පේ‍්‍රමය කරුණාව තුරුලු කර සිකුරු තුලාවට

ඔක්තෝබර් 30, 2020

2020 නොවැම්බර් මස 17 වෙනි දින 01.03 පැයට ග්‍රහ ලොව මනාලිය වූ සිකුරු තම ස්වක්ෂේත්‍රය වූ තුලාවට පැමිණේ. එතැන් සිට දෙසැම්බර් 11 වෙනි දින 05.17 පැය දක්වා එහි ගත කරන සිකුරු මුල අංශක 15 තුළ (නොවැම්බර් මස 29 වෙනි දින දක්වා) මූල ත්‍රිකෝණවද අග අංශක 15 තුළ ස්වක්ෂේත්‍රවද එහි ගත කරයි.

සිකුරුගේ මෙම ගෝචරය අනුව මහාපුරුෂ යෝගවලින් එකක් වන මාලවි යෝගය තුලා, මකර, මේෂ, කටක, යන ලග්නවලින් උපදින්නට උදාවන අතර කටක ලග්නයට සිව්වැන්නේ දිග්බල වීමෙන් මහා බලයක් උදාකර දේ. එමෙන්ම මෙම ලග්න හතරට සත්කාමධේනු යෝගයද උදාකරන අතර එම යෝගය මිථුන,කුම්භ ලග්නවලින් උපදින්නන්ටද උදාකරයි. එමෙන්ම සිංහ, ධනු, ලග්නවලින් උපදින්නන්ට චින්තාමණී යෝගයත් වෘෂභ ලග්නයට හර්ෂා , මීන ලග්නයට සරලා, වෘශ්චික, ලග්නයට විමලා නම් විපරිත රාජ යෝග උදාකරයි. එමෙන්ම මකර ලග්නයට ධර්මකර්මාධි යෝගය 28 වෙනි දින බුධ, වෘශ්චික, රාශිගත වනතුරුද දෙසැම්බර් 10 වෙනි දින 21.51 පැය සිට 11 වෙනි දින 05.17 පැය දක්වා තුලා ලග්නධාරින්ට පුෂ්කල යෝගයද උදාකර දේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.