වගකීමක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භවන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයක් වන අතර, හවුල් ව්‍යාපාර කටයුතුවලින් වාසි කීපයක් ද සැලසේ. නැති වූ දෙයක් නැවත ලබාගැනීමට අවස්ථාව උදා කරයි. ගේදොර මිලදී ගැනීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ. යටපත්වූ අසනීපයක් නැවත මතුවියහැකි කාලයක් බැවින් කල්පනාකාරී වන්න. විශේෂ ගමනක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවේ. විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. හදිසි තීරණයක් හේතුවෙන් පාඩු කීපයක් සිදු කරයි.

අය 06 - වැය 05

ජය අංකය - 07

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

වෘශ්චික

අලුත් ගනුදෙනුවක්

විශේෂ වරප්‍රසාද කීපයකට මඟ සැලසෙමින් සතිය ආරම්භවන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. අවිවෙකී ලෙස කටයුතු ආරම්භ කරන සතියකි. පවුලේ වැඩිහිටියෙකුගේ උපකාරයක් සැලසේ. තම වාසිය වෙනුවෙන් කටයුතු කීපයක් සිදුකර ගන්නා කාලයකි. විදෙස්ගත හිතවතෙකුගෙන් ලැබීම් හිමිකරයි. සතිය මැද කාලයේ දී මෙතෙක් පැවැති ආදායමකට අවහිරතා මතුවීමට ඉඩ ඇත. අලුත් ගනුදෙනුවකට අත ගැසීමට අවස්ථාව සැලසේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. පවුලේ විවාහ උත්සවයකට කටයුතු උදාකරන බවක් පෙනේ. ගේ දොර අඩුපාඩුකම් කීපයක් මඟහරවා ගැනීමට මඟ සැලසේ.

අය 05 - වැය 06

ජය අංකය - 05

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ධනු

උසස් ජයග්‍රහණ

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරමින් සතිය ආරම්භවන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. සැලසුම්සහගත කටයුතු කීපයක් නොකිරීම මඟ සැලසේ. එමෙන්ම අසල්වාසීන් සමඟ විශේෂ හිතවත්කම්වලට අවස්ථාව උදාකරයි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවිය හැකි කාලයකි. ඉක්මන් කෝපය තමාට අවාසි සිදුකරයි. එමෙන්ම පවුලේ වැඩිහිටියෙකුගෙන් තමාට දෝෂාරෝපණ එල්ල කරයි. නොසිතූ අවුලක් හේතුවෙන් නීති පිහිට ගැනීමට සිදුවේ. තරග විභාගවලින් උසස් ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. පවුලේ ළඟම ඥාතියෙකුට අසනීපකාරී බවක් ඇති කරයි. විදෙස් ලැබීම්වලට හේතු ඇති කාලයකි.

අය 08 - වැය 07

ජය අංකය - 05

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

මකර

නීති ගැටලුවක්

වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන 9, 10, 11, 12 යන භාවස්ථානවල ගමන් කරයි. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. කල්ගතවූ ණය මුදලකින් නිදහස්වීමට කරුණු සැලසේ. මව්පස ඥාතියෙකු වෙනුවෙන් වෙහෙසීම් වැය කරන අතර ඥාති සහෝදරයකුගේ පිහිට පැතීමට සිදුවේ. විදෙස් ගමන් අපේක්ෂිතයන්ට එතරම් යහපත් නොවනු ඇත. දරුවෙකුගේ හිතුවක්කාර ගතිපැවැතුම් හේතුවෙන් පාඩු සිදුකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ගුප්ත කටයුතුවලින් පිහිට පැතීමට සිදුවේ. රැකියාවේ මතභේදකාරී තත්ත්වයක් දුරදිග යාමට ඉඩ ඇත. අමතර ආදායම් මාර්ගයකට ඉඩ සැලසුණත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

කුම්භ

ආගමික සහන

විශේෂ වගකීමක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවස්ථානවල ගමන් කරයි. අන් අයගේ කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. එමෙන්ම විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ඥාති සහෝදරයෙකුගේ අසනීපයක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර ශාරීරික වෙහෙසීම් වැඩි කරන කාලයකි. අමතර ලැබීම්වලට හේතු ඇති කරයි. දරුවෙකු නිසා ඉදිරි සැලසුමක් වෙනස්කිරීමට සිදුවේ. වරින් වර ආගමික සහන පතන කාලයකි. මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩා විඳීමට සිදුවේ. තැන තැන ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - ලා දම්

සුබ දවස - බදාදා

 

මීන

පී‍්‍රති උත්සවයක්

පවුලේ අයගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සිදුකරගන්නා කාලයක් වන අතර සඳු ග්‍රහයා 7, 8, 9, 10 යන භාවස්ථානවල ගමන් කරනු ලබයි. විදෙස් ගත ඥාතියෙකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. එමෙන්ම මෙතෙක් ගැටලු සහගත බවක් ඇති වූ දේපලක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. පවුලට සම්බන්ධ හිතවතෙකුගේ පී‍්‍රති උත්සවයකට සහභාගිවීමට කටයුතු සැලසේ. හදිස්සියේ ඇතිවන අසනීපකාරී බවක් හේතුවෙන් රෝහල් ගතවීමක් සිදුවීමට ඉඩ ඇත. රැකියාවෙ කටයුතු සම්බන්ධ අවිවේකී බවක් ඇතිවිය හැකි කාලයකි. කකුලේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. තෑගි භෝග හිමිකරන කාලයකි.

අය 08 - වැය 05

ජය අංකය - 03

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - සඳුදා

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.