ග්‍රහ ලොව සුකුමාලිය සෙන්පති නිවසට

දෙසැම්බර් 4, 2020

නීච භංග රාජයෝගය අර්ධ කාල සර්ප යෝගය, ගුරු ශනි යෝගය ,චන්ද්‍ර ගුරු සහ චන්ද්‍ර ශනි යන චතුර් කෝණ දෘෂ්ටිය රවි කුජ ත්‍රිකෝණ දෘෂ්ටිය වෘශ්චික රාශිය ,කටක නවාංශකය, විසා නැකත 04 පාදය ආශි‍්‍රතව දක්ෂිණායනය හේමන්ත ඍතුවේ වෘශ්චික රවි 26 භාග ඉල් මහේ අව දොළොස්වක තිථියලත් දෙසැම්බර් 11 වෙනි සිකුරාදා වෘෂභ , තුලා, මකර, කුම්භ රාශි සතරට පෙර පින් පල දෙන සිකුරු ග්‍රහයා අඟහරු හිමි වෘශ්චික රාශියට මෙදින පෙරවරු 05.17 ට විශ්ව තාරකා මන්දාකිණියෙහි සංක්‍රමණය සිද්ධ වෙන්නේය.

 

සිකුරු සමව ද උදා බුධ සමව ද, රවි මිත්‍රශීලිව ද, කේතු උච්ච ක්ෂේත්‍රව ද නැගෙනහිර ක්ෂිතිජයෙහි වෘශ්චික උදාරාශි ගතවද නිවෘත ප්ලූටෝ මිත්‍රශීලිව 02 වැන්න වූ ධනස්ථානගතව ද නිවෘත බ්‍රහස්පති නීච ක්ෂේත්‍රව ස්වක්ෂේත්‍රව සෙනසුරු නිවෘතවද සංයෝගය තුන්වැන්න වූ වික්‍රම ස්ථානගතව ද නිවෘත නැප්චූන් සමව 04 වැන්නේ ද නිවෘත කුජ මිත්‍රශීලිව 05 වැන්නේ ද වක්‍ර යුරේනස් සමව රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නේද උච්ච ක්ෂේත්‍ර රාහු 07 වැන්නේද චන්ද්‍රයා සමව 12 වැන්නේ ද 22 වෙනි මාරක දෙර්කාණාධිපති 8-11 අධිපති බුධ ද 7-12 අධිපති සිකුරු මාන්දි ද බාධක ග්‍රහයා චන්ද්‍රයා ද ලෙස විද්‍යමාන වෙන්නේය.

නළු නිළි, සිනමා ශාලා, ප්‍රභූ වනිතා පක්ෂය, කලාකාමී ක්‍රීඩා ලෝලී රසකාමී පිරිස් කෙරෙහි ජුගුප්සා බවක් ද සොර සතුරු නපුරු ක්‍රියාකාරකම් උත්සන්න වී යාමේ ප්‍රවණතාවය නිර්මාණය වී යාම අභිරහස් කුමන්ත්‍රණ න්‍යෂ්ටික බලවේග අමානුෂික ප්‍රතිචාර ද වසංගත දූෂණය නිවෘත වී යාමේ ශෝචනීය බව ද මතු කෙරෙයි. ජන සන්නිවේදන ගමනාගමන, දෙස් විදෙස් සබඳතා ආනයන අපනයන කොන්ත්‍රාත් ක්ෂේත්‍රයන් කෙරෙහි ශුභවාදී හිතකර බවක් ද, උද්දීපනය කෙරෙයි. දෙස් විදෙස් යන්ත්‍ර සූත්‍ර ආදී පැතිකඩ තෘප්තිමත් කෙරෙයි. සබඳතා ,විවාහ, පවුල් ජීවිත අනියම් සබඳතා කෙරෙහි ඉලක්ක බාධක, අවහිර දුෂ්කරතා ග්‍රහණය කෙරෙයි. විශ්ව මේෂ රාශි කේන්දරය මෙන්ම ශ්‍රී ලංකා ජනරජ කේන්ද්‍රයට සමතුලිතව පෞද්ගලික ව්‍යවසායක් ද කෘෂිකාර්මික, කාර්මික වැඩ කරන ජනතාවට බොහෝ දුරට තෘප්තිමත් වින්දනීය වූ හිතකර ග්‍රහ මාරුව ලග්න රාශිවලට බලපාන අයුරු මෙසේය.

