රාජ්‍ය වර්ෂ 2021 සංවත්සර ග්‍රහ බලය

අප්‍රේල් 9, 2021

සත්කලත්‍ර ,රවි ශුක්‍ර, සස, මයුරපාල, අර්ධ , කාලසර්ප, කර්මශාප, ශර්පශාපයෝග බලැතිවන සෙනසුරු ඒරාෂ්ඨකය චන්ද්‍ර ශුක්‍ර රවි චන්ද්‍ර සංයෝග , ශනි චන්ද්‍ර -රවි කුජ, චතුර් කෝණ 1 රවි කුජ – ගුරු චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ටි මේෂ රාශිය, මේෂ නවාංශකය, අස්විද 01 පාදය, පෙරදැරිව රාජ්‍ය වර්ෂ 2021 අපි‍්‍රයෙල් 14 බුධ දින පූර්වභාග 02.33 ට බ්‍රහස්පති හිමි මීන රාශියෙන් අඟහරු මේෂ රාශියට සූර්ය දිව්‍යය රාජයා ණෝ සංක්‍රමණයෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙන්නේය.

රාජ්‍ය වර්ෂ 2021 විශ්ව ග්‍රහචාරය

සත්කලත්‍ර ,රවි ශුක්‍ර, සස, මයුරපාල, අර්ධ , කාලසර්ප, කර්මශාප, ශර්පශාපයෝග බලැතිවන සෙනසුරු ඒරාෂ්ඨකය චන්ද්‍ර ශුක්‍ර රවි චන්ද්‍ර සංයෝග , ශනි චන්ද්‍ර -රවි කුජ, චතුර් කෝණ 1 රවි කුජ – ගුරු චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ටි මේෂ රාශිය, මේෂ නවාංශකය, අස්විද 01 පාදය, පෙරදැරිව රාජ්‍ය වර්ෂ 2021 අපි‍්‍රයෙල් 14 බුධ දින පූර්වභාග 02.33 ට බ්‍රහස්පති හිමි මීන රාශියෙන් අඟහරු මේෂ රාශියට සූර්ය දිව්‍යය රාජයා ණෝ සංක්‍රමණයෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙන්නේය.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි දී සංවත්සර සමාරම්භක මොහොතෙහි සෙනසුරු හිමි මකර රාශිය ද බුධ හිමි කන්‍යා නවාංශකය ද උදාව පවත්නා අතර, සෙනසුරු රාශි බලැතිව ප්ලූටෝ සතුරුව මකර උදා රාශි ගතව ද උදා බ්‍රහස්පති සමව උදා නැප්චූන් සමව 02 වැන්න වූ ධනස්ථානගතව ද අස්තබුධ ස්චක්ෂේත්‍රව 03 වැන්නවූ වික්‍රම ස්ථානගතව ද අස්ත යුරේනස් සිකුරු චන්ද්‍ර සමව ද රවි උච්ච ක්ෂේත්‍රව ද වර්ගෝත්තම බලයෙන් 04 වැන්නේ ද රාහු උච්ච ක්ෂේත්‍රව 05 වැන්නේ ද කර්මස්ථානගතව ද උච්ච ක්ෂේත්‍ර කේතු 11 වැන්නවූ අයස්ථාන ගතව ද විපරීත ග්‍රහ බල සංයෝග වියෝග ගෝචර ග්‍රහන විශ්වතාරකා මන්දාකිණියෙහි නිර්මාණයන් තිවෘත කෙරෙමින් නව වසර විද්‍යමාන වෙන්නේය.

රවි ශුක්‍ර සුසංයෝගය නැප්චූන් ගුරු අඟහරු ෂඩ්කෝණ දෘෂ්ටිබලය මාන්දි ග්‍රහයාගෙන් පීඩිත බ්‍රහස්පති ද 22 වෙනි මාරක දෙර්කාණාධිපති මෙන්ම බාධක ග්‍රහයා ද අඟහරු ලෙස නිර්මාණය වී යාම ධනකුවේරයන්ට ද බලවතුන්ට ද 21 ශත වර්ෂයේ මුල් කාර්තුව දැඩි නොසන්සුන් මානසිකත්වයකට පාත්‍ර වීමෙකි. සොර සතුරු රෝග බිය සැක සාංකා පැතිකඩ තිවෘත වී යාමක් සෞරග්‍රහ මණ්ඩලීය විපරීත බවෙන් සනාථ කෙරෙයි. රාජ්‍යය තාන්ත්‍රිකයන්ගේ දැඩි අවධානය මත ශුභ හිතවාදි ජන ජීවිත රටා දෘෂ්‍යමාන කෙරෙන සුළුයි. කැරළි කෝලාහල යුද බිය මෙන්ම කාලගුණික, දේශගුණික විපරීත විපර්යාස ප්‍රවර්ධනය වන බවක් ද විද්‍යමාන වෙයි.

