ධනවතකු වීමේ වාසනාව ඔබේ කේන්ද්‍රයෙන්

ජනවාරි 8, 2021

වත්මන් සංකීර්ණ සමාජය තුළ පැතිර ඇති මුදල් සංසරණය හරහා සෑම මිනිත්තුවකම ඉපයීමට උනන්දුවන අය අධික වෙයි. සල්ලිවලට කවුද ආස නැත්තේ?

එදත් අදත් මුදල් වලට හිමිවී ඇත්තේ අසීමිත බලයකි. හොඳින් හෝ නරකින් මුදල් අයිති කර ගැනීමට සෑම නිමේෂයකදීම පොර බදිමින් සිටින බැව් නොරහසකි.

ලොතරැයි පත් සූරන්නේ ද ඒ අරමුණ සඳහා ය. මුදල් සෙවීම සඳහා රාත්‍රී සමාජ ශාලා කරා යන්නවුන් ද එන්න එන්නම වැඩිය. ලක්ෂ ගණන් මුදල් වැයවන මුදල් ක්‍රීඩා දක්නට ඇත. සල්ලි සෙවීමට කොපමණ උත්සාහ කළත් එය නොලැබෙන පිරිස වැඩිය. එක් පැත්තකින් කෙනෙකු අතට මුදල් ලැබෙන අතර, තවකෙකුට මුදල් නොලැබෙන්නේ දෛවයේ් කුරිරු සරදමක් නිසාද විය හැකි ය.

දෛනික ජීවිතය පවත්වාගෙන යාමට මුදල් අවශ්‍ය වේ. මිනිස් වර්ගයාගේ පැවැත්මට අතිශයින්ම මිල මුදල් අවශ්‍ය වේ. සමාජයේ පන්ති පරතරය ඇතිවන්නේ ද මුදල් හරහා ය. සල්ලි සොයන්න නොදරන උත්සාහයක් නැත. එකෙකු හඹාගොස් සල්ලි සෙවීමට උත්සාහ කරනු ඇත. කොතෙක් වෙර දැරුවත් අපේක්ෂිත ආකාරයට කෙනෙකුට මුදල් නොලැබේ. එහෙත් සමහර අයට මුදල් ළඟා වන්නේ වතුර ගලන්නාසේය. උත්සාහයෙන් මෙන්ව නිකංම ධනය අතට ලැබුණ අය කොතෙකුත් සිටී.

මහපාරේ ස්වීප්ටිකක් අත තබාගෙන යන එන අයට විකුණමින් සිටින විට එක්තරා ලොතරැයි පතකට කෝටි ගණනක මුදලක් හිමිවිය. එවැනි අය අප අතර සිටී. පොහොසත් වීම හෝ දුප්පත්වීම සිය දෛවයේ ඉරණම නැත්නම් සරදම අනුව සිදුවේ යැයි බොහෝ අය විශ්වාස කරයි.

ධනය ගැන කියැවෙන මූලාශ්‍රීය කරුණු ඔබේ ජන්ම පත්‍රයේ සඳහන් වී ඇත. ධන හා නිර්ධන යෝග ද පවතී. ඒ ගැන ගැඹුරින් නිරීක්ෂණය කළ යුතු වේ. කේන්ද්‍ර බැලීමේ දී 2 හා 11 වැන්නට පමණක් ධනය සම්පත් මිල මුදල් ගැන වගකීමට වඩා අසුබ තැන්වලින් ද සාර්ථක ප්‍රතිඵල ලැබෙන බැව් සත්‍යයකි. අට වැන්න වුවද සෑහේ. ලග්නය 2, 5, 9, 11 යන භාව ස්ථානයන්ගෙන් සම්පත් මුදල් ලැබේද යන්න ගැන කියැවේ. ධන යෝගය උදාකර දීමට අනුකාරකී තැන් ලෙස 2 වැන්න හා 11 වැන්න අධිපතීන්ගේ බලශක්තිය සොයාබැලිය යුතු යි. 2 වැන්න හා 11 වැන්නාධිපතීන් ලග්නයේ සිටීම ප්‍රබල ග්‍රහයෝගයකි. 2 වැන්නාධිපති තැන්පත්ව සිටි භාවයෙන් 2 වැන්නාධිපති හා ලග්නාධිපති සංයෝගව 5 හෝ 9 වීමද 2 වැන්නාධිපති බලවත්ව 9, 10, 11 යන ස්ථානවලින් එකක්වීම ද හේතුවෙන් ධනය හා සම්පත් මූල්‍ය සංවර්ධන ඇතිවේ.

ලග්නාධිපති 2 කේතු 11 වැන්නාධිපති 10 වැන්නේ ද සිටියදී ඉන් එක් අධිපතියෙකුට හෝ ගුරුගේ පෙනීම ලැබූවිට 2 - 9 - 11 අධිපතීන් බලවත්ව පිළිවෙලින් සිය රාශි තුළ සිටීමෙන් හිටි අඩියේ විශාල ලෙස මුදල් අතට ලැබේ. 2 වැන්නාධිපතියා 2 වැන්නේ ද 5 වැන්නාධිපතියා පස් වැන්නේ වීම නිසා වහාම මුදල් අතට ලැබේ. 5 වැන්නේ ශනි ක්ෂේත්‍රව සිටියදී 11 වැන්න හා 2 වැන්න බලවත් වූ විට මුදල් අතට ලැබේ.