 

මේෂ රාශිය

හිස, මුහුණ , යටි බඩ වකුගඩු, කොන්ද , තුනටිය, දණහිස්, පාද ආශි‍්‍රතව වරින්වර ශාරිරික දෝෂ, මතුකරයි. සබඳතා, විවාහය, යුග දිවිය කෙරෙහි ආකූල ව්‍යාකූල බවක් ග්‍රහ මණ්ඩලයෙන් විද්‍යමාන කෙරෙයි. රැකියා ආදායම් මාර්ගයන් ඇතුළු ආර්ථිකයෙහි ශුභවාදී ප්‍රසාරණයක් නිර්මාණය වෙයි. ගොඩ මඩ ඉඩකඩම්, දේපළ වස්තුව ආශි‍්‍රතව ශුභවාදි බවක් ද පදිංචියෙහි සහ රැකියා ජීවන වෘත්තියෙහි හදිසි අසතුටුදායක බවක් ද නිර්මාණය වෙයි. පදිංචි නිවසට ඔබගේ රැකියා ස්ථානයට මෙන්ම පදිංචියට ද ඉදිරි දෙපසින් සතුරු උපද්‍රව නිර්මාණය බලපානු ඇත.

වෘෂභ රාශිය

07/09/11 ග්‍රහ පිහිටීම් කෙරෙහි අවධානය යොමුකර බැලීමෙන් සැඟවී තිබූ භාග්‍යය – වාසනාව උදාකෙරෙන සතුටුදායක ග්‍රහචාරයක් උද්දීපනය වෙමින් පවතිනු ඇත. මන්දගාමී විපිළිසර බවක් ද ජන්ම කේන්දර ග්‍රහ පිහිටීම් රටාව මත නිවේදනය කෙරෙයි. පදිංචියෙහි ඉදිරි දෙසින් වම් අත දෙසින් අමනුෂ්‍ය බලවේගයක් සමඟ වාස්තු ජල දෝෂ ප්‍රචණ්ඩකාරී සතුරු දෝෂ පිළිබඳව ග්‍රහණය කෙරෙයි. මංගල කටයුතු, ආගමික උත්සව, පි‍්‍රය සම්භාෂණ බොහෝ දුරට පැවැතිය හැකි කාල පරාසයකි. රැකියා ආදායම් මාර්ග , නවතම සේවා සමාරම්භය ,බන්ධු හිත මිත්‍රාදීන්ගේ ආගමනය ක්‍රියාකාරිත්වයට පාත්‍ර වෙන සුළුවෙයි.

මිථුන රාශිය

නිදන්ගත රෝග , හදිසි ආපදා විපත්ති ,රැකියා ආදායම් මාර්ග, ගොඩ මඩ ,ඉඩකඩම්හි ආශි‍්‍රත බාධක අවහිර දුෂ්කරතා මඟ හැරෙනු ඇත. දේපල වස්තුව වෙත අවධානය ගෘහ ජීවිතයෙහි සොම්නස සතුට දෙගුණ කෙරෙන කාල පරාසයකි. මංගල කටයුතු සාර්ථක කෙරෙන අතර නැදිමයිලන්ගේ සුවිශේෂී ප්‍රසාදය වර්ධනය වෙයි. පදිංචියේ ඉදිරි දෙසට ද වම් අත දෙසින් ඉදිරි දෙසට ද සතුරු උවදුරු පවතියි. පදිංචියෙහි වම් අත දෙසින් පිටුපස මුල්ල තුළ ජල දෝෂ, භූත පේ‍්‍රතක අමනුෂ්‍ය දෝෂයි. දූ දරු සහ සමාරම්භක ක්‍රියාකාරකම් අවහිර බාධක දුෂ්කරතාවයනට තුඩු දී ඇත.

කටක රාශිය

පදිංචියෙහි පිටුපසට භූත පේ‍්‍රත අමනුෂ්‍ය දෝෂයි. නිවසෙහි වම් අත දෙසින් ඉදිරියෙහි දරුණු සතුරු බලවේග දෙකකි. රැකියා ආදායම් මාර්ග යුග දිවිය සබඳතා සහ අභිරහස් සිතැඟියාවන් සමඟ ක්‍රියාකාරකම් දෙදරා යන ග්‍රහ බලවේගයක් ක්‍රියාත්මකයි. බුද්ධමත්ව දූරදර්ශීව ස්වකීය අභිරහස්ගත ජීවිතය අප්‍රමාදව වෙනස්කොට මානුෂික මෙහෙයුමකට තුඩු දිය යුතු කාලපරාසයකි. උත්සාහයෙන්, උනන්දුවෙන් හා අවබෝධයෙන් ක්‍රියාකොට උසස් ආර්ථික සහ සමාජගත ජීවිතයක් ගතකර දීමෙහි භාග්‍යමත් යුගකාලීන වූවෙකි.

