ගුප්ත විද්‍යාව ඍෂිවර රුසිවර ඥානයයි

ඔක්තෝබර් 9, 2020

මන්තර ශාස්තරය යුග කාලීනව ‘සුබසෙත’ පාඨක පිරිස කෙරෙහි දැනුම අවබෝධය සඳහා බහුතර ආධුනිකයන් දිනපතා අප වෙතින් කෙරෙන ඉල්ලීම මෙසේ ඉටුකරන්නෙමු. දැනුම,අවබෝධය, යමකධර්ධ් ඥානය (අවබෝධ ඥානය) මන්තර ශාස්තරයෙහි නොදන්නා තැනක් නොමැති වේ. මෙසේ ග්‍රහණය වෙන්නෙකි. 

අප්‍රතිහත වූ ධෛර්යයෙන් නොපසුබට උත්සාහයෙන් දිගු කාලීන වූ ප්‍රායෝගික පාරම්පරික උපදේශන තුළින් අධ්‍යයනය කළ යුත්තෙකි. චිත්ත චෛතසික ආධ්‍යාත්මික නැඹුරුවෙන් විඥානය අවධිමත් විය යුතු පැතිකඩකි. කතිරය – හරිය සංඥා වැනි ද්විහේතුක කර්මඵල විපාකය ක්‍රියාකාරී අමනෝඥ ක්‍රමෝපායන් අනුගමනයට හාත්පසින් දුරස්ථ වූවෙකි. ත්‍රිහේතුක ප්‍රතිසන්ධියෙන් යුතු ප්‍රවීණ ගුප්ත විද්‍යාධාරි උතුමාණන් මානව වර්ගයාට සම්පතකි. කට පාඩමට ඇති 2-12 වරක් චක්‍රය මෙන් හෝ විෂය ධාරාවෙහි කිසිදු අවබෝධයක්වත් නොමැති එසේම පොතක් පුරාවට ඇති වගන්ති (ඡේද) පාඩම් කිරීම ද ගිරා, සැළලිහිණි, මයින ආදී පක්ෂීන්ට දෙවෙනි නොවෙන්නෙකි. මෙබඳු සැලසුම්කරණ ගුප්ත විද්‍යා මල්ඵල ගැන්වීම ද නොවනු ඇත. 

අවිහිංසාව ,අවංකබව, පිරිසුදු චරිතය, සත්‍යවාදීබව, යහපත් සංකල්පනාදී ශුභ මානුෂික ධර්මතාවයක පිහිටා එකඟ කොටගත් සිතෙන් සිතිවිලි ග්‍රහණය විය යුතුයි. ආහාර , නින්ද, බිය, මෛථූනය, මඟුල් සක්වළ පුරාවට ප්‍රාණීන් කෙරෙහි සමතුලිතව වර්ධනය කෙරෙයි. අනියම් සබඳතා අතර විෂමාචාර තිරශ්චීනව ක්‍රියාකාකරම් තුළින් දුරස්ථ දුගී මගී යාචකාදී අන්‍යයන්ගෙන් යැපීම ද වංචනික කූට උපක්‍රම ශීලිබවෙන්ද දුරුවූ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමලංකෘත ත්‍රිහේතුක ප්‍රතිසංධියෙන්ම මනුලොව පාදුර්භූත පුන්‍යවන්ත වන්දනීය පූජනීය ගිහි උතුමන් ගුප්ත විද්‍යා ඤාණයට ප්‍රවේශගතවීම ගුප්ත විද්‍යාධාරි උතුමෙකුගේ මූලික පදනමයි. ආධ්‍යාත්මිකව දිගු කාලපරාසයක අධ්‍යයනය ද ප්‍රායෝගිකතාවයද මූලික කොටගත් සංහිඳියා ධර්මතා රැසකගේ අන්වර්ථව අනුගමනය කළා වූද ඡ්‍යොතිෂය සිංහල වෙදකම සහ ගුප්තවිද්‍යාව , වෛද්‍ය වෘත්තීය ඉපැරණි ඍෂිවර සමයෙහි සිට ක්‍රමවත් වූද හරවත් වූද ශිල්පීය ක්‍රමවේදයෙකි. 

අහම්බෙන් ජීවිතයකට මුසුකරගත නොහැකි නමුත් වත්මන් වාණිජකරණ රටාවට සීමිත විශ්‍රාමික වැටුප් නොලබන රාජ සම්මාන ප්‍රසාද නොලබන්නෝය. අගනුවර සිට සැතපුම් දෙතුන් සියයකටවත් එහා මෙහා ගැමි ඌරුව රැකෙන රකින ධනය, බලය කිසිත් නොමැති ආරූඪය අනුකරණයෙන් දුරස්ථ ප්‍රවීණ වියත් පිරිසක් දිවයින පුරාවට විහිදී ජීවත්වෙනවා ඇත. 

