රාජ යෝග රැසක් සමඟ නව වසර උදාවෙයි

දෙසැම්බර් 25, 2020

2021 වර්ෂ උදාවේ රවි මිත්‍රව සඳු ස්වක්ෂේත්‍රව කුජ ස්වක්ෂේත්‍රව බුධ සමව ගුරු නීචව සිකුරු සමව ශනි ස්වක්ෂේත්‍රව හා රාහු කේතු උච්චව රාශි චක්‍රයේ සරන අතර ජනවාරි 04 වෙනි දින 05.05 පැයට සිකුරු ධනුවට පැමිණෙමින් සමවද 05 වෙනි දින 03.57 පැයට බුධ මකරයට පැමිණෙමින් සමවද සැරිසරන අතර 14 වෙනි දින 08.15 පැයට රවි ද මකරයට සතුරුව ගෝචර වෙමින් මකර රවිය ආරම්භ කරයි. මෙම ආරම්භයත් සමඟම 14.07 පැයට යුරේනස් මේෂයේ නිවෘත වන අතර නැවත බුධ 25 වෙනි දින 16.27 පැයට කුම්භ රාශිගත වෙමින් සමවද 28 වෙනි දින 03.30 පැයට සිකුරු මකර රාශිගත වෙමින් මිත්‍රවද මාසය තුළ ග්‍රහ චාරය නිම කරයි.

මාසය ආරම්භයේදී රවිගෙන් උභයචාරී යෝගය ද බුධගෙන් බුධ ආදිත්‍ය යෝගය ද ශනිගෙන් ශ්‍රී කාන්ත යෝගය සමඟ උදාකරන නීචභංග රාජයෝගය ද කුජගෙන් සරලා නම් විපරිත රාජ යෝගය හා කුජ භෞම්‍ය යෝගයත් සඳුගේ කුලීර, ගජකේෂරී සහ චන්ද්‍රදීප්ති යන යෝගයන් උදාකර දේ. රාහු කේතුගේ උච්චත්වයද යුරේනස්ගේ චක්‍ර භාවයද සැලකිය යුතු පිහිටීමකි.

14වෙනි දින රවි මකරයට පැමිණ සතුරු භාවයට පත් වීමත් යුරේනස් වක්‍රයෙන් මිදී නිවෘත භාවයට පත්වීමත් අප රටට මෙන්ම ලෝකයට ද ශුභදායී නොවේ. ලංකා කේන්ද්‍රයේ දොළොස්වැන්නට පැමිණෙන රවි එහි සතුරු වීම රාජ්‍ය වියදම් හා මහජන වියදම්වලට අහිතකර බලපෑම් ඇති කරවයි. ඒ අතර එහිම ගුරු නීචව පැවතීමත් එම තත්ත්වයට සහාය දක්වන පිහිටීමක් වේ. 14 වන දින සිට 25 වන දින දක්වා කාලය පීඩාකාරී ආරංචි අසන්නට ලැබේ. මාසය අවසන් දින කිහිපයේදී සිකුරු ද මකරයට පැමිණ රවි ගුරු සිකුරු ශනි සංයෝග වීමෙන් එතෙක් පවතින ග්‍රහ රටාවට සහනයක් උදාකරමින් දේශය ශුභ දිසාවකට හරවනු ඇත.

ලෝක බලකාමීන්ට එතරම් ශුභදායී නොවේ. දැහැමි හා සුචරිතවාදීව කටයුතු කරන්නන්ට සෙනසුරුගේ බලය මත ආරක්ෂාව සැලසේ.

දෙසැම්බර් 30 වන දින 13.45 පැයෙන් පසු වෘශ්චික රාශියේ 24.46, 33.6 දී සිකුරු කේතු පසු කිරීමෙන් පසු සඳු හැර අන් සියලු ග්‍රහයන් රාහු හා කේතුට මැදිවූ අතර ජනවාරි 11 වන දින 09.11 සඳු ධනු රාශිගත වීමෙන් පසු උදාවන කාල සර්ප යෝගය 25 වෙනි දින 13.00 පැයට මිථුන රාශිගත වනතුරු පැවත නැවත චන්ද්‍රදීප්ත යෝගයක් බවට පත්වේ.

මාසය තුළ පවතින ග්‍රහ චාරය හා සඳුගේ රාශිගත වීම් අනුව මේෂ, වෘෂභ, කටක, තුලා, මකර, මීන ලග්නවලට යහපත් වේ. අන් ලග්නවලට මධ්‍යස්ථයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.