හත්වැන්නේ සෙනසුරු සිටියොත් විවාහයට කෙසේ බලපායිද ?

ඔක්තෝබර් 16, 2020

සෙනසුරු හත්වැන්නෙහි සිටින ජන්ම පත්‍ර හිමියන්, හිමිකාරියන් විවාහයට මහත් බියක් දක්වන බව නොරහසකි. මේ අස්ථාන භීතිය පදනම් රහිත බැව් පෙර, අපරදිග ජ්‍යෙතිෂඥයන්ගේ පර්යේෂණවලින් පැහැදිලිව සනාථ වී ඇත. සෙනසුරු හත්වැන්නේ සිටීම අනෙකාට මරු කැඳවීමක් හෝ වැන්දඹුවක් කරන පිහිටීමක් නොවේ. ශනි ලෝකෝත්තර ග්‍රහයෙක් වන බැවින් හත්වැන්නේ සෙනසුරු සිටීමෙන් විවාහය පමා වේ. එසේ නැතහොත් සහකරු, සහකාරිය වශයෙන් ලැබෙන්නේ සම වයසේ හෝ තමනට වඩා වයසින් වැඩි කෙනෙකි.

 

කේන්ද්‍රයක හත්වැන්න ශරීරයේ අපවිත්‍ර ස්ථානයට සම්බන්ධ නිසා එම අපිරිසිදු කොටස පිරිසිදු කිරීමේ කාර්යයන්ට සුදුසුම ග්‍රහයා සෙනසුරුය. උසස් ප්‍රභූ වරයෙකුට පැවරීම කිසි සේත් අනුමත කළ නොහැකි ය. එම කරුණු නිසා ගුරු වැනි සුබ ග්‍රහයෙකු හත්වැන්නට හොඳ නැත.

යුග දිවියේදී ඇති වන දුක, සැප හා වේදනා උපේක්ෂා ගුණයෙන් විඳ දරාගෙන ජීවිතය ගෙන යාමට ශනි හත්වැන්නේ සිටින ජන්මලාභීන් සමත් වන බව පරීක්‍ෂණ වලින් ඔප්පු වී තිබේ. එම නිසා ශනි හත්වැන්නේ සිටීම විවාහ ජීවිතය කඩාකප්පල් වීමට හේතුවක් නොවේ. සාර්ථක විවාහ ජීවිතයකට ශනි හත්වැන්නට සුබ පිහිටීමක් වන නමුත් රවි හෝ ගුරු වැනි ග්‍රහයෙක් හත්වැන්නේ පිහිටා ඇත්නම් ඒ හේතුකොටගෙන විවාහ සහකරු, සහකාරිය අතර අවුල් වියවුල් වාද, විවාද වලට පැටලී විරසක වී නිවසින් පිටවී යාම සිදු විය හැකිය.

මේ හේතුව නිසා තම විවාහ ජීවිතය පවා අසාර්ථක කරගන්නා බව නොරහසකි. නමුත් ශනි හත්වැන්නේ සිටින ස්ත්‍රීය හෝ පුරුෂයා යම් කරුණකදී විරසක වුවත් එය විඳ දරාගෙන විවාහ ජීවිතය ඉදිරියට ගෙන යාමට උත්සාහ ගනියි. විවාහයෙන් පසු දියුණුවක් දැකිය හැකිය. නමුත් ගුරු හත්වැන්නේ සිටීම බොහෝ දෙනා ඉතා සුබ පිහිටීමක් ලෙස සලකති. ගුරු හත්වැන්නේ සිටින අය විවාහ වී කාලයක් ගතවීමෙන් අනතුරුව ලිංගික ජීවිතය කෙරෙහි කලකිරීමට පත් වන බවත්, ඒ නිසා අසාර්ථක යුග දිවියක් ගත කිරීමට ඔවුනට සිදු වන බව පිළිගැනීමට සාධක ඇත.