5 ගුරු ස්වක්ෂේත්‍රව 11 වැන්නේ සඳු හා කුජ යෝග වූ විට විශාල ලෙස සම්පත් ලැබේ. 11 වැන්නාධිපති සුබයින් සමඟ යෝගවීමෙන් එය ධනය හිමි වන යෝගයකි. ග්‍රහයින් සිවු දෙනෙක් ස්වක්ෂේත්‍රවීමද 1, 4, 7, 10 යන තැන් හතරේම සුබ ග්‍රහයින් සිටීමෙන් ද විශාල ධනයක් අතට ලැබේ.

2 වැන්නාධිපති 8 වැන්නේ වීම ද 8 වැන්නේ සෞම්‍ය ග්‍රහයින් සිටීම හරහා ද විශාල ලෙස ධනය ලැබෙන බැව් පෙනේ. මේ අනුව බලන විට 2 හා 11 වැන්න පමණක්ම විශාල ධන සම්පත් හිමිවන බැව් නොපෙනේ.

ඡ්‍යොතිෂයේ විශාල ලෙස ධන සම්පත් ලැබෙන ග්‍රහ යෝග හැසිරීම් රටා ඇත්තේ ය. මේවා පලදෙන අතර, සමහර අයෙකුට විශාල ලෙස මිල මුදල් ලැබී ඒවා වහා විනාශ වන තැනට කරුණු යෙදේ. මුල් කාලයේ මහා මන්දිර යාන, වාහන, දේපළ, බැංකු, ගිණුම්වලින් මහා ධනකුවේරයෙක් වී සිට පසුකාලයේ ඒවා සියල්ලම නැත්තටම නැති වී මහමගට බසින අයද මේ අතර වේ.

දැවන්ත සූදුවෙන් පැරදුන එක්තරා කෝටි ප්‍රකෝටිපතියෙක් (ව්‍යාපාරිකයෙක්) අද වන විට සියදිවි නසා ගන්නා තැනට පත් වී සිටී. මානසික රෝගි තත්ත්වයට පත් වී ඇති බැව් පෙනේ.

 

ඡ්‍යොතිෂ විද්‍යාවේ සඳහන් පරිදි ධන යෝග මහත් රාශියක් තිබේ. ලග්නාධිපති නීචවීම හෝ 9 වැන්නාධිපති නීච වීම නිසා වැඩි කාලයක් ධනය රඳා නොසිටී. ලැබෙන ධනය කෙටි කලකින් තවත් කෙනෙකු අතට පත්වේ. එක්තරා කෙනෙකුට සිය රැකියාව අවසන් වන විට අති විශාල මුදල් ප්‍රමාණයක් අතට ලැබින. අර්ථසාධක අරමුදලට අමතරව මැදිවියේ සිටි මොහු අනියම් සබඳතාවයක් ඇතිකර ගැනීම නිසා අත මිට තිබුණ මහා ධනස්කන්ධයක් අහිමිකර ගන්නා ලදී.

එයට පාදක වූයේ තෙවැනි සිල් පදය කැඩීම නිසා ය. ලක්ෂ 20 කටත් වැඩි ප්‍රමාණයකි. අතට ලැබුණ මුදල් වහා වැය වන තැනට පත්වේ. මෙය එක්තරා අන්දමකින් ගැඹුරින්ම සිතා බලන විටදී ග්‍රහ බලය අසුබම තත්ත්වයෙන්ම නොවේ. සියල්ලම ග්‍රහයින්ට බාරදී ක්‍රියා කිරීම මෝඩ වැඩකි. කෙසේ වෙතත් ධනය ලැබීමත් එය දිගටම පවත්වාගෙන යෑමටත්, ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම වැදගත් වේ.

විශාල ධනවතෙක් වුවද හදිසි කරදර විපත් ගෙන දීමට ලග්නාධිපති හෝ නවවැන්නාධිපතියාගේ නීච වීම බලා ඇති ආකාරය ග්‍රහ පරීක්ෂණවලදී හෙළී වී තිබේ. 6 වැන්නාධිපති අට වැන්නාධිපතිගේ හෝ 12 වැන්නාධිපතිගේ අහිතකර බලපෑම්වලින් රාහු සංයෝග වූ විට ද ධනය පිරිහී කඩා වැටී බලය දුර්වල වන බැව් පෙනේ.

සමහර විට විදේශ රැකියා හරහා විශාල ලෙස ධනය උපයාගෙන පසුව ධනවතුන් බවට පත් වූ අයද විශාල ලෙස සිටින බව පැහැදිලි ය. එයට ග්‍රහ හැසිරීම් රටාව ගැන නිරීක්ෂණය කළයුතු වේ. කාලීන වශයෙන් වැදගත් වන්නේ ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.