මරුනිල හා කාමනිල

නොවැම්බර් 6, 2020

මරු නිලයක් ඕනෑම කෙනෙක්ගේ නළල මැද පිහිටනවා. තදින් පහරක් වැදුනොත් මරණීය තත්ත්වයකට එනවා. අනික අතේ වැලමිටේ ඇති කටු දෙකට අස්සේ පිහිටලා තිබෙනවා. මේ මරුනිලය සාමාන්‍යයෙන් තද උණොත් එතැනින් පහළ කොටස තද හිරිවැටීමකට ලක් වේවි. කැමති නම් කරල බලන්න. තදින් මිරිකුවොත් වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් වේවි.

මේ නිල වර්ග දෙකම ගැන කිසියම් අවබෝධයක් තිබෙන බව මම දන්නවා. ඒත් ඒ ගැන තිබෙන ප්‍රවීණත්වය මදි බව වැටහෙනවා. මේවා ගැන අපි දැනුවත් වීම අපේ ජීවිතයට ඉතාම ප්‍රයෝජනයි. ඒ වගේම අනවශ්‍ය කරදරවලින් මිදෙන්නත් පුළුවන්. අපේ ජීවිතයේ නිසි අරමුන වන්නත් ඕනෙ ඒකමනේ. නොදැන උනත් කරදර කර ගන්නේ ඇයි.

මරුනිල ගැන විශේෂ දැනුමක් තිබෙන්නෙ ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරුන්ට වන අතර කාමනිල ගැන දැනුමක් තිබෙන්නේ ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියාට හා ප්‍රවීණ ගුප්තවේදියාට. කාම නිල ගැන වෛද්‍යවරුන් ගෙන් ඇහැව්වාම ඒ අය හිනාවෙනව මිස කිසිම අදහසක් දක්වන්නෙ නැහැ. පලාඵල කවි පළියට නියම ඡ්‍යොතිර්වේදියෙක් වන්නෙ නැහැ. ඔහු හෝ ඇය ඡ්‍යොතිෂය පංචාංගය පාඩමෙන් ආරම්භ කර චුල නක්ෂත්‍රය දක්වා ඉගෙන ගෙන ප්‍රායෝගික දැනුමක් තිබෙන්න ඕනෑ. චුල නක්ෂත්‍රය කියන්නෙ ජීවියෙකුගේ අවසාන කාලය සමඟ මරන කාලය කියන ශාස්ත්‍රය.

