ගරු බුහුමන්, සැප සම්පත්, ප්‍රභූ සැලකිලි ලබන මාලවී යෝගය

ජූලි 2, 2021

කිසියම් ජන්මියෙකු මීන ලග්නයෙන් ජන්ම දායාදය ලබමින්, මීන රාශිය සිකුරු ග්‍රහයාගේ උච්ඡ ක්ෂේත්‍ර රාශියද වන නිසා ඒ මොහොතේම ලග්නයේ අනෙකුත් ග්‍රහයන්ගෙන් තොරවෙමින් සිකුරු එතනම යෙදීමෙන් මාලවී යෝගය ලැබීමේ වාසනාව ලැබෙනවා ඇත. මෙයට නිදසුන් කිහිපයක් ම ගෙනහැර දැක්වීමට පුළුවනි.

තවද කිසියම් ජන්මියෙකු කන්‍යා ලග්නයෙන් ඉපදී එහි හත්වැන්න රාශිය මීන රාශිය වන්නේ ය. තවද එම සිකුරු ග්‍රහයා එම මීන රාශිය වන්නේ ය. තවද එම සිකුරු ග්‍රහයා එම මීන රාශිය හත්වැන්නේ උච්ඡක්ෂේත්‍රව සිටීමද මාලවී යෝගය ජනිත වීමකි.

ලොව නව තාක්ෂණයේවිද්‍යුත් ශක්තීන් හි ආකර්ෂණය බලය සුබවාදී වී සුබ ග්‍රහයෝගයන් ජන්මියාට උදා කරන්නා සේ අසුබවාදී වූ විට අසුබ ග්‍රහයෝගයන් ජන්මියාට උදා කරවන බව විශේෂයෙන් මතකයට නැගිය යුතු වේ. මාලවී යෝගය පංච මහා පුරුෂ ලක්ෂණවලින් එකක් වන්නේ ය. ගෞතම බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබුවේද පංච මහා පුරිස ලක්ෂණවලින් එකක් වූ මෙම මාලවී යෝගය ද තුරුළු කරගෙන ය. කෙසේ වෙතත් සුබවාදී ග්‍රහයෝගයන් ලබමින් බැබලුන ජනතාවාදී නායකයින් මෙන්ම උතුමන්ද අසුබ ග්‍රහයෝග යෙදීමෙන් කරදර කම්කටොලුවලට මුහුණදීමට සිදුව ඇත.

මාලවී යෝගය කිසියම් ජන්මියෙකුට උරුම වූයේ නම් ඔහු හෝ ඇයට ප්‍රභූන්ගේ හා උතුමන්ගේ ගරු සැළකිලි තාන්න මාන්න එමට ලබන්නට වාසනාව පෑදෙන්නේ ය. කෙත්වතු, භවභෝග ඉතා සශ්‍රීක ලෙස ලබන්නට මාලවී යෝගය යෙදුන ජන්මියා සමත් වේ. තමා වෙසෙන සමාජයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගරුබුහුමන් ලැබීමේ ඉමහත් වූ භාග්‍ය ලැබීමට සැප සම්පත් ආඩ්‍ය කර ගැනීමට ද ඔවුන් වාසනාවන්තයෝ වෙති. මෙම ජන්මීන්ගේ කතා විලාශයන් මෙන්ම අඟපසඟ ද අන්‍යයන් ඉතා හුරු බුහුටි ලෙස ආකර්ෂණය කිරීමේ නැතහොත් වශීකෘත කිරීමේ හැකියාවද උදා කෙරේ. මාලවී යෝගය යෙදුන ජන්මින් නිදහස් පාරිසරික නිවිහැනහිල්ලේ නිවහල්ව ජීවත්වීමට දැඩි ලෙස පි‍්‍රය කරති. මෙම ජන්මීන්ට මිනිසුන් වශීකෘත වන්නේ ය. එසේම පිරිස්බලය ඔවුන් වටා රොක් වන්නේ ය. නිතරම ප්‍රණීත ආහාර පානවලට, රසයට පි‍්‍රය වන්නේ ය. මොවුන්ට මිතුරෝ අඩු නැත. මිතුරියෝ වැහි වැහැලා ය. එසේම කෙළි බිමට, කෙළිසෙල්ලම්වලට ආශාව දක්වති. අසීමිත පැතුම් ගොන්නක් මෙම යෝගය යෙදුන විට ජන්මීන් රාගයෙන් මත්වන අවස්ථා ද දැකිය හැකි ය. එසේම කාමෝද්දීපනය වන ලෙස හැඟීම් දනවයි. කොටින්ම කියතොත් සෙසු ග්‍රහයින්ගේ යම්කිසි මැඩ පැවැත්මක් නොතිබුනහොතින් අසුබවාදීව ජන්මියා තම ජීවිතය පරදුවට තබා කෙළිසෙල්ලම්වල නිරත වෙති. මාලවීයෝගයෙන් උපන් ජන්මියා තම ජීවිතය ඉතා වාසනාවන්ත කර ගැනීමට සමත්කම් දැක්වුවද අනෙකුත් ග්‍රහයින්ගේ චිත්ත පීඩාවට, පීඩනයට ලක්නොවී සිටිහහොත් පමණක් සුබවාදීව වාසනාව කරපින්නා ගත හැකි වන්නේ ය.

කිසියම් ජන්මියෙකු ජන්ම දායාදය ලබා ජන්ම ලග්නය, හතර, හත, දහය යන්නා වූ කේන්ද්‍රස්ථානයක් බලවත්ව සිකුරු ග්‍රහයා සිට එනම් උච්ඡක්ෂේත්‍රව එසේත් නැතිනම් ස්වක්ෂේත්‍රව යෙදී ඇත්නම් මාලවී යෝගය යෙදී තිබෙන බව සක්සුදක් සේ පැහැදිලිව ප්‍රකාශ කළ හැකි ය. මාලවී යෝගය යෙදී තිබුණත් කිසියම් ජන්මියෙකුට අසුබවාදී ග්‍රහචාරයනටද මුහුණ දීමට සිදුවීම වළකාලන්නට නොහැකි වේ.

සිකුරු නැමැති කිවි ග්‍රහයාගේ බලසම්පන්න තේජෝ බල පරාක්‍රම මහිමය නිසා මාලවී යෝගය යෙදෙන්නේ ය. ග්‍රහ මණ්ඩලයේ ඉතා ශෘංගාරාත්මකව හැසිරෙන සිකුරු වඩාත්ම ඇලුම් කරන්නේ ජනසමාජයට, සුපිරිසුදු පරිසරයට, ආදර බන්ධනයට, කාමාස්වාදයට සහ විසිතුරු ඇඳුමට, පැළඳුමට ය. මාලවී යෝගය ලබා ඇති ජන්මියා ඉහත කී දෑ සුවිශේෂ වේ.

 

ජාත්‍යන්තර ඡ්‍යොතිෂ විද්‍යාවිශාරද, මහාචාර්ය

හේමපාල පතිරණ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.