ඔබව ධනවතෙකු කරවන ග්‍රහයෝ

ඔක්තෝබර් 30, 2020

ධනය පිළිබඳ පරික්ෂාවේදී කේන්දරයක දෙවැන්න, දෙවැන්න අධිපති සිටින ස්ථානය, තුන්වැන්න, තුන්වැන්න ගත ග්‍රහයෝ තුන්වැන්නාධිපති උපතේ සිටින ස්ථානය, දහවැන්නේ උපතේ යෙදුණු ග්‍රහයෝ, දහවැන්නාධිපති උපතේ තැන්පත් රාශිය, එකොළොස්වැන්න ගත ග්‍රහයෝ සහ එකොළොස්වැන්නාධිපති උපතේ තැන්පත් රාශිය සහ එකොළොස්වැන්නාධිපති උපතේ සිටින නැකතින් ධනය ගැන පැවසීමට පුළුවන.

 

සමහර පුද්ගලයන්ට ධනයෝග උදාවී ටික කලකින් ධනය විනාශවන්නේ දෙවැන්න අධිපති උපතේදීම දුර්වල නිසාය.

කන්‍යා ලග්නයෙන් ජනිතව රවි දෙවැන්න ගතව පාප ග්‍රහයින්ගේ පූර්ණ ග්‍රහ දෘෂ්ටිවලට ලක්ව ජනිතව උපන් අයට මව්පිය ධනය, ඉඩම්, යාන වාහන, අලුත් නිවාස, ලැබුණත් ශනි ඒරාෂ්ඨක කාලය වන අවුරුදු 7 1/2ක් ගෙවන විට පදිංචි නිවසත් උගසට තබා සින්න වේ.

සුළු පෙර පිනකට ධන සම්පත් ලැබුවත් කලකදී සියල්ල විනාශ වේ.

 

මේෂ

මේෂ ලග්නයෙන් ජනිතව දෙවැන්න අධිපති උපතේදී පුවපල්, පුවසල නැකතින් එකක ගමන් කර ඇත්නම් ධනවතෙකු වේ.

 

වෘෂභ

වෘෂභ ලග්නයෙන් ජනිතව උපතේ බුධ ග්‍රහයා දෙට, අස්ලිස,රේවතී යන නැකැත්වලින් එකක ගමන් කර ඇත්නම් ඔහු හෝ ඇය ධනවන්තයෙකු ධනවන්තියක් වේ.

 

මිථුන

මිථුන ලග්නයෙන් පුර පක්ෂයෙන් ජනිතව සඳු ග්‍රහයා දෙවැන්නේ යෙදී එම සඳු හත, රෙහෙන සුවන යන නැකැත්වලින් එක් නැකතක උපතේ ගමන් කර ඇත්නම් ධනවතෙකු වේ. අමාවක දිනක නම් දිලින්දෙකු වේ.

 

කටක

කටක ලග්නයෙන් ඉපදී දහවැන්නේ රවි, බුධ යෙදීමත් එම රවි තමාගේ නැකතක උපතේ ගමන් කර ඇත්නම් රාජ්‍ය සේවයෙන් ධනය උපයයි. රජයේ කොන්ත්‍රාත් ආදියෙන් ධනය උපයයි. කෝටිපතියෙකු වේ.

 

සිංහ

සිංහ ලග්නයෙන් ඉපදී බුධ දෙවැන්න ගතව දෙට,අස්ලිස, රේවතී යන නැකැත්වලින් උපතේ ගමන් කර රවි හා බුධ සිංහ රාශිගතව ජනිත අය ධනපතියන් වේ. විදේශයෙන් වාහන ගෙන්වා අලෙවි කර කෝටිපතියෙකු වේ.

 

කන්‍යා

කන්‍යා ලග්නයෙන් ඉපදී රවි, බුධ හා සිකුරු දෙවැන්නේ යෙදී ඔබගේ සම්පත් නැකතේ සිකුරු උපතේ යෙදීම ධනවතෙකු වීමේ ග්‍රහ බලයකි.

 

තුලා

තුලා ලග්නයෙන් ජනිතව කුජ, ශනි හතරවැන්න යෙදී තමන්ගේ සම්පත් නැකත උපතේ ගමන් කර ඇත්නම් ධනවත් පවුලක ඉපදේ.තරුණ වයසට පැමිණි කල තම ව්‍යාපාර වලින් ධනය උපයයි.

 

වෘශ්චික

වෘශ්චික ලග්නයෙන් ජනිතව ගුරු නමවැන්න ගතව උපතේ යෙදීම ධනවතෙකු බිහිකරයි.

 

ධනු

ධනු ලග්නයෙන් ජනිතව ශනි ග්‍රහයා තුලා රාශිය වන එකොළොස්වැන්නේ යෙදීම ධනය ලබාදෙන ග්‍රහ පිහිටීමකි.

 

මකර

මකර ලග්න අයගේ දෙවැන්න අධිපති ශනි දහවැන්නේ සිකුරු සමඟ යෙදීම දුර්ලභ ගණයේ ධන යෝගයකි. උපතම ධනවත් නිවසකයි.

 

කුම්භ

කුම්භ ලග්නයෙන් ඉපදී ගුරු ග්‍රහයා එකොළොස්වැන්න යෙදීමත් ධනය ලබාදෙන ග්‍රහ පිහිටීමකි.

 

මීන

මීන ලග්නයෙන් ජනිතව කුජ ග්‍රහයා දෙවැන්නේ උපතේදී සම්පත් නැකතේ ගමන ධනවන්තයෙකු බිහි කරයි. ධනවන්තියක් බිහිකරයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.