නොවැම්බර් 20දා සිට ගුරු නීචය අවදානම් ග්‍රහයින් සීරුවෙන් ජනතාව අසීරුවෙන්

ඔක්තෝබර් 16, 2020

2020.11.20 පස්වරු 13.23 ට මකර රාශියට පැමිණ 2020 දෙවැනිවරටත් ගුරු නීච වේ. මනුෂ්‍යයාගේ දියුණුවට, සැපයට, ගුණ ගරුක භාවයට, අධිපති ගුරුයි. ධනකාරක ද ඔහුමය. මෙයට කලින් මේ අවුරුද්දේම 2020 මාර්තු 30 ගුරු නීච වුණි. එහිදී එම මකර රාශියේ සෙනසුරු සහ උච්ච කුජ පැවතුණි.

වාතයට අධිපති සෙනසුරු සහ ගින්දරට අධිපති කුජ සමඟ ගුරු නීච වීමෙන් මහා වසංගතයක් ලොවට මුදාහැරියේ අනුකම්පා විරහිතවයි. ලොව එම පීඩනයෙන් ගැලවීමට උත්සුක වන මේ මොහොතේ නැවත ගුරු නීච වීම, සෙනසුරු සංයෝග වීම, අපලදායකයි. ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රය අනුව, රෝහල්, සිරකඳවුරු සහ වැය ගැන කියන දොළොස්වැන්න මකරයි. ගුරු ධන+ අය අධිපතියායි. මෙය බැද්දට පෑයු හඳ වගේ යැයි පැරණි කියමනක් තිබේ. ගුරු නීචවූවන්ට වසංගත රෝග වැලඳීමට ඇති ඉඩ කඩ වැඩිය. ආර්ථික අපහසුතාවලට මුහුණදීමට ජනතාවට සිදුවනු ඇත.

ඒ සමඟම 2020.11.17 සිකුරු තුලාවේ බලවත් වීම ජනතාවගේ සුවසෙත සඳහා නව නිපයුම්, නව ඖෂධ සොයාගැනේ. අප කුම්භ ලග්නයේ භාග්‍යස්ථාන අධිපති භාග්‍යස්ථානයේ බලවත් වී ලග්නය, පහ, නවය දැකීම, රටේ පෙර වාසනාවකි. මහත් අස්වැසිල්ලකි. ජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් මෙම පීඩනයෙන් ජයගත හැක.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.