ඡ්‍යොතිෂවේදියකු වීමේ වාසනාව ඔබට හිමිද?

ඔක්තෝබර් 30, 2020

රට පුරා ඡ්‍යොතිෂ පන්ති බිහි වේ. ඡ්‍යොතිෂ පර්යේෂණායතන පිහිටුවේ බොහෝ දෙනා ඡ්‍යොතිෂය ඉගෙනීමටද කැමතිය. හැමෝටම ඡ්‍යොතිෂය නිසි ලෙස ඉගෙනීමට හැකිද?

විද්‍යාවන් අතර ඡ්‍යොතිෂ විද්‍යාව මහා සයුරක් ලෙස විද්වත්හු උපමා කරති. සයුර අනන්තය. අනන්තවූ සයුර පිළිබඳ අපට උගත හැක්කේ අංශු මාත්‍රයක පමණ මෙයින් ප්‍රකාශ වෙන්නේ ඡ්‍යොතිෂ සයුර අභිභවනය කළ හැකි අයෙක් නොවීමය. යමෙක් ඡ්‍යොතිෂයෙහි කෙළ ප්‍රාප්තයකු සෙවීමට යාම නරි අඟක් සෙවීමක් නොවන්නේද?

වෘහත් පරාශර හෝරා සාරංශ ශේකර ග්‍රන්ථ රත්නයෙහිම

“ශාන්තාය ගුරු භක්තාය – ඍජංවර්ජිත ස්වාමිනෙ

ආස්තිකාය පුදාතව්‍ය – තකඞ ශ්‍රෙයො භ්‍යවාජ ස්‍යයති”

ශාන්ත වූ ගුරුභක්තිය ඇත්තාවූ, ඍජුවූ (ගුණයෙන්) ගුරුන් පුදුන, ගුරුවරුන්ට භක්තිමත්, පරලොව ඇතැයි විශ්වාස කරන තැනැත්තන්හට මෙම ශාස්ත්‍රය දීමෙන් ගුරුවරයා දිනෙන් දින සැපතට පත්වන බවයි.

නදෙස් පර ශිෂ්‍යය – නාස්තිකාය යඨායච

දත්තේ ප්‍රතිදිනං දුඞඛඞ –පරයතෙ නාත්‍ර සංශයඞ

අන්‍යයන්ගේ ශිෂ්‍යයන්ටද පරලොව නැතැයි අදහන්නාටද, වංක අදහස් ඇත්තාහටද නොදිය යුතුයි. එබඳු අයට දුන් කල්හි, දිනක් දිනක් පාසා දුක් උපදී. ඒ පිළිබඳ සැකයක් නැත.

ඔබ ඡ්‍යොතිෂය ඉගෙන එහි ඵල ලොවට ප්‍රදානය කරන්නට නම් කර්මය කර්මඵලය විශ්වාස කරන්නකු විය යුතුය. ගුරුවරු අදරින් සලකන කීකරු ශිෂ්‍යයකු විය යුතුය. මුසා නොතෙපෙලන වාද නොකරන ප්‍රතිහාර්ය පෙන්වීමට නොයන සටකපට පුද්ගලයකු නොවිය යුතුය.

ගුත්තිල මූසිල කථාවේ කියවෙන්නේ ගුරුභක්තිය නොමැති ශිෂ්‍යයාගෙන් ගුරුවරයාට සිදුවූ ඇබැද්දියකි. ගුරුවරයාගෙන් හොඳින් ශිල්ප ඉගෙන ගත් මූසිල ශිෂ්‍යයා ගුරුවරයා සමඟ වාදයට ශිල්ප දැක්වීමට ගියේ, ගුරු ගෞරවය නොමැති නිසාය. මහලු ගුත්තිල ඇදුරාගෙන් ශිල්ප උගත් තරුණ මූසිල ගඳඹයාට නොහික්මීම නිසා දෝ ගුරු ගෞරවය අමතකව වාදයට පැටලිණි.

ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමා ඡ්‍යොතිෂය පිළිබඳ හසළ දැනුමැත්තෙකි. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි එතුමා බැලීමට එකල ලංකාවේ සිට ප්‍රසිද්ධ ඡ්‍යොතිෂ ඇදුරෙකු රත්මලාන ගුවන් තොටුපලට පැමිණ සිටියහ. ලංකාවේ ඡ්‍යොතිෂ ඇදුරන් පිරිවරාගත් එතුමා තමනට ඉන්දියාව බලා පිටත්වීමට නියමිත ගුවන්යානය පැමිණීමට නියමිත වේලාවට වඩා, විනාඩි 30 කින් ප්‍රමාදව පැමිණෙන බව පිරිසට දන්වා සිටියහ. එතුමා කියූ පරිදි ගුවන්යානය පැමිණියේ විනාඩි 30 ක් ප්‍රමාදවීය. තම අවට සිටි ඡ්‍යොතිෂ පිරිස ඇමතු එතුමා “පඬිවරුනි ඡ්‍යොතිෂය භාවිත කරන ඔබ, ඔබ ළඟට පැමිණි සේවාදායකයකු ඡ්‍යොතිෂය පිළිබඳ ඔබ නොදන්නා දෙයක් ඔබගෙන් ඇසූවිට ඔබ කරන්නේ කුමක්ද? “පඬිතුමනි පොඩි බොරුවක් කියනවා” ඒ වැඩේ කරන්නට එපා. මෙම ශාස්ත්‍රය භාවිත කරන අය බොරු කියන්න යන්න එපා. ඔබ සේවාදායකයා අසන දේ ගැන ඔබට පිළිතුරු දෙන්නට බැරිනම් තමන් ඒගැන නොදන්න බව, කියන්න. ක්‍රිෂ්ණ මූර්ති පඬිතුමාගේ ඔවදන වූයේ ඡ්‍යොතිෂය හදාරන්නෝ බොරුවෙන් වැළකිය යුතු බවයි.

සිය නුවණින් සම්මා සම්බෝධියට පැමිණි බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තය. අනන්ත වු ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා සසර දුකින් මිදවීම සිව්සස් දහම දේශනා කළහ. සිව්සස් දහම නැතහොත් තුන්පිටකය ලොවට පහළ වූයේ බුදුරජාණන් වහන්සේ නිසාය. එබැවින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ස්වාමියාය. සැරියුත් මුගලන්, සීවලී මහා කාශ්‍යය ආදි අසු මහා ශ්‍රාවකයාණන් වහන්සේලා බුදු පියාණන් වහන්සේ අමතන ලදදේ ධර්මරාජය, ධර්ම ස්වාමි, ආදි වචන වලිනි. එදා පටන් අදතෙක් මහන වන මහා සංඝරත්නය බුද්ධ පුත්‍රයන් වහන්සේලා ලෙස හැඳින්වේ. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ විවිධ කුසලාත දක්ෂතා සේවා ඇතත් උන්වහන්සේලා හඳුන්වාගනු ලබන්නේ බුද්ධ පුත්‍ර යන නාමයෙනි. අවුරුදු දහස් ගණනක් තිස්සේ අවිච්ඡින්නව පැවතෙන බුද්ධ පුත්‍රනාමය අදත් භාවිත වේ. එයට හේතුව ගුරු ගෞරවයයි දෙවි බඹ, අසුර නා ආදි සියල්ලන්ගෙන්ම වැඳුම් පිදුම් ලැබූ උත්තමයාණන් වහන්සේය. එබැවින් උන්වහන්සේ තිලෝගුරුද වේ. එතනින් පවා ද්වනිත වන්නේ ගුරු භක්තියයි.

ත්‍රිපිටක පරිවර්තනය කළ අශ්ව ගෝෂ තෙරුන් වහන්සේ ත්‍රිපිටකය හැඳින්වූයේ විශුද්ධි මාර්ගය ලෙසයටයි. සත්වයාගේ විශුද්ධිය පිණිස ත්‍රිපිටකය දේශනාවි ඇති නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ සැරියුත් මුගලන් සීවලී ආදි මහ රහතන් වහන්සේලා බුද්ධ ගෞරවයට ගුරු ගෞරවය රැක ගත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වූහ. ඡ්‍යොතිෂය සාර්ථකව හැදෑරීමට හැකි අය ගැන අපේ පැරණි ඡ්‍යොතිෂ පොත්වල සඳහන් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.