ඔබේ දැනුම පොතට

ඔක්තෝබර් 23, 2020

දැන උගත් ඡ්‍යොතිර්වේදීන්ටත් ආධුනිකව ඡ්‍යොතිෂ්‍ය හදාරන්නන් හටත් මතකයටත් දෛනික ප්‍රයෝජනය සඳහත් මෙම තොරතුරු ටිකක් භාවිතයට ගන්න. එවිට ඔබට දැනුමට තවත් දැනුමක් එකතු වනු ඇත.

 

සියලු වැඩ කටයුතු සඳහා සුබ යෝග

ගුරු ලග්නගතව සිකුරු නවවැන්නේ ද රවි එකොළොස් වැන්නෙහිද (11) ශුභ වැඩවලට ඉතා ප්‍රශස්ථයි. කටයුතු අඩාල නොවේ. ඉක්මන් ප්‍රතිඵලයි (මහේන්ද්‍ර යෝගයයි)

ගුරු කටක ලග්නය වී සඳු දසවැන්න ද අස්විද නැකත සඳු උදා වූ විට සියලු වැඩ සාර්ථක වේ. හිඟ නොවේ. කල් පවතී. (විජය චන්ද්‍ර යෝගයයි )

ගුරු 4 වැන්න ද ශනි 11 ද ඉතා ප්‍රශස්ථයි. මධ්‍ය යෝගයයි. කටයුතු සාර්ථකයි.

උපත ලැබූ දරුවෙකු ගැන දැන ගැනීමට ඡ්‍යොතිර්වේදියෙකුගේ අවශ්‍ය වේ. 3,6,2,5 අධිපති ලග්නගත වී සිටියේ නම් තම නිවැසි මෙහෙකරුවෙකුට සම්බන්ධයි.

ලග්නයේ පාපියෙකු හෝ අස්තවු ග්‍රහයෙකු නොවීද ශනි දසවැන්න වී ද ඔහු නම් ජාති සහකරුවෙකු ගේය.

ලග්නයේ සඳු තුන්වැන්නේ කුජ , සිකුරු දෙදෙනා ද පැවැති එන අන්‍ය ජාතියෙකුගේය.

ලග්නයේ රාහු කුජ ද, හත්වැන්න රවි සඳු ද සිට උපන් බිලිඳියත් රාජ කුමරියකුගේ වුවත් පහත් නීචයෙකුගේලු

රවි සඳු ලග්නගත වී හත කුජ සිටියේ නම් ඒ උපතක් අන්‍ය කෙනෙකුගේලු

දෙක, හය, අට, දොළහ ග්‍රහයන් සිටි විට රාජාධිපති, රාජ්‍යයට සම්බන්ධ කෙනෙකුගේලු.

6 අධිපතියා ලග්නාධිපතියා සමඟ එක්තැනක යෝගවී සිටියේ නම් පරපුරුෂයෙකුගේලු. ගුරු සඳු ලග්නය නොදකීනම් අන්‍ය කෙනෙක්ගේ 4-10 ලග්නයේ පාපිව සිටි විට සඳු ද සිටි විට අන්‍ය කෙනෙකුගේය. ලග්නාධිපතියා ලග්නයේ සුබ වී උපත ලැබූ නම් දෝෂ ඉවත්වන බව ද පරාශර ඍෂින් පවසයි.

දින හෙවත් වාර ශුද්ධිය

සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා. සිකුරාදා යන දින 4 සුබ වැඩ වලට සුබයි.

අවශ්‍ය වූ විටෙක ඉරිදා උදය වරුව

අඟහරුවාදා සවස් වරුව ද

සෙනසුරදා රාත්‍රී කාලයට ද සාමාන්‍ය වශයෙන් සුබයි.

දිනාධිපතියා බලවත්ව ශුභ රාශියක සිටිවිට එම දෝෂ අඩු වෙයි.

ඉරිදා සවස් වරුවේ උසස් අයගේ හා රාජ්‍ය අංශයේ අයගෙන් උදව් උපකාර අඩුවේ.

සඳුදා – කටයුතු සාමාන්‍යයි. මධ්‍යස්ථයි. ශාන්තදායකයි.

