කීර්ති රේඛාව අත්ල මැදින් ආරම්භ වීම හදිසි ධන ලාබ ලැබීමට හේතු වෙයි

පෙබරවාරි 12, 2021

 

දෛවරේඛාවෙන් දැක්වෙන දියුණුව ප්‍රබල තත්ත්වයකට පත් කිරීමේ සුවිශේෂ බලයක් ඇති මෙම රේඛාව බොහෝ අය සලකන්නේ දෛව රේඛාවෙන් විහිද යන වාසනා රේඛාව වශයෙනි. මෙම රේඛාව කුමන ස්ථානයකින් ආරම්භ වූවත් අත්ල හිමියාට සුබ ඵලට ගෙන දෙයි.

 

අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් තවත් රේඛාවකි කීර්ති රේඛාව. රවි ඇඟිල්ල හෙවත් වෙදගිල්ලේ මුලට (රවි මණ්ඩලය) විහිදයන රේඛාව නිසා මෙය රවි රේඛාව නමින්ද හඳුන්වයි. රවි මණ්ඩලයෙන් අවසන් වන නිසාම කීර්ති රේඛාවෙන් බොහෝවිට ප්‍රකාශවන්නේ රවි ග්‍රහයාට හිමි ගතිගුණයි.

 

ඉංගී‍්‍රසි අකුරුවලින් දැක්වෙන්නේ එම කීර්ති රේඛාවයි. කෙනෙකුගේ කීර්තිය, ප්‍රසිද්ධිය සමාජයෙන් ලැබෙන ගරු බුහුමන් ආදිය කීර්ති රේඛාවෙන් පෙන්නුම් කරයි. කලා කෞශල්‍ය ප්‍රතිභා ශක්තිය ඇතුලු පුද්ගලයා සතු උපන් දක්ෂතාවන් ද මෙම රේඛාවෙන් සටහන් වෙයි. හදිසි ධන ලාභ ජයග්‍රහණ ආකර්ෂණය ආදී ගුණාංගයන් ද මේ රේඛාවමගින් ප්‍රකට කෙරෙහි මෙම රේඛාව හැම අයෙකුගේම අතක නොපිහිටියත් තමන්ගේ වාසනාව උදා වන විට එම රේඛාව මතුවිය හැකියි. සාමුද්‍රික ශාස්ත්‍රය අනුව කියැවෙන්නේ කීර්ති රේඛාව අත්ලක නොපිහිටියේ නම් ඔහුගේ හෝ ඇයගේ හෝ දියුණුව සීමාසහිත වන බවයි. උසස් ලෙස දියුණුවට පත් බොහෝ දෙනෙකුගේ අත්වල මෙම රේඛාව පැහැදිලිව පිහිටයි.

දෛවරේඛාවෙන් දැක්වෙන දියුණුව ප්‍රබල තත්ත්වයකට පත් කිරීමේ සුවිශේෂ බලයක් ඇති මෙම රේඛාව බොහෝ අය සලකන්නේ දෛව රේඛාවෙන් විහිද යන වාසනා රේඛාව වශයෙනි. මෙම රේඛාව කුමන ස්ථානයකින් ආරම්භ වූවත් අත්ල හිමියාට සුබ ඵලට ගෙන දෙයි. කීර්ති රේඛාව දෛව රේඛාවෙන් (ඒ) ආරම්භ වුවහොත් ස්ව උත්සාහයෙන් අත් හිමියා උසස් දියුණුවකට පත්විය හැකියි. දීර්ඝ කාලයක සිට බලාපොරොත්තුව සිටි උසස් තනතුරකට පත්වීම, ව්‍යාපාරයේ දියුණුව ආදියත්, හදිසියේම වාසනාවේ ඉහළටම නැගීමත් පෙන්නුම් කරයි. තවද එම අයගේ හැකියාවන්හි බලයත්, එමෙන්ම කාලයක සිට දැරූ උත්සාහයකට දෛවරේඛාවෙන් ලැබෙන ආධාරයත් එමගින් පෙන්නුම් කරයි. වාසනාව මතුවීමට අවුරුද්දකට දෙකකට කලින් මෙය පෙර නිමිත්තක් සේ අත්ලේ සටහන් වෙයි. දිනපතාම ප්‍රයත්නයන් එකතුවීමෙන් විශ්වාංසය තැබිය හැකි සලකුණක් සේ නිසි පල දරනු ඇත.

