පැවතුණ කාලසර්ප යෝගය මාර්තු 10 වැනි දින පූර්ණ වශයෙන් ඉවත් විය

මාර්තු 26, 2021

යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයින්ගේ ග්‍රහ ගමන අනුවද මෙම කාලසර්ප යෝගය වෙනස් වන්නේ නැත. මෙම ග්‍රහයින් තිදෙනා පෘථිවි තලයෙන් බොහෝ ඈතින් පිහිටා සිටින බැවින් ඔවුන්ගෙන් විහිදෙන ග්‍රහ කිරණ විශ්වයට ලැබෙන්නේ අවම වශයෙනි. එහෙත් ඕසෝන් තලයේ පවතින සිදුරු නිසා මෑත කාලයේ යුරේනස්, නැප්චූන්, ප්ලූටෝන් ආදි ග්‍රහයින් ද පෘථිවියට හා එහි වෙසෙන සත්වයින්ට සහ වෘක්ෂලතා ආදියට යම් බලපෑමක් වූ බව අද වන විට සනාථ වී ඇත.

යෝග ඵල අතර බොහෝ දුරට අශුභ ඵල භුක්ති විඳීමට හේතුවන ග්‍රහ යෝගයක් ලෙස කාලසර්ප යෝගය දැක්විය හැකිය. රවි,සඳු,කුජ,බුධ,ගුරු,සිකුරු,ශනි ආදි සප්ත ග්‍රහයින් මෙම රාහු සහ කේතු යන දෙදෙනාට මැදිවීමෙන් මෙකී කාලසර්ප යෝගය උදා වේ.

සඳු, දින 2 1/2 කට පමණ වරක් රාශි මණ්ඩලයේ ගමන් කරන නිසා මෙකී කාලසර්ප යෝගය දින 15කට වතාවක් සඳුගේ ගමන නිසා අර්ධ කාලසර්ප යෝගයට පත් වුවත් සැබෑ වශයෙන් මෙම කාලසර්ප යෝගය ඉවත් වීමට නම් රවි,කුජ,බුධ,ගුරු,සිකුරු,ශනි ආදි ග්‍රහයෙකු මෙම රාහු සහ කේතු නිර්මාණය කර ඇති කාලසර්ප යෝග බලය මඟහරවා ඉදිරියට යා යුතුය. එවිට එම රාහු පසුකර යන්නේ කුජ ග්‍රහයාද ඒ හේතුවෙන් කුජ දීප්ති නැමැති වටිනා යෝගයක් ද නිර්මාණය වේ. මේ අනුව කාලසර්ප යෝගය බිඳී නිර්මාණය වන දීප්ති යෝග 5ක් දක්නට ඇත.

කුජ දීප්ති යෝගය, ගුරු දීප්ති යෝගය, කිවි දීප්ති යෝගය, ශනි දීප්ති යෝගය, බුධ දීප්ති යෝගය වශයෙනි. ඇතැම් අය රවි දීප්ති යෝගය සඳු දීප්ති යෝගය ආදි වශයෙන් පෙන්වතත් රවිට හෝ සඳුට අමුතුවෙන් දීප්තියක් අවශ්‍ය නැත. ග්‍රහ ලොව මව හා පියා වශයෙන් සැලකෙන්නේ දිවා කාලයේ දීප්තිමත් කරන සූර්යයාත් රාත්‍රී කාලයේ දීප්තිමත් කරන සඳුත් නිසාය.

යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ යන ග්‍රහයින්ගේ ග්‍රහ ගමන අනුවද මෙම කාලසර්ප යෝගය වෙනස් වන්නේ නැත. මෙම ග්‍රහයින් තිදෙනා පෘථිවි තලයෙන් බොහෝ ඈතින් පිහිටා සිටින බැවින් ඔවුන්ගෙන් විහිදෙන ග්‍රහ කිරණ විශ්වයට ලැබෙන්නේ අවම වශයෙනි. එහෙත් ඕසෝන් තලයේ පවතින සිදුරු නිසා මෑත කාලයේ යුරේනස්, නැප්චූන්, ප්ලූටෝ ආදි ග්‍රහයින් ද පෘථිවියට හා එහි වෙසෙන සත්වයින්ට සහ වෘක්ෂලතා ආදියට යම් බලපෑමක් කරන බව අද වන විට සනාථ වී ඇත.