දැන් සුබා සුබ අඟහරුවාදා

උදය වරුවේ කටයුතුවලින් සතුරු කරදරයි. සවස් වරුව සාමාන්‍යයයි.

බදාදා – සාමාන්‍ය ලාභ ප්‍රමාද වී කටයුතු ඉටුවෙයි.

බ්‍රහස්පතින්දා – දියුණුව ඇතිවේ. උද්යෝග්‍යය පවතී.

සිකුරාදා – ලක්ෂණට කටයුතු හමාර වේ. උදව් උපකාර ලබයි.

සෙනසුරාදා – දවල් කාලයේ පටන් ගැනීම අලාභ හානි ලෙඩ දුක් කරදර, රාත්‍රී කාලය සමානා්‍ය පල ලබයි.

සඳුදා - සිකුරාදා – රෝගිව සිටින අය පිරිසිදුවටත් රෝගයෙන් මිදුන අය නෑවීමට සුබයි.

සිකුරාදා – මල්වරය සිදුවූ අයට දියනෑවීමට අසුබ බව ද තැනක කියයි.

සරසවි යෝග

බදාදා දිනයක රවි බුධ කන්‍යා ලග්නයේ උදය වරුවක වී බුධ උච්ච අංශකය කන්‍යාවේ මැද සිටීම ද

බදාදා දිනයක බුධගේ ලග්නයක් වී හත නැකතේ රවි බුධ සඳු එක්ව සිටි විට.

සඳුදා, බදාදා ගුරු කිවි දිනෙකි. ගුරු කටක ලග්නයේ සුබ හෝරාව ද මෙම සරසවි යෝග අකුරු කියවීමට බලවත් වේ.

කියවීමට සුබ අකුරු- ස,ත,ද,ව,ට,ඉ,ඩ

අංක- දරුවාගේ ජය අංකය මුලට ද 2,4,6,8,9,1

අංක හෝඩිය

A1, B2 ,C60, D 4, E5,F8, G3,H5, 1-10 J-3,K20, L50,M40,N50-06 ,P80 .QR200 S 60,T 400 U 6, V 801,W6,X6, Y10 ,Z800  අරාබි අංක විද්‍යාව ද වේ.

සිංහල හෝඩිය හා අංක

අ 1 උ 6 බ6 ජ්3 ත් 9 ඕ 2

ආ2 ඌ1 ඕ6 ට්4 ද්4 ම්4

ඉ1 එ1 ක්2 ඕ 4 න් 5 ය්

ඊ 2 ඒ 2 ජ2 ණ්5 ජ්8 ර්2

ල 4 ෂ 3

ව 8 ච 3

ස 6 ඖ7

හ 5 ඓ1

ග්‍රහයින්ට අයත් අංක අනුව ග්‍රහයින්ගේ අනන්‍යතාවය අනුව සම්බන්ධතාවය

රවි සිකුරු 1-6 රවි – බුධ 1-4

රවි ගුරු – 1-5 රවි නේප්චූන් 1-9

සඳු ගුරු 2-5 සඳු බුධ 2-4

සඳු – සිකුරු – 4-6 බුධ – සිකුරු – 2-6

සිකුරු – ගුරු 6-5

 

ග්‍රහයින්ට නම් අංක

ඉරු 1-4 ගුරු 3 සඳු 2-7 කිවි 6

කුජ 9 ශ 8 බුධ 5

ග්‍රහයින්ගේ විවිධ නාමයන්

රවි සූර්යා රශ්මි දීප්ත ගහමිණි, සහසරැස් භාෂ්කර හිරු

බාසුර දිවයුද රවි, අහස්කර. නුඹමිණි අරුණ

සචිතු, අර්ක හේළි හනුමාන් නික්මෙ රජ

සදු :– සඳු, සොමි, චන්ද්‍රමන, චන්ද්‍ර පිණිපා තුෂ්කර, උමිඳු – ග්ලෞ ක්ලේශ ශීතරශ්මි තරිඳු අබ්ජ මෘනාංකර ශීතාංගු

කුජ – කුජ,අඟහරු, පාපි, ලෝහිතාංග මඟුල් මහිශුත, මිහිපත්

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.