නව වසරක් උදාවෙයි

ජනවාරි 1, 2021

වසර යනු වටයක් සැරීම යන අරුත ඇති වදනකි. අප වසන පොළොව හිරු වටා යන ගමනේ එක් වටයක් සපිරී ඊළඟ වටය ඇරැඹීම මෙයින් අදහස් කැරෙයි. මේ වටයේ ඇරඹුම් පළ කොතැන ද නිමැවුම් පළ කොතැන ද යනු ඊළඟ පැනය යි.

දොළොස් මසක් සපිරී ගිය පසු ඊළඟ වසර ඇරැඹෙයි. බටහිර ලොවේ බලවතුන් මේ දොළොස් මසට යොදා ඇති නම් සේ මැ වසරේ ඇරැඹුම්පළ ද, ඒ ඒ මසට යොදන දින ගණන් ද, කලින් කලට වෙනස් කැර ඇති බවද පෙන්නුම් කැරෙන ලකුණු ද නැතුවා නො වේ.

දැනට පවතින පිළිවෙළ අනුව වැ ජනවාරි මසැ පළමු වැනි දා වසරේ මුල් දිනය ලෙසත්, දෙසැම්බර් මසැ තිස් එක් වැනි දා වසරේ අවසන් දිනය ලෙසත් සැලැකෙයි. ඒත් සැප්තැම්බර, ඔක්තෝබර, නොවැම්බර, දෙසැම්බර යන මාසවල නම් හතර අනු වැ පෙනෙනුයේ මුලදී වසරේ ඇරැඹුම්පළ ජනවාරි පළමුවැනි දා ලෙස නොසැලැකුණු බව යි. ඒ නම් හතර ඉංගිරිසි බසින් ඉඥනබඩඥථඡඥප, ර්‍ණජබධඡඥප, ව්ධමඥථඡඥප, ච්ඥජඥථඡඥප යැයි කියැවෙයි. මෙහි ඉඥනබ යන්නෙන් හත් වැනි යන අරුත ද ර්‍ණජබ යනුවෙන් අට වැනි යන අරුත ද ව්ධම යනුවෙන් නව වැනි යන අරුත ද ච්ඥජඥ යනුවෙන් දස වැනි යන අරුත ද ලැබෙයි. ඒත් අද සැප්තැම්බරය නව වැනි මාසයයි. ඔක්තෝබරය දස වැනි මාසයයි. නොවැම්බරය එකොළොස් වැනි මාසයයි. දෙසැම්බරය

දොළොස්වැනි මාසය යි.

මේ මාස හතරේ නම්වල අරුත අනු වැ පෙනී යනුයේ මුල් කාලයේ බටහිර ලොවේ වසර ඇරැඹුම්පළ හැටියට සලකා ඇත්තේ මාර්තු මස පළමු වැනි දා බවයි. ගී‍්‍රක අදිරජය බලවත් වූ කාලයේ එම රටේ බලවත් දෙවියකු ලෙස සැලකුණු ජානුස් නම් දෙවිඳුට ගරු කිරීම පිණිස වසරේ ඇරඹුම් චානු + ආරි යන නමින් හැඳින්වෙන මාසයේ පළමු වැනි දා ලෙස සලකා එම මස මුල් තැනට ගෙන ඇති බව යි. ඒත් හත් වැනි, අටවැනි, නව වැනි, දස වැනි යන නම්වලින් හැඳින්වුණු මාස හතරේ නම් ඊට අදාළ වන පරිදි වෙනස් කැර නැති බවයි.

පෙබරවාරි මසට හිමි දින ගණන විසි අටක් වී ඇත්තේ ද අදිරදවාදී බලවතුන් ගේ රිසි ඉටු කිරීමට මිසැ නිසි මැ විදුහුරු පිළිවෙළක් අනුවැ නොවේ. ජුලියස් සීසරයන් ගී‍්‍රක අදිරජයේ බලවතා වූ විට ජූලියා තමන් ගේ නමින් හැඳින්වෙන මාසය ලෙස සලකා, එම මසට ද දින 31 ක් විය යුතු යැයි කියා පෙබරවාරියෙන් දිනයක් අඩු කැර, එම දිනය ජූලි මසට එක් කැර ඇත. ජුලියස් සීසරයනට පසු ඔගස්ටස් සීසරයන් ගී‍්‍රක අදිරජයේ බලවතා වූ විට ඊළඟ මස Qභඨභදබ යැයි නම් කැර එයට ද දින 31 විය යුතු යැයි සලකා, පෙබරවාරියෙන් තවත් දිනයක් අඩු කැර අගෝස්තු මස ද දින තිස් එකේ මසක් බවට පත් කැර ඇත.