සිංහ රාශිය

තිරසාර හැඟීම් අරමුණු පදිංචිය ගොඩ මඩ ඉඩකඩම්, රැකියා ආදායම් මාර්ග සබඳතා විවාහය සේවාවන්හි උසස් දියුණුව තීවෘතව ශුභවාදීව ප්‍රබලව ක්‍රියාත්මක කෙරෙන හිතකර කාල පරාසයකි. සිංහ රාශි ජන්මියා සමාජගත සහ කුසලතා නිපුනතා අධිවේගීව ක්‍රියාත්මක කෙරෙමින් ජීවන ගමන් මගෙහි අපූර්වාත්මක ජයසංඛනාදය දස අත පතුරුවන සුළු භාග්‍යමත් යුගකාලීන ග්‍රහචාරයෙකි. පදිංචියෙන් වම් අත දෙසින් පිටුපස මුල්ලකට සතුරු බලවේග දෙකක් ක්‍රියාත්මකව පවතින බවක් වැඩිදුරටත් පෙනී යන්නේය.

කන්‍යා රාශිය

පදිංචියෙහි දකුණු අත දෙසින් පිටුපසට ජල දෝෂයක් වාස්තු විද්‍යානුකූලව යෙදී පාළු අඳුරු ස්වභාවයක් සමඟ භූත ,පේ‍්‍රත දෝෂයන් බලපානු ඇත. එක් රැස් කරළීම තැම්පත් ධනය, රැකියා ආදායම් මාර්ග, ආශි‍්‍රතව ඉතා අසතුටුදායක බවක් ග්‍රහණය කෙරෙයි. සබඳතා විවාහ මංගල, යුගදිවිය ,සමාජගත ස්වභාවය, අතිශය සතුටු දායක බවකට පාත්‍රවිය හැකියි. ජීවන ගමන් මගෙහි සදා අමරණීය භාග්‍යමත් විජයග්‍රාහී කාල පරාසයකි.

තුලා රාශිය

තැම්පත් ධනය ,දේපල වස්තුව, රැකියා ආදායම් මාර්ග ,උසස් වීම්, විජයග්‍රහණ, ක්ෂේත්‍රයන් සමඟ සබඳතා විවාහය යුගදිවිය, සමාජගත ආශි‍්‍රත සංවිධානය උසස්ම අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වෙන යුගකාලීන වූවෙකි. වර්තමාන බාධක අවහිර දුෂ්කරතාවයන් කෙරෙහි බොහෝ දුරට පදිංචියෙන් පිටුපසට සහ පදිංචිය ආශි‍්‍රතව ප්‍රබල සතුරු බලවේගයකි. පදිංචියෙන් දකුණු අත දෙසට පිටුපස ස්ත්‍රියෙකුගේ සතුරු බලවේග ද ඒ හා ආශි‍්‍රතව පාළු අදුරු බිමෙහි මානසිකව ද ක්‍රියාකාරකම් කෙරෙහි ද බොහෝ දුරට බලපා ඇති භූත, පේ‍්‍රත, දෝෂයන් ජලය ආශි‍්‍රතව සෙම් කෝප දෝෂ ප්‍රබලව බලපා ඇත.

වෘශ්චික රාශිය

පදිංචියෙන් දකුණු අත දෙසට පාළු අඳුරු තත්ත්වයක් ආශි‍්‍රතව නිවසෙහි ඉදිරි මුල්ලෙහි වාස්තු විද්‍යානුකූලව ජල දෝෂයක් සමඟ භූත පේ‍්‍රත දෝෂයි. පදිංචියෙන් වම් අත දෙසින් පිටුපස මුල්ලෙහි කීප දෙනෙකු ඇති ස්ථානයකින් සතුරු බලවේගයි. වාද භේද නොරිස්සුම් සිත් අමනාපකම් , හදිසි තීරණ ඉක්මන් කෝප ,නඩුහබ අවාසි අලාභ විනාශකාරී බවක් ග්‍රහණය කෙරෙයි.ආරම්භක කටයුතු බාධකයි. පදිංචිය ගම රට නුරුස්සන සුළුයි. මෙකී ග්‍රහ මාරුව තුළින් උදාර නව ගමන් මඟකට ද අරමුණු කෙරෙනු ඇත.

