සිකුරු උච්ච වීමෙන් සුබවාදී කාලයක්

මීන, මිථුන, කන්‍යා, ධනු ලග්නහිමියන්ට ජයයි
ජනවාරි 22, 2021

2021 මාර්තු මාසය ඇරඹෙන්නේ රවි, කුම්භ රාශියේ අංශක 16 කලා 21 විකලා 59 සඳු කන්‍යා රාශියේ අංශක 05 කලා 22 විකලා 48 කුජ වෘෂභ රාශියේ අංශක 03 කලා 53 විකලා 01 බුධ මකර රාශියේ අංශක 19 කලා 48 විකලා 00 ගුරු මකර රාශියේ අංශක 22 කලා 24 විකලා 30 සිකුරු කුම්භ රාශියේ අංශක 09 කලා 52 විකලා 15 ශනි මකර රාශියේ අංශක 14 කලා 17 විකලා 30 රාහු වෘෂභ රාශියේ අංශක 21 කලා 37 විකලා 15 කේතු වෘශ්චික රාශියේ අංශක 21 කලා 37 විකලා 15 යුරේනස් මේෂ රාශියේ අංශක 13 කලා 26 විකලා 30 නැප්චූන් කුම්භ රාශියේ අංශක 26 කලා 06 විකලා 30 හි ගෝචර වන විට ය.

 

මේ අනුව රවි සතුරු මූඩව සඳු, සිකුරු මිත්‍රව කුජ, බුධ සමව ගුරු නීචව ශනි ස්වක්ෂේත්‍රව හා රාහු කේතු උච්චව පවතින අතර මාසය මැද දී 11 වන දින 12.32 පැයට බුධ කුම්භ රාශි ගතව සම වත් 14 වන දින 18.03 පැයට රවි මීන රාශි ගතව මිත්‍රවත් 17 වන දින 03.01 පැයට සිකුරු මීන රාශි ගතව උච්ච වත් ග්‍රහ චාරයන් සිදු වේ.

මේ අනුව 14 වන දින මීන කෝණ මාසය ඇරඹෙන අතර ශක වර්ෂ 1942 අවසන් මාසය උදාවේ. මෙයින් ඵලදායී ග්‍රහ මාරුව සිකුරු ග්‍රහයා සතුවන අතර සිකුරු මීනයේ උච්ච වීම සුන්දර වූ වසන්තය තවත් සෞන්දර්යය වීමට හේතු වේ. ඒ සමඟම රවි මෙතෙක් පැවැති සතුරු මූඩ භාවයෙන් මිදී මීනයේ මිත්‍රත්වයට පත්වීම ද සැලකිය යුතු ශුභවාදී වාතාවරණයකට ඉවහල් වේ. ඒ අනුව රවි සිකුරු මීනයේ සංයෝග වන අතර කලා ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති වේ. ආර්ථිකය යහපත් වේ. භව භෝග වර්ධනයට හේතුයි. විවාහයන් අධික වේ. ස්ත්‍රී පක්ෂයට වඩාත් ශුභයි. අක්ෂි රෝග පැතිර යා හැකි ය. ඇඳුම් පැළඳුම් අලංකාර නිමැවුම් භාණ්ඩ කලා නිර්මාණයන්වලට යහපත් වෙළඳ පලක් ඇතිවේ. සිකුරුගෙන් යෙදෙන මහෞෂධ යෝගය මෙම තත්ත්වයට වඩාත් බලපාන අතර මීන, මිථුන, කන්‍යා, ධනු ලග්නධාරීන්ට හා එම ලග්නවලින් උපදින්නන්ට බොහෝ ශුභඵලදායී වේ.

එහෙත් මීන කෝණ මාසය ඇරඹෙන මාර්තු 14 වෙනි දිනෙන් පසු විවාහ කටයුතු, නිවාස ඉදිකිරීම් කටයුතු වැනි පුද්ගලයන්ට වඩාත් බලපාන කටයුතුවලින් වැළකී සිටිය යුතු ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.