ඕනෑම ශරීරයක් එක එක කොටස්වලින් යුක්ත වූ වස්තුවක්. මේ එක එක කෑලි කොටස් වශයෙන් වෙන වෙනම වෙන්කලාම ශරීරයක් කියල එකක් නැහැ. මේක තමයි බෞද්ධ දර්ශනය හා ධ්‍යාන වඩන යෝගාවචරයන්ගේ පූර්ණ ව්‍යවස්ථාව. ඒක නිවැරදි බව ඔබ දැනටමත් දන්න බව කියැවුණාට ශරීරයේ සමහර ස්ථාන තිබෙනවා. වෙන්නකරන්න බැරි. ඒවා ඇති ස්ථාන නිවැරදිව පැහැදිලි කරන්නත් බැහැ. එනම් වේදනාව, සතුට වගේ දේවල් දැනෙනවා. ස්පර්ශය බැහැ. ඒ තමයි කාම නිල මූලික වශයෙන් නිල වර්ග දෙවර්ගයයි. මරු නිල සහ කාම නිල. මේ නිලයකට ස්පර්ශයක් වූ විට ප්‍රතිඵලය ඇති කරනවා. දෙවර්ගයම නිල උනාට ක්‍රියා කිරීම දෙආකාරයෙන්. විශාල වෙනස්වීම් තිබෙනවා. මරු නිලයකට කිසියම් වූ ස්ථිර වූ ස්ථානයක් තිබෙනවා. වෙනස් වන්නේ නැහැ. හැමදාම ඒ නිලය එකී ස්ථානයේ පවතිනවා. කාම නිල එහෙම නැහැ. නිතරම වෙනස් වනවා. හිත වගේමත් නොවේ. ස්ථානයක් තිබෙනවා. වෙනස් වනවා ඒ ශරීරය තුළ හිත වගේ හැමතැනට දුවන්නෙ නැහැ. කාම නිල හැම තැනම දුවන්නෙ නැහැ. ශරීරයේ තුළ එක්තරා ස්ථානයක පවතිනවා. මරුනිලවලින් සිදුවන්නේ මරණය කරා ළං කරනවා හෝ මරණය දෙනවා. කාම නිලවලින් කරන්නේ කාමය කරා ළං කරනවා හෝ කාමය දෙනවා. එක වෙලාවකට එකාකාරයි. බොහෝ දුරට දෙආකාරයි. මරුනිල ගැන දැනගන්න විශේෂ දෙයක් නැහැ. තිබෙන තැන් දැනගත්තාම එතැනට තදින් පහරක් වැදුනාම මරණයට පවා පත්වෙනවා. හෙමින් වැදුනොත් මැරෙන්නෙ නැහැ. වැඩිපුරම හිරිවැටීම සිදු වනවා. එම ස්ථානය පමණක් හෝ කොටසක් හෝ සම්පූර්ණයෙන්ම හෝ හිරිවැටෙනවා. එම නිසා කිසියම් ශරීරයක මරුනිලවලට පහර දෙන්න එපා. ඔය යෝග කරන අය, කරාටේ කරන සමහර අයටත් මේ ගැන දැනීම තිබෙනවා. මොකද ඒ අයටත් අවශ්‍ය වනවානේ පහර දීමට. කාමනිලවලට තදින් පහරක් වදින්නවත් මහා විශාල ස්පර්ශයකුත් අවශ්‍ය නැහැ. යම්තම් ස්පර්ශයක් උනොත් ඒ ඇති ක්‍රියාකරන්න. හැබැයි ක්‍රියාත්මක වෙනකොට ඔබටත් හොරා තමයි ඒක සිදු වන්නේ. කාමුක ක්‍රියාවලියකට මුල්ම ක්‍රියාත්මකත්වය විතරයි වන්නේ. ඔබ විසින්ම ඒක දුර දිග ගෙනයනවා. මෙවැනි සටහන් කියවනකොට ඔය කාම නිල එක එක හෝ කීපයක් වැටහේවි.

මරු නිලයක් ඕනෑම කෙනෙක්ගේ නළල මැද පිහිටනවා. තදින් පහරක් වැදුනොත් මරණීය තත්ත්වයකට එනවා. අනික අතේ වැලමිටේ ඇති කටු දෙකට අස්සේ පිහිටලා තිබෙනවා. මේ මරුනිලය සාමාන්‍යයෙන් තද උණොත් එතැනින් පහළ කොටස තද හිරිවැටීමකට ලක් වේවි. කැමති නම් කරල බලන්න. තදින් මිරිකුවොත් වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් වේවි.

කාම නිල එහෙම නැහැ. අද ඇහි බඹේ පිහිටන කාම නිලය තව ටිකකින් තනපුඩුවේ හෝ වෙනත් තැනක පිහිටනවා. ඔබට මතක ඇති ඉන්දියන් පොතක් පළ වුණා. “කාම සූත්‍රය” කියලා. ඒක කියෙව්වා නම් මේ කාම නිල ගැන දැනුමක් ලැබේවි. හැබැයි මේ පොත හොයාගන්න අමාරුයි. වර්තමානව. ඒකේ විස්තර කරන්නෙ කතාන්දර මගින්. ඊට පසු චිත්‍රපටියකුත් ආවා. ඒක එච්චර සාර්ථක උනේ නැහැ. ඒ පොතේ කියැවෙන විදියට සපත්තු මහන්නාට නෝනා කෙනෙක් සපත්තුවක් හදන්න දීලා ඒක ඉවර කරල මෝනාගේ කකුලට දමන වෙලේ සපත්තු මහන්නාට නෝනාගේ කකුගේ ඇඟිලි දෙක අතර එවෙලේ පිහිටි කාම නිලය ස්පර්ශ වෙලා. කිසිම කාම චේතනාවකින් නොකළ නමුත් සිදුවීම කොච්චර දුර ගියාද කිව්වොත් සපත්තු මහන්නා හොඳ පොහොසතෙක් වෙලයි නැවතුනේ. පොත කියැව්වොත් තවත් දේවල් වැටහේවි.