මෙසේ බටහිර ලොවේ බලවතුන්ගේ ඕනෑ එපාකම් අනුව වසරේ ඇරඹුම්පළ ද, මාසවල නම් දින ගණන් ද සකසා ඇතිවා මිස, කිසියම් විදුහුරු පිළිවෙළක් අනුවැ සකසන ලද්දක් නො වන බව පෙනෙයි.

පෙර දිග ලොවේ ඇත්තන් විසින් එ වැන්නක් කරන ලද නම් බටහිර ලොවේ ඇත්තන් ඒවා හෙළා දකිනු නොවැළැක්විය හැක. ඒත් බටහිර බලවතුන් කරන දෑ වරදක් වුවත් එය වරදක් ලෙස නොසලකා ඇතිබව පෙනෙයි. මේ හෙළදිවද බටහිර බලවතුන් ගේ යටත් විජිතයක් බවට පත් වැ තැබුණු කාලයේ සිංහල අවුරුදු දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලෙස ඉල්ලා සිටි විට, ඒ ඉල්ලීම ඉටු කැර, එය දින දක්නයේ සඳහන් කැර ඇත්තේ සිංහල හා දෙමළ අවුරුද්ද කියාය. අවුරුද්ද යනු කුමක්ද? එම වදනේ අරුත කුමක්ද යන කරුණු නොසලකා කරන ලද ඒ වරද තවමත් නිවැරැදි කැරගෙන නැත.

අවුරුද්ද යනු හෙළ දැයේ මහඟුªª උළෙලය. එහි යට ගියායවත්, වදනේ අරුත වත් නොදන්නා අයට එය නිවැරදි කැර ගැනීමට තව මැ වුවමනා වී නැත. කිසියම් දෑ උළෙලක් එක් දැයතට මිසැ ජාති දෙකට අයත් විය නොහැක. අවුරුද්ද යන වදනේ අරුත හරි හැටි තේරුම් ගත්තා නම්, සිංහල අවුරුද්ද සිංහල හා දෙමළ අවුරුද්ද යැයි දින දක්නයේ සඳහන් කරන්නේ නැත. ඒ වදන සැදී ඇත්තේ අ + වරු + දු යන කොටස් තුන එක්වීමෙනි. එහි අරුත සලකා බැලිණි නම් එය සිංහල ජාතියට මිස තවත් ජාතියකට අයත් විය නොහැකි බව පැහැදිලි වැ පෙනෙයි. සිංහල රටට සිංහල හා දෙමළ රට යැයි කියන්නේ නැත.

අවුරුද්ද යන වදන නව වසර හැඳින්වීමට යොදා ගැනීම ද තවත් වරදකි. ජනවාරි පළමුවැනිදාට යෙදෙන නව වසර ද අවුරුද්ද යන නමින් හඳුන්වන්නෝ ද සිටිති. අවුරුද්ද යන වදනේ අරුත තේරුම් ගත්තා නම්, වසර, අවුරුද්ද යන වදනින් හඳුන්වන්නේ ද නැත. වසර එකකි. අවුරුද්ද අනෙකකි. ඉහත සඳහන් කළ පරිදි වසර, රජ බලය ඇති අයට කවර තැනකින් හෝ ඇරඹෙන ලෙස ගළපා ගත හැක. අවුරුද්ද එසේ වෙනස් කළ හැක්කක් නො වේ. සිංහල අවුරුද්ද ජාතික උළෙලකි. එය තවත් ජාතියකට හිමිකරන්නට ද රජ බලය ඇති අයට නුපුළුවන.

මෙ වර නව වසර උදාවන මොහොතේ (2021.01.01) ග්‍රහ තත්වය මෙසේ යැ.

ධර්ම කර්මාධිපති රාජ යෝගය ලග්නයේ යෙදී ඇතත් ඒරාෂ්ටක අපලයකුත් පවතී. අට වැන්නේ සඳු ඛේමදෘම යෝගය ද උදා කැර ඇත. කුජ පස් වැන්නේ බලවත් වී ඇතත් 22 වන දෙර්කාණය ද 64 වැනි නවාංසකය ද අධිපතියා වී ඇත. ඒ කුජගෙන් සඳූ පීඩා වී ඇතත් නීච භංග ලග්නාධිපති ගුරුගේ බැල්මද සඳුට වැටී ඇත.

ගුරුට ගජකේෂරී යෝග බලයත් ලැබී ඇත. මේ ග්‍රහ තත්ත්වය අනුව මේ අනුව මෙම වසර කරදර කම්කටොළු සහිත වසරක් වුවත් ධර්ම කර්මාධිපති රාජ යෝගයක් ලග්නාධිපතියා ගේ නීච භංග තත්ත්වයත් ගජ කේෂරී යෝග බලයත් නිසා ඒ කරදර කම්කටොළු මැඬ ගෙන ඉදිරියට යාමට මඟ පෑදෙනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.