කෙසේ වුවද මෙම අහිතකර කාලසර්ප යෝගය දැනට ග්‍රහ මණ්ඩලයේ මතුව ඇත. ඒ අර්ධ කාලසර්ප යෝගයක් වශයෙනි. මෙම කාලසර්ප යෝගය බොහෝ විට ජීවිතවලට කරදර කම්කටොළු බාධක ඇති කරන අශුභ යෝගයක් ලෙස දැක්විය හැකි වෙතත් ඇතැම් විට එම බාධක කරදර කම්කටොළුවලට මුහුණ දී ඒවා ජයගෙන ලෝ පතළ රාජ්‍ය නායකයින් කලාකරුවන් සුපිරි ධනවතුන් ද බිහිව ඇත. එසේ සිදුවනුයේ කාලසර්ප යෝගය පවතින අවස්ථාවේ වුවද රවි, සඳු ආදි මෙම සප්ත ග්‍රහයින් බලවත්ව සිටීම සහ ශුභ නැකැත්වල ගමන් කිරීම මෙන්ම කාලසර්ප යෝගය අභිබවා මතුකරන වෙනත් යෝග බල නිසාය.

නිදසුනක් ලෙස මෙකී අර්ධ කාලසර්ප යෝගය පවතින මෙම කාල වකවානුවේ 2021 පෙබරවාරි 20 දක්වා අඟහරු බලවත්ව රුචක යෝගය සහ අඟහරු මේෂ රාශියේ බලවත්ව ගජකේසර යෝගය යෙදීමෙන් සහ සෙනසුරු මකර රාශිගතව ශ්‍රී කාන්ති යෝගය සහ සස යෝගයද නීච භංග රාජ යෝගයද පැවතීම දැක්විය හැකිය.

දැනට විශ්ව කේන්ද්‍රයේ මෙකී කාලසර්ප යෝගය දෙවැනි වෘෂභ රාශිය සහ අටවැනි වෘශ්චික රාශිය අතර යෙදී ඇත. දෙවැන්න හා අටවැන්න අතර පිහිටන මෙකී යෝගය කුලික යෝගය ලෙස හඳුන්වන අතර අශුභම කාලසර්ප යෝගයකි. ශරීර ශක්තිය පිරිහීමට, වසංගත රෝග මතු වීමටත් මෙම කුලික යෝගය හේතුවන බව පෙනේ. එහෙයින් දැනට පවතින වසංගත රෝගයට මෙම කුලික නමැති කාලසර්ප යෝගයද විශ්වයට යම් ආකාරයකින් බලපාන බව දැක්විය හැකිය. දැනට ලංකා කේන්ද්‍රයේ මෙම යෝගය රාහු හතර වැන්නෙත් කේතු දහවැන්නේ සිට යෙදී ඇත. එය සංඛපාල නමැති කාලසර්ප යෝගය වශයෙන් හඳුන්වා ඇත. චිත්ත පීඩා බහුල වීමත් රැකීරක්ෂා ප්‍රශ්න උද්ගත වීමටත් මෙම සංඛපාල නැමැති අශුභ කාලසර්ප යෝගයද හේතු වන බව පෙනේ.

අනේක යෝගය නොහොත් ප්‍රදීප යෝගය ලෙස රාහු ලග්නයේ සහ කේතු හත්වැන්නේ යෙදීමෙන් ඇතිවන කාලසර්ප යෝගය දැක්විය හැකිය. වෘෂභ ලග්න හිමියනට දැනට ඇත්තේ මෙම කාලසර්ප යෝගයයි. රාහු දෙවැන්නේත් කේතු අටවැන්නේත් යෙදීමෙන් ඇතිවන කුලික නමැති කාලසර්ප යෝගය මේෂ ලග්න හිමියනට යෙදී තිබුණි. වාසුකී යෝගය ලෙස රාහු තුන්වැන්නෙත් කේතු නවවැන්නේත් යෙදීමෙන් ඇතිවන කාලසර්ප යෝගය දැක්විය හැක. මීන ලග්න හිමියනට දැනට පැවතුනේ මෙම කාලසර්ප යෝගයයි. රාහු හතරවැන්නේත් කේතු දහවැන්නේත් යෙදීමෙන් ඇතිවන සංඛපාල නමැති කාලසර්ප යෝගය කුම්භ ලග්න හිමියනට යෙදී තිබුණි.

