අවුරුදු මෙවරවත් සුබවේවා

අප්‍රේල් 9, 2021

අවුරුදු එනවා එරබදු පිපිලා

කජු පුහුලන් ගස්වල පැණි පිරිලා

බැද්දට නගරෙට මල් වැහි වැහැලා

කොරෝන බාධක රටටම යෙදිලා

 

කොහෝ කොහෝ නද දෙන මී බින්දු

තවත් වෙනස් සියොතුන්ගේ සින්දු

ඔංචිලි පදිමින් රූබර ලන්දු

අවුරුදු සමයේ සරසවි කැන්දු

 

උන වෙඩි රතිඤ්ඤා සිව් දෙස සද්දේ

ඔංචිලිවාරම් රබාන සද්දේ

ළං වෙන විට පැතිරේ අවුරුද්දේ

මොනවා තිබුණත් කොරෝනා යුද්දේ

 

බක් මාසේ මැද වසන්ත කාලෙට

හිරු දෙවියෝ එති මීනෙන් මේෂෙට

මත්පැන් හොඳ නෑ ගන්නට ගේකට

එතැනයි අවුරුදු සැනසේ මේ රට

 

ජාතික මෙන් බුදු සමය අතින්

බක් පසළොස්වක බැතිනි සිතින්

අරමුණු කර උත්සවද බැතින්

පවත්වමුද හොඳ නේද ඉතින්

 

සුබ නැකතට හැම දෙය සිදුවෙනවා

අවුරුදු සුවිසෙස් බත වළඳනවා

මව් පිය වැඩිහිටියන් සලකනවා

සිරිත් විරිත් යුතුකම් ඉටුවෙනවා

 

සොබා විපත් රෝදුක් නොම වේවා

ලාහෙන් මල්ලට කෙත් සරු වේවා

තෙරුවන් මුරුවන් පිහිට ලැබේවා

සැමටම සුබ නව වසරක් වේවා

 

කිවිපති ඡ්‍යොතිෂ ඉඳුවර

අමුවල අමරසේන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.