ජෝතිෂ්‍යය අනුව සෙනසුරු සත්වැන්නෙහි පිහිටීම විවාහයට ඉතා යහපත් යෝගයක් උදාකරන බව කිව හැකිය. හත්වැන්න ශනිගේ දික් බල ස්ථානයයි. හත්වැන්න මකර, කුම්භ හෝ තුලා රාශියක් වී එහි සෙනසුරු සිටීමෙන් ශනිගේ දික් බලයට අමතරව පංච මහා පුරුෂ යෝගයක් වන සස නමැති ප්‍රබල සුබ යෝගයක් උදා වේ.

සස යෝගය මහජන සම්බන්ධතාවකට ද හොඳ පිහිටීමකි. මෙම යෝගයෙන් උපත ලත් ජන්මීන්ට උපන් තත්ත්වයට වඩා උසස් තැනකට ජන්මියා ගෙන යාමට ද උසස් පදවි ලැබීම හා ගමක නගරයක ප්‍රධානියෙකු වීමට ද භාග්‍ය ඇත්තේය.

“කලත්‍රසෙථ මිත්‍ර පුත්‍රෙ සකල ත්‍රො රුජාන් විතාඞ බහුශතෘ විවණිශව කෲරශව මලිනො භවෙත්”

සත්වැන්නේ සෙනසුරු සිටියදී උපන් තැනැත්තා රෝග පීඩා විඳීන බොහෝ භාර්යාවන් හා බොහෝ සතුරන් ඇත්තා වූ දුර්වර්ණ ශරීරයක් හා කෲර සිතක් ඇති මලානික භාවයෙන් යුක්ත වූවකු වන්නේය යනු මෙම පැරණි ශ්ලෝකයෙහි අදහසයි. මෙවැනි අයහපත් තත්ත්වයක් උදා කර දෙනවා නම් සෙනසුරු හත්වැන්නට දික් බල කිරීමේ තේරුම කුමක්ද ? යම් ග්‍රහයෙකු දික් බලයෙන් යුතුව ඔහුට හිමි තැනක සිටින විට එම ග්‍රහයාගෙන් නරක විපාක ලැබේ යැයි කීමෙහි කිසිදු සත්‍යයක් නැත. මෙයින් අප තේරුම් ගත යුත්තේ පැරණි ජෝතිෂ්‍ය ග්‍රන්ථ වල තිබූ පමණින්ම යම් දේ ඒ අයුරින්ම පිළිනොගත යුතු බවයි. එසේ පිළිගත් විට පලාඵල කථනයන් උඩු යටිකුරු වීමට එය බෙහෙවින්ම බලපාන බව අප නොයෙක් වර දැක තිබේ. ජෝතිෂ්‍ය පර්යේෂණ සෙනසුරු හතේ පිහිටීම පිළිබඳව භාරතයේ ප්‍රවීණ ජෝතිෂඥයකු වන

ර්‍ථපධට. ඬ. ඵ . ජඩචපචඬ හා බටහිර පර්යේෂණ ජෝතිෂ්‍යවේදී ඉථඪබඩ ර්‍ථඪඥබඥප විසින් කරන ලද ජ්‍යොතිෂ පර්යේෂණවල ප්‍රතිඵල භාරතයේ ඡ්‍යොතිෂඥයකු වූ ඒඨඨචපඹචත විසින් රචිත ඡ්ඵඵඥදබඪචත ධට ර්‍ථපඥඤඪජබඪමඥ ඒඵබපධතධඨර පිටු අංක 124 හි සඳහන් කර ඇත.

මෙම පර්යේෂණ සඳහා සෙනසුරු හත්වැන්නේ සිට විවාහක ස්ත්‍රී/පුරුෂ ජන්ම පත්‍ර 106 කගේ තොරතුරු විශ්ලේෂණය කර ඇත. එමගින් අනාවරණය වූ කරුණු පහත දැක්වෙන පරිදි සංක්ෂිප්තකොට ඉදිරිපත් කරමි.

