පසුගිය සතිය හා සම්බන්ධයි

මන්ත්‍ර ශාස්ත්‍රය
නොවැම්බර් 20, 2020

ආගමෝක්ත මන්ත්‍ර, වේදෝක්ත මන්ත්‍ර, පුරාණෝත්මක මන්ත්‍ර යනුවෙන් කොටස් තුනකින් යුක්තය. ඒ ඒ ආගම්වලින් ප්‍රකාශිත ධ්‍යානාදිය පිළිබඳ මන්ත්‍ර ආගමෝක්ත මන්ත්‍ර වශයෙන්ද සර්ග, ප්‍රතිසර්ග වංස මන්ත්‍ර වංසානු චරිත යනුවෙන්ද පංච ලක්ෂණයන්ගෙන් යුක්ත වූ බ්‍රහ්ම පුරාණ පද්මිපුරාණ ආදී ග්‍රන්ථයන්හි ප්‍රකාශිත මන්ත්‍ර පුරාණෝක්ත මන්ත්‍ර වශයෙන්ද, ඍග්වේධාදි ග්‍රන්ථයන්හි ප්‍රකාශික මන්ත්‍ර වේදෝක්ත මන්ත්‍ර වශයෙන්ද දැක්වේ. මෙම මන්ත්‍රයන් ඩාමර තන්ත්‍ර,

මේරුතන්ත්‍ර, තාරා තන්ත්‍ර වැනි අති පුරාණ ග්‍රන්ථයන්හි විවිධාකාරව දැක්වේ.

මේ සියලු මන්ත්‍ර ධාරණය, මෝහනය, ස්ථම්භනය, විමංසනය, උච්චාටනය, වශීකරණ යක්ෂා නිසාධනය, ආකර්ෂණය, රසාකනය, අනාහාරය, වන්දියා පුත්‍රවතී යෝගය, මුර්ත සංජිවකය, වාජිකරණය, භූත ග්‍රහ නිවාරණය සිංහාදි භයානාසනය, විස නිවාරණය යනුවෙන් විවිධාර වෙයි. මෙයින් ශාන්තිය, ස්කම්භකය, වශීකරණය, වෛරය, උච්චාටනය, මාරණය යන ෂට් කර්මය ප්‍රධානත්වයක් ගැනෙයි. මන්ත්‍ර කර්මය පිළිබඳ සියලුම ක්‍රියාවන් ලොව විද්‍යමාන මහා භූතයන් හා එක් කොට ඒ ඒ කර්මයක් සඳහා වෙන් වෙන්ව යොදාගෙන ඇත.

“ ශාන්ති කර්මය“ යනුවෙන් පෙන්වාදෙනු ලබන්නේ නොයෙක් දෙනාගේ දෛවයෙන් හටගත් අපලාපත්‍යයන් දුරු වීම පිණිස හා ඔවුන්ගේ සමෘද්ධියට චිත්තසටනයට, නීරෝගි බවට උපයෝගි කරගන්නාවූ මන්ත්‍ර විශේෂයන්ය. ශාන්ති කර්මයට අදාළ මන්ත්‍ර ජප කළ යුත්තේ ඊශාන දිශාව බලාගෙනය. ස්ථම්භය යනු අත්‍යයන්ගේ සිත් ඇද ගැනීමට සමත් වන මන්ත්‍ර විශේෂයකි. එම මන්ත්‍ර නැගෙනහිර දිශාව බලාගෙන ජප කළ යුතු වන්නේය. වශීකරණය යනු තම සිත් වූ දෙය එපරිද්දෙන්ම ඉටු කර ගැනීමට උපයෝගි කරගන්නා මන්ත්‍ර විශේෂයකි.

ඒවා ජප කළ යුත්තේ උතුරු දිශාව බලාගෙනය. උද්වේශන යනු උනුන් වෛර කිරිමට සමත් මන්ත්‍රයන්ය, නිරිත දිග බලා ඒවා ජප කළ යුතු වේ. උච්ඡාටක ලෙස හැඳීන්වෙන්නේ යම් යම් ස්ථානවලින් පන්නා දැමීමට උපයෝගි කර ගන්නා මන්ත්‍රයන්ය. ඒවා ගිණිකොණ දිශාව බලා ජප කළයුතු වේ.

මේ අයුරින් එක් එක් කර්මයක් පිළිබඳව දිශාවන් නියමකර ඇත්තේ ඒ ඒ දිශාවන්හි පවත්නා ආකර්ෂණ ගුණය අභිමත ජපය කෙරෙහි යොමාගනු පිණිසය.

