ආධ්‍යාත්මික දිවිපෙවෙත හෙළි කරන තෙරේසා මවුතුමියගේ ජන්මපත්‍රය

දෙසැම්බර් 25, 2020

ක්‍රිස්තු වර්ෂ 1910ක් වූ අගෝස්තු 26 වැනි සිකුරාදා රාත්‍රී 07.10ට ඉපැරණි යුගෝස්ලෝවියානු රාජ්‍යයේ තෙරේසා කුමාරිය උපන්නීය.

ඇල්බීනියාන හෙවත් ඉපැරණි යුගොස්ලෝවැකියාවේදී දයාවේ දේවමාතා තෙරේසා දූතිකාව ජම්මලාභය ලද කුල කුමාරියෙකි. 1928දී මෙතුමිය ආධ්‍යාත්මික දිවිපෙවෙතක අතිශයෙන්ම පරම සුන්දර ස්වර්ණමය වූ පාරාදීස ශාන්ත මරියා නම් දැරූ කන්‍යාරාමයෙහි සේවය සඳහා ප්‍රවිෂ්ට වූවාය. මෙකී කන්‍යාරාමය ඉන්දියාවේ කල්කටා නම් වූ නගරයෙහි පිහිටියේය.

ජම්ම රාශි සටහනෙහි 1 -12 අධිපති උපතින් ජනක කර්මය සෙනසුරුට බරව (නීචව) තුන් වැන්න වූ වික්‍රම ස්ථානගත වූ ආධ්‍යාත්මික ගමන් මඟකට නැඹුරු කරවන උපරිම බලවේගයෙකි. 2-11 භාවාධිපති බ්‍රහස්පති 9 වැන්න වූ සිකුරුට හිමි භාග්‍යස්ථානගතව යෙදී ඇත. 01.05.09 යන ධර්ම කෝණය ශනි, බුධ, සිකුරු ග්‍රහයන්ද තැම්පත්ව යෙදී ඇත්තේ ප්‍රබල ලෞකික දිවිමඟට දුර්වල වූ මානසිකත්වයක් විද්‍යමාන කරලීමෙනි. ලෞකික ආශා තුනීකරන ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව , කැපිලි, කෙටිලි, කුහක, කුරිරු, ලාමක, බොළඳ සිතක් හෝ සිතිවිලි බහුලව වාෂ්පීකරණය සඳහා මුළුමහත් ධර්ම කෝණයට ජීවිතයෙහි යථාර්ථය ජීවිතය පුරාවට පැතිර ගියේය.

ජීවිතයෙහි යථාර්ථය අවබෝධවනු ලබන ග්‍රහ බලය තෙරේසා නම් වූ යෞවනියට ඉමහත් ආශිර්වාදයක්ම විය. උපන් කුම්භ රාශියට විජයග්‍රාහි ඉරබටු තරුව නම් වූ රසකාමී සිකුරු ග්‍රහයා 04 හා 09 භාවාධිපති වූ අතර, රෝග සතුරු ස්ථානය වූ සයවැන්නේ තැම්පත්ව යෙදුණේ සතුරු ආකාරයෙනි. උච්ච ක්ෂේත්‍ර වූ කේතු කර්ම ස්ථානය වූ දසවැන්නෙහිදී 02,06,10 නියෝජනය කරමින් අර්ථ කෝණය ද ලෞකික සිතැඟියාවන් දුර්වල කරමින් තැම්පත් වූයේය.

මේෂ, සිංහ, ධනු දශාවන් කාම කෝණය දැඩි ලෙස නියෝජනය කෙරෙමින් කුජ, රවි, ගුරු තෙජෝ ධාතුව යුගදිවියක දුරස්ථ බව නිර්මාණය කළාය. පංචේන්ද්‍ර රසකාම, අධිලිංගික කාමාශාව, කාම පිපාසය, 03 ශනි, 04 රාහු, චන්ද්‍ර 10, කේතු 07, රවි, කුජ පීඩිත කරමින් මර්දනය කළාය. තෙරේසා නම් වූ නව යොවුන් කුල කුමරියගේ සිත සිතිවිලි උදාරතර මනුෂ්‍යත්වයක රන් දොරටුව මෙසේ උපතින්ම විවරණය වූවාය. ගරුක කර්මය විමර්ශනය කෙරෙන සිව්වැන්නේදී එනම් ලෞකික ආශා පොදි බැඳගත් තාරුණ්‍යයෙහි දෙවඟන වූ සිකුරු ග්‍රහයා දුර්වල වන සතුරු වෙමින් 06 වැන්නෙහි තැම්පත්ව යෙදුණාය. එපමණක් නොව, 04,08,12 නම් වූ මෝක්ෂ කෝණය මානසිකව ප්‍රබලත්වයට 04 වැන්නෙහි දුර්වල නීච වූ රාහු සමඟ චන්ද්‍රග්‍රහයා සංයෝගව තැම්පත් වූවාය. 05 ,08 අධිපති 08 වැන්නවූ මෘත්‍යූ ස්ථානගතව යෙදුණාය. සුරකුමරුකු සමඟ සරණයාම, දූ පුතුන් ලබා අනේක විධ විපත්හි ව්‍යසන, ආපදා, බාධා අවහිර දුෂ්කරතා මෙලොව දිවියෙන් දුරස්ථකොට මානවහිතවාදිව, පරාර්ථකාමීව, කෘෂිකාර්මික ,නිර්ධන පීඩිත පන්තිය කෙරෙහි අසීමිත සානුකම්පිත මානසිකත්වයක් වයස අවුරුදු 18දී මෙකී උත්තමාවිය කෙරෙහි ආරෝපිත වූයේ උත්පත්ති ග්‍රහචාර ප්‍රබලත්වයෙන් බැව් අතිශය සාධාරණ වන්නෙකි. මෙකී කුමරිය විවාහ දිවියකට පාත්‍ර වූයේ නම්,

(ක්‍රි.ව. 1910 ක් වූ අගෝස්තු 26 වැනි සිකුරාදා රාත්‍රී 07.10 ට ඉපැරණි යුගෝස්ලාවියානු රාජ්‍යයෙහිම තෙරේසා කුමාරිය ජම්ම ලාභය ලැබුවේය.)

