ග්‍රහ ලොව චණ්ඩියා මෙන්න

නොවැම්බර් 6, 2020

කිසියම් පුද්ගලයකුගේ හඳහනේ කුජට නොගැළපෙන රාශියක කුජ පිහිටා සිටියොත් කොතෙකුත් සතුරු කරදර අඬ දබර පවුල් ජීවිතයේ විවිධ හැලහැප්පිලි ඇතැම්වවිට කල කෝළහලවලින් තමන්ට මරණය ද පවා ඇතිවීමට හේතු වේ.

 

ඉතා දිගු නිහඬතාවකින් පසු ‘සුබසෙත’ පාඨකයින් අමතන්නට ලැබීම මම ලද විරල අවස්ථාවක් ලෙස සළකමි. ග්‍රහ ලොව චණ්ඩියා කවරෙක් ද? යන්න කෙටියෙන් හඳුන්වාදීමට මෙතැන් පටන් කරුණු කාරණා ඉදිරිපත් කරමි. නක්ශාස්තර කරුවන් විසින් ඈත අතීතයේ දී භුමිපුත්‍ර යන නමක් අඟහරු ග්‍රහයාට දී තිබේ.

මේ මහ පොළොවට කිට්ටුම තරුව වන අඟහරු මහ පොළොව හා සමාන ගතිගුණ ඇති ග්‍රහ ලොව එකම තරු මඬල අඟහරු ය. අඟහරු නොහොත් කුජ ග්‍රහයාගේ එක, එක පැත්තක් නිල් කොළ, දුඹුරු, රතු, ආදී පාට වර්ගවලින් යුක්තව පිහිටා තිබේ.

නක්ශාස්ත්‍ර විද්‍යාවේදී කුජ ග්‍රහයා පාප ග්‍රහයකු ලෙස හඳුන්වාදී තිබේ. නමුත් මිනිසාගේ එඩිතර බව සටන්කාමී බව ඉතා තීක්ෂණ අවබෛීධය, ආත්ම විශ්වාසය, විවාදශීලි බව, කොටින්ම ආඩම්බර බවට කුජ මූලික වෙයි. කවර පුද්ගලයෙකුගේ හෝ ජන්මපත්‍රයේ කුජගේ තත්ත්වය දුර්වල නම් ඔහු හෝ ඇය අභාග්‍ය සම්පන්න අයකු වේ.

කිසියම් පුද්ගලයකුගේ හඳහනේ කුජට නොගැළපෙන රාශියක කුජ පිහිටා සිටියොත් කොතෙකුත් සතුරු කරදර අඬ දබර පවුල් ජීවිතයේ විවිධ හැලහැප්පිලි ඇතැම්වවිට කල කෝළහලවලින් තමන්ට මරණය ද පවා ඇතිවීමට හේතු වේ.

තවද කුජ තියුණු උෂ්ණ රෝග සාදයි. එමෙන්ම තද දැවිලි රෝග, ලේ නහර පිපිරීම් වස විෂ මූත්‍ර අඩස්සි වැනි දරුණු ආබාධ ද කුජ ග්‍රහයා නරකට පිහිටියහොත් ඇති කරනු ලබයි.

නමුත් ලග්නය කුජට බලවත්ම රාශියක් වී කුජ ලග්න භාවයේම පිහිටා තිබුණොත් උක්ත කී පල විපාක ඇති නොවී ජන්මියාට යහපතම උදා කෙරේ. මේෂ, වෘශ්චික ආදී රාශිවලදී කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍ර වේ.

තවද කුජ ග්‍රහයා ජන්මපත්‍රයක ස්ථාන වශයෙන් ඒ ඒ තැන්වල පිහිටා ඇති විට එම ජන්මපත හිමියන්ට ඇති කෙරෙන පල විපාක ස්වල්පයක් මෙතැන් සිට ඉදිරිපත් කරමි. අනු පිළිවෙළින් නොව විශේෂිත අත්‍යවශ්‍ය කරුණු ස්වල්පයක් සඳහන් කරමි.

අඟහරු ග්‍රහයා ලග්නයේ සිටියදී උපන් තැනැත්තා සටන්කාමී, කටයුතු පාලනයේ දක්ෂ කෙනෙකු වේ. තම යහපත උදෙසාම මෙලොව දියුණුවට ධනය රැස් කරන්නෙකු ද වේ. අයුක්තියට, අසාධාරණය විරුද්ධව සමහර විට ගමට රටට චණ්ඩිකම් පෙන්නන්නෙකු ද විය හැකි ය. එමෙන්ම හිසෙහි තුවාලයක් ඇතිවීමට තරම් වැඩි ඉඩ කඩක් ඇතිවිය හැක. අඟහරු දෙවෙනි භාවයේ පිහිටි අය වචන පරිස්සමට කතා නොකරයි. සමහර විට තද අසභ්‍ය වචන ද පිට කරයි. දියුණුවට ආශා ඇති වුවද මුදල් පරිස්සමට වියදම් නොකරයි. ගණන් හිලව් බැලීමක් ද නැතුව ඔහේ වියදම් කරයි.

අඟහරු කුජ, තුන්වැනි භාවයේ පිහිටා ජන්ම ලාභය ලද අය රාජ්‍ය අනුග්‍රහය ලැබිය හැකි කෙනෙකු වේ. සහෝදර කාරක ග්‍රහයාට සහෝදර ස්ථානයේ ශුභ නොවුවත් සමහරවිට ඉතා බලවත් සහෝදරයන් ඇති කරනු ලබන ශුභ පිහිටීමක් වේ.

අඟහරු ග්‍රහයා හයවැන්නට ඉතා බලවත් වේ. සමහරවිට දැවැන්ත සිරුරක් ඇත්තකු වේ. ආහාරයට ගිජු වේ. ඒ නිසාම බඩේ අමාරු ද ඇති වීමට වැඩි ඉඩ කඩක් පවතී. තවද ඉතා පවිත්‍ර සිතිවිලිවලින් යුක්ත කෙනෙකු වේ. එසේ වුවද ස්ත්‍රී ජන්මපතක හයවෙනි භාවයේ කුජ සිටීම එහෙමටම ශුභ පිහිටීමක් නොවේ.

අටවෙනි භාවයේ කුජ ග්‍රහයා පිහිටා සිටීම ශුභ නැත. ජන්මියාගේ ළදරු සමයේ වරින්වර ලෙඩ දුක් කරදර ඇති කෙරේ. මගේ අත්දැකීමේ හැටියට හදිසි ශල්‍ය කර්මවලින් සමහරවිට හදිසි අනතුරුවලින් හිටිහැටියේ මෙන් මරණය සිදුවේ. මෙබඳු පිහිටි ජන්මීන් පාපයට භය නැත. ධනය ද අල්ප වෙයි.

දොළොස්වෙනි භාවයේ කුජ ග්‍රහයා පිහිටීම තදබල අගුණ ඇති කෙරේ. සතුරන්ගෙන් කරදර සතුන්ගෙන් පීඩා පමණක් නොව අනපේක්ෂිත ලෙඩ, බන්ධනාගාර ගතවීම් ද සිදු විය හැකි ය. එමෙන්ම තම බාප්පාවරුන් සමඟ හෝ ඔවුන්ගේ පුතුන් සමඟ මත ගැටුම් පවා ඇතිවීමට බොහෝ ඉඩකඩක් පවතී. තවද එබදු පිහිටීම ඇති වැඩිහිටියන් නොහඳුනන, කිසිවකුටත් ගරුසරු නැති මුසා බස් කියමින් සමාජයට ද බරක් වී ජීවත්වෙන අය වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.