ගුරු වර්ගෝත්තම වේ පීඩා මැද ජනතාවට සුවසෙත

දීර්ඝ කාලීන සුබ කටයුතු වලට අනර්ඝ අවස්ථාවක්
ඔක්තෝබර් 23, 2020

ධර්ම කර්මාධිපති රාජයෝගය

ගුරු හංස යෝගය

රවි සිකුරු නීච භංගයෝගය

සමඟ තවත් යෝග රැසක්

2020 ඔක්තෝබර් 30 පස්වරු 13-07 සිට

නොවැම්බර් 20 පස්වරු 13 -23 දක්වා

 

පුරා මාසයක් ගුරුගේ වර්ගෝත්තම බලය පවත්වාගෙන යයි. ඔක්තෝබර් 30 ප්‍රබල කේවල සිද්ධි යෝගයකින් ඇරඹෙන ගුරුගේ වර්ගෝත්තම බලය ධනු ලග්නය තත්කාල ලග්නය ලෙස ගෙන තමාගේ නැකතට, ලග්නයට සීහෙන ලෙස ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියකු ලවා අවශ්‍ය සුබ නැකත් සාදා ගත හැකියි. මෙම ගුරුගේ බලයෙන් කෝටියක් දෝෂ භංග කිරීමට හැකියාව ඇති අතර ධර්ම කර්මාධිපති, ගුරු හංස නීච භංග යෝග වැනි ග්‍රහ යෝග බලයෙන් දීර්ඝ කාලීන සුබ සිද්ධිය ඇතිකර ගත හැක. 2020 නොවැම්බර් 20 සිට දෙසැම්බර් 07 දක්වා ගුරු නීච වුවත් නවාංශකයේ ද නීච බැවින් නීච භංග බලයෙන් ගුරු බලවත් වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.