දෝ සතර 31; කම්මජ ආබාද

මාර්තු 8, 2019

රෝග වැලඳීම සොබා දහම යි. ඒත් ඒවා වැලදෙන පිළිවෙල අනුවැ බලන විට, සමහර රෝග කම්පල (කර්ම විපාක) අනු වැ වැලදෙන ඒවා බව ද පිළිගන්නට කරුණු තිබේ. නෙත් අඳවීම, කන් බිහිරිවීම, හදවත බිඳුම (ඩ්ඥචපබ චබබචජඬ) දියවැඩියාව, පිළිකාව , වකුගඩු දිරුම ආදිය ඒ ගණයට වැටේ. ජන්ම කේන්දරයක් පිරික්සීමේදී එ වැනි රෝග වැලදීමට කම්හුරු (කර්මානුරූප) බලපෑමක් ඇතිබව ද පිළිගන්නට කරුණු තිබේ.

හදවත සිරුරේ මැදිපල හෙවත් මධ්‍ය ස්ථානය යි. හිරු සක්වලේ මැදිපලෙහි සිටින ගහයා යි. එ හෙයින් මේ දෙක අතර දැඩි බැඳීමක් තිබේ. එ සේ සැලැකීම විදුහුරු වෙ යි. එ හෙයින් යම් ජන්ම කේන්දරයක රවි දැඩි ලෙස පීඩා වී ඇත්නම් ඒ කේන්දරය හිමි තැනැත්තා ගේ හදවතට පීඩාවක් වීමට ඉඩ ඇති බවට ඉඟියක් එයින් ලැබේ. ඒ පීඩාව කුජ ගෙන් හෝ රාහු ගෙන් හෝ, ඒ දෙදෙනා ගෙන් ම හෝ වූ විට තත්වය බරපතල වෙයි. හද බිදුම (ඩ්ඥචපබ චබබචජඬ) නම් රෝගයට ජන්මියා ගොදුරුවීමට ඉඩ ඇති බව පෙන්වන සාදකයක් එ තැන ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

0718034076

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.