ධර්ම කාම, මෝක්ෂ, ජම්ම පත්‍රයක ප්‍රධාන කෝණ සතර රාශි සටහනෙහි තැම්පත් ග්‍රහ රටාව ආශි‍්‍රත පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහ භූත සංකලනය අනු උපාදාන රූප කලාප විසිහතර සමඟ රූප වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණ, පංචස්ඛන්ධය තුළ පවතින අනිත්‍ය දුක්ඛ, අනාත්ම, ස්වභාවය අවබෝධය පිණිස භෞතික ,අධිභෞතික, මානසික සැබෑ ග්‍රහණය පෙර ආත්ම පුණ්‍ය බලය මහිමය විචිත්‍රව අසිරිමත් ලෙස ‘තෙරේසා’ නම් වු උත්තරීතර සංවේදශීලි දයානුකම්පාව පරාර්ථචර්යාව උත්පත්ති ග්‍රහ සටහනෙහි නිර්මාණව බලපාන්නේය.

02.11 භාවාධිපති බ්‍රහස්පති 09 වැන්න වූ භාග්‍යස්ථානගත වූයේ ආධ්‍යාත්මික වූ විනිවිදව ූ පාර ලෞකික ගමන් මඟෙහි රාජපුරුෂයෙකු ලෙසිනි.

මෙම උත්පත්ති අසිරිමත් බුද්ධි බලය මත 1948 වර්ෂයේදී තෙරේසා උතුමියට ඉන්දියානු රජයෙන් පුරවැසි බව ද ලැබුණාය. චන්ද්‍ර මහා දශාවේ අඟහරු අතුරු දශාවේදී බැව් සඳහන් කළ හැක. ආගමාලයෙහි රන්ටැඹ විවෘත වූයේ මෙලෙසිනි. අන්ත අසරණ අහිංසක බවෙන් පීඩිත වූද මන්දපෝෂණයෙන් පෝෂණ වූ ද පැල්පත්හි ජීවත් වුණා වූ ද ජනතාව ජීවන සුවඳ වර්ධනය කරදීම පිණිස ඇය ඉන්දීය පුරවැසිකම ලැබගත්තාය.

තෙරේසා මව්තුමිය ක්‍රි.ව. 1950 වර්ෂයෙහි පීඩිත ජනතාව වෙනුවෙන් මීසමක් සමාරම්භ කළාය. ස්වකීය වයස 32 සිට වර්ෂ 18 ක් තෙරේසා මව්තුමිය රාහු මහා දශාව ගත කළාය .උච්ච චන්ද්‍රයා සමඟ නිම වූ රාහු සමඟ සිව්වැන්නේය. චන්ද්‍ර ග්‍රහයා මෙන් රාහු සිවුවැන්නේ ප්‍රබලව සුබවාදි වූයේ නම් කරුණාව, මුදිතාව තෙරේසා මාතාවගේ හදවතට පිටුපානු ඇත. ක්‍රි.ව. 1979 වර්ෂයේදී නෝබෙල් ත්‍යාගය ද 1971දී පාප්වහන්සේගේ සාම ත්‍යාගයද තෙරේසා මව්තුමියට ලැබුණාය. මෙකී මුදල් අසරණ ජනතාවගේ පුනර්ථාපනය පුනර්ජීවනය සඳහා ඇය වැය කළාය.

ලග්නාධිපති සෙනසුරු ( 12 අධිපති) තුන්වැන්නේ නීච වූ අතර, සෙනසුරු මහා දශාව ද 1979-1988 (අතර) තෙරේසා මව්තුමිය රෝගාතුර බවට පත්වූවාය. “භාරතමාතා” යනුවෙන් ඉන්දියාවේ පවතින ප්‍රබලම ගෞරවනීය සම්මානය ද මෙතුමිය ලබා ගත්තාය. 1989 දී ප්‍රථමයෙන්ම හෘදයාබාධකයකට ද මුහුණ දීමට සිදුවූවාය. 1980 මරියා මීසමේ නායකත්වයෙන් ද ඇය ඉවත්කර දමන ලදී. සෙනසුරු මහා දශාවේ ප්‍රබලතම බලපෑම් ජීවිතයෙහි ශෝකාකූල පසුබිමක අඩිතාලම නිර්මාණය වෙන ලද්දෙකි. 1991 ඒරාෂ්ඨක කාල සීමාවෙකි. හෘදය වස්තුවෙහි සුවිශේෂී සැත්කමක් 1993දී සිදුවිය. 1994-1996 දක්වා නිතර රෝගාතුර වී 1997 මාර්තු 17 වැනි දින මීසමේ නිර්මාලා කන්‍යා සොයුරියට සියලු කාර්යභාරයන් පවරා දෙන ලදී. 1997 සැප්තැම්බර් 05 වැනි දිනය මෙලොව අතහැර ගියාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.