දිශා නියමයට අනුව ඒ ඒ කර්මයන්ට ඍතු නියමයන් ද වෙයි. වශීකරණය වසන්ත ඍතුවෙහිද, විමේසනය ගී‍්‍රස්ම ඍතුවෙහිද, ස්ථම්භය සිසර ඍතුවේ ද, උච්ඡාටනය සරත් ඍතුවේද, මාරණය හේමන්ත ඍතුවේද වශයෙන් එකී කර්මයන්ට නියමව ඇත. රෝග නිවාරණයේදී මෙකී ඍතු නියමයන්ගෙන් බැහැරව අවස්ථානුකූලව දින නියම කරගන්නා ලෙස ද දක්වා ඇත.

එමෙන්ම මෙම ෂට් කර්මයන් උදෙසා ඉදිරිපත් කළ යුතු පූජෝපහාරයන් උදෙසා වර්ණ නියමයන්ද දක්වා ඇත. ශාන්ති කර්මයන් උදෙසා සුදු වර්ණයන්ද, ස්ථම්භ කර්මයන්ට කසාවත් දේද, වශීකර්මයන් සඳහා අරණුවන්දේ ද, විමේසනය සඳහා රන්වන්දේද, උච්චායටනයට දුඹුරුවන් දේද, මාරණයට කළු පැහැදේද පූජෝපහාරයන් පිණිස භාවිතා කළ යුතු බව දක්වා ඇත.

ඒ ඒ කර්මයන් උදෙසා තැන්පත් කළ යුතු ද්‍රව්‍ය නියමයන්ද තිබේ. ශාන්ති කර්මයෙහිදී ගිතෙල්, කිරි තල ගුගුල් ද , වශීකරණයේදි රා සහ ලුණු ද, උච්ඡාටනයෙහිදී කපුටා හා සම්බන්ධ දේද, මරණයේදී කළු හා රතු කැකුළු ලේ ද, ස්ථම්භනයේදී බෙලි කොළද විමේසනයේදී කපුටු පියාපත් හා බකමුණු පියාපත්ද ගත යුතුව ඇති බව සඳහන් වෙයි.

සෑම මන්ත්‍රයකම චිත්ත, රුද්ධ, ප්‍රහින යනුවෙන් කොටස් තුනක් දක්වා ඇත. චිත්ත කාණ්ඩය මුල මැද අග වායු බීජාක්ෂරයන්ගෙන් සමන්විතව බඳනා ලද මන්ත්‍රයෝ වෙති. එකී කොටසට අයත් මන්ත්‍ර පෘථිවි බීජාක්ෂරයන්ගෙන් හීන වේ. එහි බීජාක්ෂර දෙකකට වඩා අඩංගු වීම බාධාවකි. ප්‍රහීන කොටස ශ්‍රීං ශ්‍රීං ඕං යන මායා, බීජාක්ෂරයන්ගෙන් සමන්විත වන්නේ මන්ත්‍රයයි. නොඑසේ නම් ශක්තිය හීන වෙයි. එසේම මන්ත්‍රය මුල මැද අග අනුසවරයෙන් පවතී නම් එය බිහිරි මන්ත්‍ර වේ. සෑම මන්ත්‍රයකම දශවිධ බල පෙන්වාදී තිබේ. ජන්න, ජිවන, තාඩන, බෝධන, අභියේ, විසල් කයාය, අප්පියාධනය, තර්පනය, දීපනය, ගෝපනය යනුවෙන් හැඳින්වෙන්නේ ඒ දසවිධ බලයි.

ජනනය යනු අක්ෂර මාරාකර ගැනීමය. ජිවකය නම් “ ඕ” යන අක්ෂරය මුලට සහ අගට යොදා ජප කිරීමයි. තාඩනය ... වනුයේ ජප මන්ත්‍රය බුලත් කොළයක ලියා දේවාරාධනා කොට ආකර්ෂණ දිශාප බලා චෛතසික බල පිහිටුවා ගැනීමයි. බෝධනය යනු වර්ණ වශයෙන් නියමිත වූ සුවඳමල් විසුරුවා ඒ ඒ කර්මයෙහි අවබෝධයෙන් යෙදීමයි. විස්තර වශයෙන් පැහැදිලි කිරීමට නම් මේ සඳහා දීර්ඝ ලිපියක් සකස් විය යුතුය. යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව විශ්වාසයක් ඇති, ඒවායින් නිසි ප්‍රයෝජන ලැබීමට අපේක්ෂා කරනු ලබන්නන්ගේ ප්‍රසාදයට හේතු වන්නා වූ තවත් විස්තර ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.