1. මෙම පර්යේෂණයට බඳුන් වූ 106 දෙනා අතුරෙන් ශනි 7 වැන්නේ පිහිටි ජන්මීන් 74 දෙනෙකුගේ විවාහ අතිශයින්ම සාර්ථක අන්දමින් ගතවී ඇති බව සනාථ වී ඇත.

2. 26 දෙනෙකුගේ විවාහයේ සුළු සුළු අඩුපාඩුකම් දක්නට ලැබුණු බවත් කෙසේ හෝ දුක සැප දෙකම විඳ දරා ගැනීමේ ශක්තියක් ඔවුන්ට තිබූ බවත් ඔවුන්ගේ යුග දිවිය දෙකඩ නොවූ බව හෙළිදරවු වී ඇත.

3. 4 දෙනෙකුගේ විවාහය අසාර්ථක වූවත් පසුව ඔවුන් සමාදානයෙන් සිටින බව අනාවරණය විය.

4. විවාහ වීමෙන් පසු අවුරුදු 3ක කාල සීමාවක් තුළදී විවාහය අසාර්ථක වීමෙන් දෙදෙනෙකු දික්කසාද වූ බව පෙන්වා දී ඇත. සමස්ථයක් වශයෙන් ගත් කල මෙම පර්යේෂණයට ඉදිරිපත් වූ ස්ත්‍රී, පුරුෂයන් 106 දෙනෙකුගෙන් 44 දෙනෙකුගේ විවාහය අවුරුදු 27-33 ක්

දක්වා වූ කාල සීමාවෙහි ද 34 දෙනෙකුගේ විවාහය අවුරුදු 28 සිට 24 දක්වා වූ කාල සීමාවේ ද 18 දෙනෙකුගේ විවාහය අවුරුදු 23 සිට 26 දක්වා වූ කාල සීමාවෙහි ද සිදු වී ඇති බවත් වාර්තා වී ඇත.

ඉහත දක්වන ලද පර්යේෂණ මගින් පැහැදිලි වන්නේ සෙනසුරු ග්‍රහයා හත්වැන්නට ශුභ ග්‍රහයෙකු වන බවත් කොපමණ කරදර බාධක පැමිණියත් ජන්මියා ප්‍රශ්නවලින් පැන නොයන බවත්ය.

හතේ ශනි සිටි අය ඉතා වාසනාවන්ත විවාහ ජීවිත ගත කරන බව මා අත්දැක තිබේ. ජන්ම පත්‍ර කිහිපයක් නිදසුන්කොට මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බලමු.

1951. 05. 29 පාන්දර 2.03 බදුල්ලේදී පුවපුටුප 2 වන පාදය ගුරුට වර්ෂ 8 මා 10 දින 19.

1961. 09. 24 රාත්‍රී 12.44 නුවරදීය උත්‍රපුටුප නැකත 3 වන පාදය ශනිට වර්ෂ 5 මා 8 දින 15.

ජන්ම පත්‍ර අංක 01

ඇය මා සමඟ එකම රෝහලේ සේවය කළ වෛද්‍යවරියක්. මෙම ජන්ම පත ඔබ හමුවේ විග්‍රහ කරන්නේ ශනි හත්වැන්නේ තැන්පත් වීම විවාහ ජීවිතයට කොතරම් බලපානවාද යන්න අවබෝධ කිරීම පිණිසය. මෙම වෛද්‍යවරිය විවාහ වූණේ වයස අවුරුදු 31 දීය. එනම් 1982 සැප්තැම්බර් මස 23 වන ගුරු දිනදීය. විවාහ සහකරු සම වයසේ පසු වූ අයෙකි. ඇය දෙදරු මවකි. දැනට විදෙස් ගතවී සිටින මැය කායික රෝග විශේෂඥවරියකි. ඉතා ප්‍රීතිමත් සාර්ථක විවාහ ජීවිතවක් ගත කරන හැලහැප්පීම්වලින් තොරව සැමියා සමඟ දුක සතුට බෙදාගෙන ජීවත් වන ආදර්ශමත් කාන්තාවකි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.