එච්චර සප්ප්‍රානි ක්‍රියාශීලී නුනත් සරාගී යෝගත් ඒ වගේමයි. අපි වටා කැරකෙන ග්‍රහලෝකවලින් අඟහරුවා, සිකුරා, චන්ද්‍රයා මේ කාම නිල අවුස්සන ක්‍රියාශීලි ග්‍රහයෝ. ග්‍රහයෝ ක්‍රියාත්මක වීමෙන් යහපත් දේත් අයහපත් දේත් සිදුවනවා. පින් පව්වලටත් බොහෝ දේ සිදුවනවා.. පුර තිථියට ඔල්මාද උමතු අයට ඒ රෝගය උත්සන්න වන බව දන්නවානේ. පුර පෝය ලැබීමට ආසන්න වන විට තමයි මේ රෝග ක්‍රියාශීලී වන්නේ. වඩදිය, බාදිය ගැනත් අහල ඇතිනේ. මේ අතින් බලනකොට කාම නිල හා සරාගි යෝග අතරත් කිසියම් සම්බන්ධතාවයකුත් වෙසකුත් පවතිනවා. ඔබේ පුතා, දුවා පාසල් යන කාලේ පුංචි පුංචි ප්‍රේම සබඳතා තිබුණා මතකද? ඔබ අවවාද කළා, දඬුවම් කළා නැවතුණාද? පසු කලක ඉබේම නැවතුනේ. දැකල තියෙනවද පන්සලේ දී පල්ලියේදී මල් පහන් දල්වනකොට ළඟ සිටි ළඳකගේ අතක් හෝ ඇඟිල්ලක් ස්පර්ශ වෙලා වෙනදා නොතිබුණු නුහුරු නුපුරුදු සබඳකමක් ඇතිකරගෙන අන්තිමේදී මේ දෙදෙන නතර උනේ පන්සල් වත්තේ හෝ පල්ලිය වත්තේ අඳුරු තැනක කතාබහ කර කර සිටියදී. ඒ කාමනිල ස්පර්ශ වෙලා කළ හදියක්. මේ කාම නිල ක්‍රියාත්මක උනාම ශරීරය ඇදෙන්නෙ හුදකලාවට හෝ අඳුරු ස්ථානවලට. ඒකයි ස්වභාවය. ඒක වරදක් නම් දඬුවම් කරන්න ඕනෑ කාම නිලයට. මේ කාමනිල පිරිමි හෝ ගැහැනු අයගේ ශරීරයේ පිහිටලා ඒවා ජීව නිල ලෙස පවතිනවා. මෙසේ පවතින වේලාවට කිසියම් ස්පර්ශයක් උනොත් ක්‍රියාත්මක වනවා. විශේෂයෙන් යමක් කියන්න ඕනෑ. කිසිදු කාමුක අදහසකින් තොරව කිසියම් ලියක් සමග යහපත්ව කතා කරකර ඉන්නවා කියමු. ඇගේ හෝ ඔහුගේ බෙල්ලේ හෝ මුහුණේ කිසියම් තැනක රොඩ්ඩක් හෝ කුහුඹියෙක් යනව දැක ඉතාම හොඳ චේතනාවකින් ඒක ඉවත් කරන්න යාමේදී ඒ වෙලාවෙදි ඇයගේ හෝ ඔහුගේ එම ස්ථානයදී කාම නිලය පිහිටලා තිබුණොත් වැඩ වරදින්නේ තත්පර ගණනක් ඇතුළතයි. වැඩ කෝටියයි, ඒ වගේ වැඩ කරන කොට ටිකක් හිතුවොත් හොඳයි. කාම නිල ක්‍රියාත්මක වෙනකොට ඔබ සුදුද, කළුද, විවාහකද, තනිකඩද ඒවා වැඩක් නැහැ. මේ වගේ අවනඩු සතියකට තුනක් වත් සමහර විට ඊටත් වැඩි. මා ළඟට එනවා. නූල් පන්නන්න හෝ යන්ත්‍ර රත්කරන්න. ඉතින් වශී හරණ කරල යථා තත්ත්වයට ගේනවා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.