ශක වර්ෂ 1943 හෙවත් රාජ්‍ය වර්ෂ 2021

 

සිංහල අලුත් අවුරුදු සිරිත්

සූර්ය වර්ෂ චන්ද්‍ර වර්ෂය නවසඳ බැලීම

අපි‍්‍රයෙල් 16 වන සිකුරාදා නවසඳ බලනු මැනවි

පරණ අවුරුද්ද සඳහා ස්නානයට

අපි‍්‍රයෙල් 12 සඳු දින දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට තුණුරුවන් ප්‍රධාන ඉටු දෙවි දේවතාවන් සිහිපත් කොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා මානුෂික ගුණධර්මයන්හි යෙදී වාසය මැනවි.

සිංහල හින්දු අලුත් අවුරුදු සුබ මුහුර්තය 

අපි‍්‍රයෙල් 14 බුධ දින පූර්වභාග 02.33 ට සිංහල හින්දු අලුත් අවුරද්ද උදාවෙන්නේ

 

පුණ්‍ය කාලය

අපි‍්‍රයෙල් මස 13 කුජ දින පස්වරු 08.09 සිට 14 බුධ දින පෙරවරු 08.57 දක්වා පුණ්‍ය කාලය යෙදීම නිර්මාණය වෙන බැවින් අපි‍්‍රයෙල් 13 කුජ දින පස්වරු 08.09 ට පෙරාතුව ආහාරපාන සමඟ බාහිර සියලුම කාර්යභාරයන් අත්හරින්න. පංච නියාම පංචභූත ධර්මතාවයන් ස්මරණය කරමින් බෞද්ධ ආගමික වතාවන්හි නියැළීම ශුභවාදි වෙයි. පුණ්‍ය කාලය අග කොටස තුළ පූර්වභාග 02.33 සිට මෙදිනම පූර්වභාග 08.57 දක්වා ආහර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කරළීම සහ ආහාර අනුභවය පහත සඳහන් ආකාරයෙන් චාරිත්‍රනුකූලව ඉෂ්ට සිද්ධකරලීම යහපත් වෙයි.

ආහාර පිසීම

අපි‍්‍රයෙල් 14 බුධ දින පූර්වභාග 06.17 ට ලා කොළ පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා ලිප බැඳ එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම යහපත් වෙයි.

වැඩ ඇල්ලීම – ගනුදෙනු කිරීම ආහාර අනුභවය

අපි‍්‍රයෙල් 14 බුධ දින පූර්වභාග 07.41 ළා කොළ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවයට චාරිත්‍රානුකූලව ශුභයි.

හිසතෙල් ගෑම

අපි‍්‍රයෙල් 17 සෙනසුරාදා පූර්වභාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැතිි වස්ත්‍රාභරණ දරා නුග පත් යුෂ මිශ්‍ර නානු තෙල් ද ගා ස්නානය ශුභයි.

රැකිරක්ෂා ආදායම් මාර්ග සඳහා පිටත්වීම

අපි‍්‍රයෙල් 19 සඳු දින පූර්වභාග 06.39 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී එළකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබතක් ද කැවිලි වර්ගයක් ද අනුභවකොට දකුණු දිශාව බලා පිටත්වීම ශුභයි.

හිසතෙල් ගෑමේ නානු සම්පාදනය

සුදුසඳුන්, කස්තුරි, ගොරෝචන , කුංකුමප්පු , විෂ්ණුක්‍රාන්ති, කලාඳුරු අල, ඉරිවේරිය, නස්නාරන් මුල්, සස්සඳ මුල්, නෙළුම් දඬු, සැවැන්දරා මුල්, ගොඩමානෙල් අල, බෙලි මුල්, ඊතණ, වෙනිවැල්ගැට මෙකී ඖෂධ තලාකොටා , නැවුම් මැටි භාජනයකට දාන්න. පත අට දෙකට සිඳ දිවුල්පත් සහ දෙහි යුෂ මිශ්‍රකොට පිරිසුදු පෙරහන් කඩකින් පෙරාගන්න. තලතෙල්, මීතෙල්, අබතෙල්, කොහොඹ තෙල්, එඬරු තෙල් යන පස්තෙල් ද නානු සමඟ මිශ්‍රකර ගන්න. නානු සහ තෙල් බලගතු නිසි දැහැන් පිරිත්වලින් ආරක්ෂා කොට තබා ගන්න. හිසතෙල් ගෑමේ මොහොතට නිසි දිශාව බලා ආශිර්වාද සෙත් ශාන්තියෙන් හිස ගානු මැනවි.

 

කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.