ස්ත්‍රියකගේ අතක් කීර්ති රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් (බී) ආරම්භ වුවහොත් පුරුෂ පක්ෂයෙන් ලැබෙන සහාය මත වාසනාව හා දියුණුව සැලසෙන බවත්, පුරුෂයෙකුගේ අතක එම අයුරින් කිර්ති රේඛාව ආරම්භවුවහොත් ස්ත්‍රී පක්ෂයෙන් ලැබෙන ආධාර උපකාර මත වාසනාව දියුණුව සැලසෙන බවත් පෙන්නුම් කරයි.

යමෙකුගේ ඉහළ කුජ මණ්ඩලය සහ බුධ මණ්ඩලයත් අතර ප්‍රදේශයෙන් (සී) කීර්ති රේඛාව ආරම්භ වුවහොත් හෙතෙම අතිශයින්ම නිර්භීත යුද උපක්‍රමයෙහි දක්ෂයෙක් වෙයි. ධනයත්, කීර්තියත් නිරායාසයෙන්ම ඔවුන් කරා ගලාඑයි. ආරක්ෂක අංශයේ ඉහළ තනතුරු දරන බොහෝ අයගේ අත්වල මෙම සලකුණු දැකිය හැක. අත්ලේ මැද හෙවත් කුජ තලාවෙන් (ඩී) මෙම රේඛාව ආරම්භ වුවහොත් එම තත්ත්වය ලබා ගැනීමට දහසක් බාධකවලට මුහුණදිය යුතු ය. චන්ද්‍ර මණ්ඩලයත් සිකුරු මණ්ඩලයත් අතරින් ආරම්භ වී රවි මණ්ඩලයට යෑමද (ඊ) සුබ පිහිටීමකි. අසහාය බුද්ධිබලයේත්, ධන බලයේත් සංකේතයක් වශයෙන් එය සැලකිය හැක. ජීවන රේඛාවෙන් පටන්ගෙන රවි මණ්ඩලය දෙසට (එෆ්) ඇදෙන කීර්ති රේඛාව පෙන්නුම් කරන්නේ උත්සාහයෙන් ලබාගත් කීර්තිය හා ප්‍රසිද්ධියයි.

මෙම සලකුණු ඇති අය සහජ දක්ෂතාවක් ඇතිව ඉපිද අන්‍යයන්ගේ ආදරය දිනා උත්සාහවන්තව ක්‍රියා කිරීමෙන් නිසි පල දරා කීර්තිය ලබා ගනිති. සමහර අවස්ථාවල මෙම රේඛාව ශීර්ෂ රේඛාවෙන් ද (ජී) ආරම්භ විය හැක. ඔවුහු උසස් විද්‍යාඥයන් හා දර්ශනවාදීහු වෙති. ඔවුන් ප්‍රසිද්ධිය හා ගෞරවයද හිමිකර ගනිති. අවු 20 ත් 25 අතර කාලයේ ඔවුන්ගේ දියුණුව ආරම්භ වේ. කීර්ති රේඛාව හෘදය රේඛාවෙන් පටන් ගැනීම ඔවුන්ගේ ජීවිතයේ පූර්ණ දියුණුවක් ප්‍රකට වෙයි. මුල් කාලයේ කරදර සහිත වුවත් තම උත්සාහයෙන් මැද වයසේ දී උසස් දියුණුවකට පත්වේ. කීර්ති රේඛාව මැණික් කටුව ප්‍රදේශය සමීපයෙන්ම පටන්ගෙන සියලු රේඛාවන් ඡේදනය කරමින් රවිමණ්ඩලය දෙසට විහිද යාම ධනය ගෞරවය, කීර්තිය, යාන වාහන ආදී හැම සම්පතක්ම හිමිවීමට හේතුවක් වෙයි. ඔවුහු සාර්ථක ව්‍යාපාරිකයෝ මෙන්ම ලේඛකයෝද වෙති.

කීර්ති රේඛාව අත්ල මැදින් ආරම්භවීම ලොතරැයි ආදියෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හදිසියේ ධන ලාභයක් ලැබීමට හේතුවෙයි. රේඛාවේ කෙලවර තරුවක සලකුණක් වී නම් ඉහළට කීර්තිමත් බව ප්‍රකට කෙරේ. එය හරස් රේඛාවලින් කැපී ඇති නම් කීර්තියට බාධා පෙන්නුම් කෙරේ. කතිරයකින් අවසන් වීම ඉරකින් අවසානවීමටත් වඩා අශුභය. අවසන්වීම ත්‍රිශූලයක සලකුණකින් නම් කීර්තිය හා ධනය අඩු නොවේ. ත්‍රිශූලයේ අඩු තුන, රවි, බුධ හා ශනි මණ්ඩලය දෙසට විහිද ගියේ නම් එම ප්‍රමාණයට ධනය, බලය හා කීර්තිය හිමි වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.