පද්ම කාලසර්ප යෝගය ලෙස රාහු පස්වැන්නෙත් කේතු එකළොස්වැන්නේත් යෙදීමෙන් ඇතිවන කාලසර්ප යෝගය දැක්විය හැක. මකර ලග්න හිමියනට තිබුණේ මෙම කාලසර්ප යෝගයයි. රාහු හයවැන්නේත් කේතු දොළොස්වැන්නේත් යෙදීමෙන් ඇතිවන මහා පද්ම නමැති කාලසර්ප යෝගය ධනු ලග්න හිමියනට යෙදී තිබුණි.

තත්සත යෝගය ලෙස රාහු හත්වැන්නෙත් කේතු ලග්නයේ යෙදීමෙන් ඇතිවන කාලසර්ප යෝගය දැක්විය හැක. වෘශ්චික ලග්න හිමියනට පැවතුණේ මෙම කාලසර්ප යෝගයයි. රාහු අටවැන්නේත් කේතු දෙවැන්නේත් යෙදීමෙන් ඇතිවන කර්කොටකා නමැති කාලසර්ප යෝගය තුලා ලග්න හිමියනට තිබුණි. කාල යෝගය ලෙස රාහු නවවැන්නේත් කේතු තුන්වැන්නෙත් යෙදීමෙන් ඇතිවන කාලසර්ප යෝගය දැක්විය හැක.

කන්‍යා ලග්න හිමියනට පැවති ඇත්තේ මෙම කාලසර්ප යෝගයයි. රාහු දහවැන්නේත් කේතු හතරවැන්නේත් යෙදීමෙන් ඇතිවන ශටක නමැති කාලසර්ප යෝගය සිංහ ලග්න හිමියනට යෙදි තිබුණි. විශෝදන යෝගය ලෙස රාහු එකළොස්වැන්නේත් කේතු පස්වැන්නෙත් යෙදීමෙන් ඇතිවන කාලසර්ප යෝගය දැක්විය හැක. කටක ලග්න හිමියනට පැවතුණේ මෙම කාලසර්ප යෝගයයි. රාහු දොළොස්වැන්නේ කේතු හයවැන්නේත් යෙදීමෙන් ඇතිවන ශිසටග කාලසර්ප යෝගය මිථුන ලග්න හිමියනට යෙදී තිබුණි.

මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ මෙකී යෝග විස්තර කීරීමක් නොව කාලසර්ප යෝගය අහිතකර යෝගයක් බවත් විද්‍යමාන වන විවිධ ශුභ ග්‍රහ යෝග නිසා එකී මුහුණදීමට සිදුවන එක්තරා අභියෝගාත්මක කාල සීමාවක් මෙකී කාලසර්ප යෝගයෙන් උදාවූ බවත්ය.

රාහු සහ කේතු යන දෙදෙනාම සඳුට හිමි රෙහෙණ නැකතේ ගමන් ගැනීමත් බලවත් වූ සෙනසුරු රාහුට අයත් සියාවස නැකතේ ගමන් ගැනීමත් කාගෙත් අවධාරණය යොමු කළ යුතු කරුණක් බවට පත් විය.

කුජ වෘෂභ රාශියට ප්‍රවිෂ්ට වීමත් සමඟ බොහෝ දෙනෙක් මෙම යෝගය ඉවත් වී ගිය බව සඳහන් කළද එම සංයෝගයෙන් ද මිදී ඉවත් වී ගිය පසු මෙම කාලසර්ප යෝගය පැහැදිලිවම ඉවත් වූ බව කිය හැකිය.

මෙකී කුජ නොහොත් අඟහරු ක්‍රමයෙන් වෘෂභ රාශියේ ඉදිරියට යන විට මුලින් සඳහන් කළ කුජ දීප්ති යෝගයේ බලය ප්‍රබල වේ.

 

මෘදුකාංග ඉංජිනේරු

හර්ෂණී විජේරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.