වෙළෙඳ ව්‍යාපාර දියුණුවට මහා බලගතු විෂ්ණු කුර්ම්වාතාර වශී මන්ත්‍රය

නොවැම්බර් 6, 2020

ව්‍යාපාර පමණක් නොව රජයේ පෞද්ගලික ආයතනවල සේවය කරන අයත් හොර බොරු වංචාවෙන් සේවය කළොත් තමන් ගන්නා වැටුපෙන් පවා වගතුවක් අත් නොවේ. එසේ නැතිනම් ලෙඩ දුක් සෑදී හෝ එම මුදල් විනාශ වී යයි. සෑම විටම සාධාරණය රජ කරන බව අමතක කරන්න එපා.

බොහෝ දෙනෙක් නොදන්නා මේ විෂ්ණු කුර්ම්වාතාර වශී මන්ත්‍රය නිතර භාවිත කිරීමෙන් වෙළෙඳ ව්‍යාපාර දියුණු කර ගැනීමට පුළුවන. වැටී ගිය වෙළෙඳ ව්‍යාපාර ආදියටත් ඉතාම යහපත් වේ.

වැඩි දෙනෙක් ලක්ෂ්මී දේවිය හා කතරගම දෙවියන් උදෙසා දිනපතාම පහන් දල්වා පුද පූජා පවත්වා දියුණුව සඳහා අයැද සිටිති. එයත් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙන ක්‍රමයකි. සිල්වත්ව කරන මෙම කටයුතුවලින් ප්‍රතිඵල ඉක්මනින් ලැබේ. මසකට වරක්වත් හින්දු කෝවිලකට ගොස් පූජාව තබා දියුණුව සඳහා කන්නලව් කිරීමෙන් බලාපොරොත්තු ඉටු කර ගත හැකි වේ.

දෙවියන් උදෙසා කරන මෙම පුද පූජා යහපත් ව්‍යාපාරයක් සඳහා කන්නලව් කළ යුතු වේ. හින්දු කෝවිලක පූජකවරයා ලවා කරගත යුතුයි. එසේ නොමැතිනම් ප්‍රතිඵල අත් නොවේ. මත්පැන් වර්ග, මස් මාංශ වර්ග, වස විෂ යෙදූ පලතුරු ඇතුළු ආහාර වර්ග වෙළෙඳාම කරන අය තම තමන්ගේ වෙළෙඳාම දියුණු කර ගැනීමට දෙවියන් යැදීමෙන් ප්‍රතිඵල අත් නොවේ. හරිහම්බ කරනවා කියන්නේ හරියට හම්බ කරන අයටයි, වැරදි විදිහට මුදල් හම්බ කරන අයට නොවේ. වැරදි විදිහට මුදල් හම්බ කරන්න යෑමෙන් පාප කර්මයක් ද උදා කර ගනී. ඊළඟ ආත්මයේදීවත් හිතට සැනසීමක් නොලැබේ. එය තමන් මතක තබා ගත යුතු ය.

ව්‍යාපාර පමණක් නොව රජයේ පෞද්ගලික ආයතනවල සේවය කරන අයත් හොර බොරු වංචාවෙන් සේවය කළොත් තමන් ගන්නා වැටුපෙන් පවා වගතුවක් අත් නොවේ. එසේ නැතිනම් ලෙඩ දුක් සෑදී හෝ එම මුදල් විනාශ වී යයි. සෑම විටම සාධාරණය රජ කරන බව අමතක කරන්න එපා.

අප ඔබ වෙනුවෙන් කැපවී මෙවැනි බලගතු මන්ත්‍ර පවා ඔබ අතට පත් කරන්නේ සාධාරණයට මුදල් හම්බකරන අයට පිහිටක් ලබා ගැනීම පිණිසයි. ධන යෝග ඇති වන්නේ පෙර භවයේ දන් දුන් අයටයි.

දැන වෙළෙඳාම් නොදැන ගොවිතැන් කියා පැරණි කියමනක් ඇත. එයින් අදහස් කරන්නේ වෙළෙඳාම ගැන හොඳින් ඉගෙන ගත යුතු කාරණයකි.

මෙම විෂ්ණු කුර්ම්වාතාර වශී මන්ත්‍රය ඉතා දුර්ලභ එකකි. බොහෝ දෙනකු මෙම නමවත් අසා නැත. මෙම මන්ත්‍රය ජීවම් කිරීමට සුදුසු ස්ථාන වන්නේ කිරි ගසක් යටදීය. එසේ නැතිනම් විෂ්ණු දේවාලයකදී ජීවම් බලය හොඳට සිද්ධි වීමට මෙවැනි පිරිසුදු ස්ථානයක් තෝරා ගත යුතු යි. ශුභ හෝරාවකින් මල් බුලත් පුටුව සාදා රන් තැඹිලි තෙල් එම පූජාසනය මත තබා පලතුරු 07, කැවිලි 07 බැගින් තබන්න. (දේශීය පලතුරු ගත යුතුයි.)

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.