කාමයට, ආලයට බලපාන සිකුරු

ඔක්තෝබර් 30, 2020

කාමයට මහත් රුචියක් දක්වන සිකුරුට විවාහයේදී ප්‍රධාන තැනක් හිමි වේ. තුලා, වෘෂභ යන රාශි දෙක සිකුරුට ස්වක්ෂේත්‍ර රාශියයි. සිකුරුගෙන් ඇති වන ප්‍රබල පංච මහා පුරුෂ යෝගයට නම් මාලවී යෝගයයි. එනම් සිකුරු කේන්ද්‍ර ස්ථානවල උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටි විට මෙම මාලවී යෝගය යෙදේ.

මෙවැනි අයට විවාහ සැප නොඅඩුව යාන වාහන ඉඩකඩම් ලැබීමේ වාසනාව හිමි වේ.

මිථුන,කන්‍යා, තුලා, මකර, සහ කුම්භ යන ලග්න වලින් උපන් අයට සිකුරු ශුභ ග්‍රහයෙකි. එහෙයින් මෙම ජන්මියාට සිකුරු මහා දශාව ශුභ පල දේ.

මකර සහ කුම්භ යන ලග්නවලින් උපන් අයට සිකුරු ශුභ ග්‍රහයෙකි. මෙම අයට ද සිකුරු මහා දශා අන්තර් දශා ශුභයි

මේෂ, කටක, සිංහ, වෘශ්චික , ධනු, මීන ලග්න හිමියන්ට සිකුරු පාපයකි. මොවුන්ට පෙර කී අයට මෙන් සිකුරු මහා දශා අන්තර් දශා ශුභ පල නැත. වෘෂභ ලග්න යට ලග්නාධිපති සිකුරු නිසා හය අධිපතියා වුවත් සමපල දේ.

රවි සමඟ සිකුරු සංයෝග වු විට එයට කුජ, ගුරු, බුධ යන ග්‍රහ සංයෝග දෘෂ්ටි එල්ල නොවුවහොත් මෙවැනි අය ලෞකික ඉන්ද්‍රිය පිනවීමේ ආශාවන් අඩුය. එනම් කාමයට එතරම් රැචියක් නොදක්වයි.

සඳු සමඟ සිකුරු සංයෝග වී උපන් අය ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් සමඟ ඇසුරට මහත් රුචියක් දක්වයි. ඒවාගේම එවැනි කටයුතු වලින් අපහාස ලබයි. මෙයට අඟහරු සම්බන්ධ වුවිට කාමුක හැඟීම් වැඩිය. පර පුරුෂ පර ස්ත්‍රි ඇසුරු වලට පෙළඹීමේ ඉඩකඩ වැඩිය. යුග දිවි ගැටලු ඇතිවීමට ඉඩ ඇත.

කුජ සමඟ සිකුරු සංයෝග වූ විට කුජගේ වේගවත් ගතිය හේතු කොට ගෙන සිකුරුගේ ඇති සෞම්‍ය ගුණ නැති වේ. එහෙයින් මෙවැනි අය කාම සම්භෝගය ට මහත් අභිරුචියක් දක්වයි. ස්ත්‍රී කේන්ද්‍රයේ මේ පිහිටීම ලග්නයේ හෝ හතේ ඇත්නම් ඇය මහත් රූප ස්වභාවයක් දක්වයි. නමුත් මෙය සරාගී හැඟීම් ඇවිස්සෙන පිහිටීමකි.

බුධ සමඟ සිකුරු සංයෝගව පිහිටි අය ඉතා යහපත් යුග දිවියක් ගත කරයි. පුරුෂ කේන්ද්‍රයේ මෙය හතර වැන්නේ යෙදී ඇත්නම් ඔහුට මනා රූ සපුවක් හිමි සහකාරියක් විවාහයට ලැබේ . ස්ත්‍රියකට නම් ඉතා ගුණ යහපත් පුරුෂයකු සහකරු වශයෙන් ලැබේ.

සිකුරු සමඟ රාහු සංයෝග වූ විට දුර දිග නොබලා නොමනා සම්බන්ධකම් ඇති වේ. හදිසි විවාහයක් සිදුවේ. විවාහයෙන් පසු එම විවාහය කැඩෙන තරමට ප්‍රශ්න ඇති වේ.

සිකුරු සමඟ කේතු සංයෝගයෙන් උපන් අයට ආලය පිළිබඳ කටයුතු නිසා හිතට දුක් ගෙන දේ. එනම් තමාගේ පළමු ආලය කැඩීමෙන් ඒ ගැන නිතර නිතර පසුතැවිලි වීමට සිදු වේ. තවද මෙවැනි අය ආලය පිළිබඳ කටයුතු රහසිගතව තබා ගනී. තවද මෙවැනි අයගේ ලිංගික දුබලතා ඇති වේ.

සිකුරු උච්චව ශුභ වර්ගයක සිටීම ලස්සන බිරියක් ලැබේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.