ධනු රාශිය

පදිංචියෙහි මෙන්ම රැකියා ආදායම් මාර්ගයෙන් ආශි‍්‍රතව ද බොහෝ දුරට වෙනස්කම් හිතකර බවට නැඹුරු කෙරෙයි. එයින් පසුව සබඳතා මංගල්‍ය කටයුතු පවුල් ජීවිතය සහ ඥාති හිතෛෂී සහ සම්බන්ධතා අතිශය පී‍්‍රති ප්‍රමෝදයට පාත්‍ර කෙරෙයි. අභිමානනීය උදාර නව ජීවන ගමන් මගකට කරුණු කාරණා නිරායාසයෙන්ම සාර්ථකත්වය කරා යොමු කෙරෙයි. සමාජගතව සහ ආගමික වත්පිළිවෙත් අගය කෙරෙන වාසනාවේ රුවන් දොරටුව විවර කෙරෙන කාලපරාසයක් උදා කෙරෙයි. පදිංචියෙන් දකුණු අත දෙසින් ඉදිරියෙහි පාළු අඳුරු ස්වභාවයක් ආශි‍්‍රතව ජල දෝෂ ඇතුළුව භූත පේ‍්‍රත දෝෂයි . නිවහනට පිටුපස හෝ ආශි‍්‍රතව ද සතුරු බලවේගයෙකි. මෙකී බාධක අවහිර දුෂ්කරතා මර්දනය කොටගෙන උසස් දියුණුව ගෙන දෙන විජයග්‍රාහී කාල පරාසයක් එළඹී ඇත.

මකර රාශිය

සියලු ආකාර අභියෝගයන් මර්දනය කොටගෙන වර්තමාන සිතැඟියාවන් ඉලක්ක ය ගත හැකි පෙර පින් පල දෙන සතුටුදායක වූ කාල පරාසයකි. පදිංචියෙන් ඉදිරි දෙස දකුණු අතට සතුරු බලවේග දෙකකි. නිවසට ඉදිරි දෙසින් පාළු අඳුරු ගති උදාකරමින් ජලය පිළිබඳ හෝඩුවාවන් ද භූත පේ‍්‍රත දෝෂයන් ද සියලු ලැබීම් සහ ක්‍රියාකාරකම් ඇතුළුව රැකියා ආදායම් කෙරෙහි බලපානු පෙනෙයි. අභියෝග මර්දනය කොට භාග්‍යමත් කාලයකට ප්‍රවේශ වීම හිතකර වෙයි.

කුම්භ රාශිය

 රැකියා ආදායම් මාර්ග ඇතුළුව සියලුම ලැබීම් සබඳතා විවාහය පවුල් ජීවිතය තිරසාරව සාර්ථක කරගත හැකි උදාරතම විශිෂ්ඨ කාල පරාසයකි. නිවසට ඉදිරි දෙසින් ජල දෝෂ, භූත දෝෂ, දෝෂ බලපෑමෙන් භාග්‍යමත් පෙර පින් වැසී යන බවක් පෙනී යන්නෙකි. ඉදිරි දෙසින් සතුරු බලවේගයි. සියල්ල මර්දනය කෙරෙන බාධක මාරක දුරු කොට ගෙන අභිමානයෙන් අනූනව අප්‍රමාදව ක්‍රියා කරන්න.

මීන රාශිය

භාග්‍යය වාසනාව පෙර පින ගලා එන උදාරතර මානුෂිකමය ක්‍රියාදාමයන් සාර්ථක වන ශුභවාදී කාලපරාසයක් සිකුරුගේ ගමන් මඟෙන් දර්ශනය වෙයි. පදිංචියෙන් වම් අත දෙසට පදිංචියෙහි මුල්ලකට ජල දෝෂ සමඟ භූත පේ‍්‍රත. අමනුෂ්‍ය දෝෂයි , දරුණු සතුරු බලවේග ද දෙකකි. මෙකී සියල්ලම මර්දනය කොට ගෙන වාසනාවේ රුවන් දොරටුව විවර කර උසස් ජවන ගමන් මගකට ප්‍රවේශ වෙන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.