ආයුෂ වැඩි කරන ග්‍රහයෝ

ජූලි 9, 2021

පුද්ගලයෙකු මෙළොවට බිහි වී නිසි අඟ පසඟ හිමිව නිසි අධ්‍යාපනයක් ලබා යෝග්‍ය රැකියාවක නිරත වී යුගදිවියට ඇතුළත්ව වාසනාවන්ත දූ දරුවන් ලබා කාලයකින් ඇවෑමෙන් නිරෝගීව දීර්ඝායුෂ භුක්ති විඳීමට ජන්ම පෙර වාසනාව තිබීම අනිවාර්ය වේ.

අහස් සිතියමේ භ්‍රමණය වන ග්‍රහයින්ගේ බලශක්තිය හරහා උපත ලබන විටදී පූර්වයේ කරනු ලබන කුශලාකුශලයන්ගේ ප්‍රති විපාක ජීවියාට බලපෑම් ඇති වන්නේ ය. මේ බැව් ප්‍රකාශ කර ඇත්තේ වසර කල්පාන්තයක් තෙවැනි ඇසින් පෙනෙන සෘෂිවරුන්ය. ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංච මහා සම්පත්තියම හිමි පුද්ගලයෙකු ලොව උපත ලබන්නේ ද පෙර කරන ලද මහා කුශල කර්මයන්ට අනුරූපකවය.

පුද්ගලයෙකු මෙලොවට බිහි වී නිසි අඟපසඟ හිමිව නිසි අධ්‍යාපනයක් ලබා යෝග්‍ය රැකියාවක නිරත වී යුගදිවියට ඇතුළත්ව වාසනාවන්ත දූ දරුවන් ලබා කාලයකින් ඇවෑමෙන් නිරෝගීව දීර්ඝායුෂ භුක්ති විඳීමට ජන්ම පෙර වාසනාව තිබීම අනිවාර්ය වේ.

කුඩා කාලයේ දී මැදි වියේ දී දෙගොඩහරි වයසේ දී මිය යන අය මේ අතර වේ. මේ වන විට පරමායුෂ 120ක් විඳින අයෙකු සොයා ගැනීම අති දුෂ්කරයි.

නිරෝගීව දීර්ඝායුෂ විඳීමට ඡ්‍යොතිෂයේ ග්‍රහයෝග දක්වා ඇත්තේ ය. අද අපි ඒ පිළිබඳව කතා බහ කරමු.

ඉතාම ප්‍රබලව ලග්නාධිපති සතර කේන්ද්‍රයට පත්වැ සුබ ග්‍රහ දෘෂ්ටීන් සහිත ඇත්තේ නම් දීර්ඝායුෂ ලැබේ.

ශුක්‍ර, බුධ, ගුරු, කේන්ද්‍රගතවී නම් 100 වසරක් ආයුෂ ලැබේ. ගුරු කටකයේ සිට ශුක්‍ර කේන්ද්‍රයට පත් වී නම් එයද සියක් ආයු ලැබිය හැක.

ධනු, මීන දෙකකින් එකක්වී කේන්ද්‍රයේ ශුක්‍ර හෝ ගුරු හෝ සිටියදී පාපීන් 5 - 8 - 9 තැන්වල නොසිටීමෙන් ද එකී තැන් ශුභයින් දක්නා ලද්දේ ද දීඝායු හිමි වේ.

ලග්න චන්ද්‍ර දෙදෙනා කෙරෙන් 8 වැනි තැන්වල ග්‍රහයින් රහිතවද කිවි ගුරු දෙදෙනා ශක්තියෙන්ද වී නම් 120 ආයු ලැබේ.

උපන් රැස ධනුලග්නයේ 2 වැනි හෝරාවට බුධ හැර සියලු ග්‍රහයින් උච්ච රාශිවල සිටී නම් බුධ සප්තාංශකයකින් වෘෂභ රැසේ සිටී නම් ආයුෂ වැඩි වේ.

ගුරු කිවි දෙදෙන කේන්ද්‍රයේ සිටියදී සඳු බල සහිතව 2 වැන්නේ නම් දීගායු ලැබේ.

කිවි මීනයේ සිට එය උපන් රාශිය වී බුධ දුෂ්ඨි ගත වූ කල සඳු 8 වැන්නේ සිට ගුරු කේන්ද්‍රයට පැමිණි විට 100 ආයුලබයි.

ලග්නාධිපති 8 වැන්නේ ද සඳු 10 වැන්නේ ද ගුරු බලවත්ව සෙසු ග්‍රහයින් 9 වැන්නේ වීම හරහා වසර 117 ආයු ලැබේ.

ගුරු, සඳු දෙදෙනා වෙත් නම් නැතහොත් කේන්ද්‍රයේ වී නම් වසර 100 ඉක්මවයි.

උපන් ලග්නය ධනු රාශියේ අවසන් නවාංශකය වී පළමු භාගයට පැමිණ කේන්ද්‍රයේ සිටියා වූ ශුභයින් නිසා වසර 100ක් ආයුෂ ඇතිවේ. 8, 3, 4 ස්ථානවල සිටි සුබ ග්‍රහයින් හේතුකොටගෙන දීර්ඝායුෂ අත් වේ.

සුබ ග්‍රහයෝ මූල ත්‍රිකෝණ රාශි ගත වූවෝද ගුරු කටක රාශියෙ වී ද ලග්නාධිපති අධික බල සහිත වීම ද ඇතිව මේ යෝගයෙන් ජන්ම ලාභය ඇත්නම් 80 වසරක් ආයුෂ වේ.

ශුභ ග්‍රහයෝ ත්‍රිකෝණගතව ගුරු වෘශ්චිකයේ වීමද නිසා අසූ වසරක් ආයුෂවේ. ලග්න චන්ද්‍ර දෙදෙනා කෲර ග්‍රහයන් රහිත වූවෝ ද ගුරු ලග්නයෙහි සිටියෝද 8 වැන්න ග්‍රහයින් තොරවීද කේන්ද්‍රයේ සුබයෙක් වීමෙන් ද ආයුෂ 70 වන්නේ ය.

ගුරු උපන් රාශියට පැමිණි කල රවි, කුජ, ශනි අට වැන්න හැර අනික් රාශිවල වීමෙන් 85 වසරක් ආයුෂ හිමිවන්නේ ය.

මධ්‍යම ආයුෂ මෙන්ම අඩුම ආයුෂ විඳින ග්‍රහයෝගයන්ද ජන්ම පත්‍රවල ඇති බැව් දක්වමු. තරුණ වියට පාතබත්ම ඉතාම ළදරු කාලයෙන් උපත ලැබී වසරකින් හය මසකින් මෙන්ම සතියෙන් උපන් මොහොතෙහිද ආයුෂ හීන වන බවද පැහැදිලි වන ග්‍රහ යෝගී හැසිරීම් රටාවක් පිහිටුවන බැව් මෙහිලා සනිටුහන් කර සිටිමු.

 

ඡ්‍යොතිෂ විද්‍යා සහ වාසස්තු විද්‍යාවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.