ගම්බද වෙද මහතා (ගුප්ත විද්‍යා වෛද්‍යය) ගුප්ත විද්‍යා, ඡ්‍යොතිෂය ස්වකීය සේවාදායක දායිකාවෝ අසීමිත තෘප්තියකට පාත්‍රකරවීමේ කුසලතා නිපුනතා පිහිටි ආශ්චර්යමත් පිරිසකි. නිවාස ඉඩකඩම් ජීවනෝපාය මාර්ගයන් කිසිවක් නොලද නොපෙනෙනා විස්මිත පිරිසකි. 

චිත්ත චෛතසික පෝෂණය හෝ එමඟින් සිදුකළ කිසිවක් බහුතරයකට ආශි‍්‍රත නොවෙයි. ඔවුන් සංස්කෘතිය පිළිබඳ සංස්කෘතිය රැකවරණය කතා කළත් බාහිර ලෝකයෙහි සභ්‍යත්වයන් පරමර්ශණය කොට ඊට අනුරූපව ජීවිත ගත කරන්නෝය. මිලියන , බිලියන හොර නෝට්ටු සංසරණය සමාජ විරෝධී වාණිජ කූට ව්‍යාපාරයන් මිනිස් සහ සත්ව ඝාතන දවසෙහි දිනචර්යාවට ඇතුළත් වෙන්නේ කෙසේ දැයි කාරුණිකව සොයා බැලූ මැනවි. 

ගුප්ත විද්‍යාව 

උත්කෘෂ්ඨතම චෛතසික (සිතිවිලි) ධාරාවන් අතරින් ගුප්ත විද්‍යාව ඤාණකාරක ප්‍රබල අවස්ථා තුනකි. ආධුනික ගුප්ත විද්‍යාධාරිනට විඥානය තීවෘත කරගත හැකි ශිල්පීය ක්‍රමෝපායන් මෙහිලා සටහන් කෙරෙනු ඇත. 

යමකදාසි ඥානය , මෛතුරන්ද්ධාරි ඥානය, සෙව්සිත්කාරි ඥානය 

යමකදාසි ඥානය 

අනිවාර්යයෙන්ම මන්තර ශාස්ත්‍රඥයෙකු තුළ පිහිටිය යුතු ගුණාත්මක මෙන්ම ධනාත්මක චින්තනයෙකි. ආදිතමයෝ මානුෂික වූ ශාස්ත්‍රඥයෙකු ලෙස ප්‍රායෝගික මෙන්ම විඥානය ප්‍රසාරණය  වෙන පරිදි අධ්‍යයනය කළ යුතු උත්තරීතර පැතිකඩකි. මුද්‍රිත හෝ ලිඛිත පොතපතෙහි විචාරශීලිව දූරදර්ශීව අවබෝධයෙන් ක්‍රියාකාරි තත්වයට පාත්‍ර කර ගැනීම් කුසලතා නිපුනතා යමකදාසි ඥානය වෙන්නේය. 

මෛතුරන්දධාරි ඥානය 

මූල ග්‍රන්ථ සතක් ඇති මන්තර ශාස්තරයෙහි මනාව අධ්‍යයනය කොට අවශ්‍ය පොත පත වන පොත් කරලීමෙන්  ප්‍රධාන වෙන්නෙකි.හැකියාව, කුසලතාව, දැනීම, නිපුනතාව අවබෝධය යනුවෙන් සරලව සඳහන් කළ හැක. ඍෂිභාෂිත මූල ග්‍රන්ථ සත අධ්‍යයනය කරළීමෙන් මෛතුරනධාරි ග්‍රහණය අත්‍යාවශ්‍ය වූවෙකි.කළ යුතු නොකළ යුතු දෑ පිළිබඳව අවබෝධය මෙකී ඥාන ශක්තිය මත පදනම් වී ඇත. මන්තරකරුවාට වඩා මන්තරධාරි බවට පාත්‍රවීමෙහිලා මෙකී ඥානලෝකය විශිෂ්ට වෙයි. 

සෙව්සිත්කාරි ඤාණය 

සෙම්ස්ධාරි ග්‍රන්ථ සත පරිශීලනය     කරළීම ද මූලාශ්‍ර ග්‍රන්ථ සහ අවශ්‍ය මන්ත්‍ර ක්‍රමද අධ්‍යයනය කොට ගත් පසු සෙව් සිත්කාරි ඤාණ ශක්තිය පහළ කෙරෙයි. යම් බදු වූ යන්තර මන්තරා දියක සදොස්බව නිදොස් කරලීමේ මූල ප්‍රකෘති බවට කිසිදු හානියක් නොවන ලෙස සංස්කරණ ඥාණයට ඍෂිභාෂිත මතය ද වෙනුයේ සෙව්සිත්කාරි ඥානය අවශ්‍ය මූළික අංගයක් බවයි. මෙබඳු පුද්ගලයෙකු මන්ත්‍ර ශාස්ත්‍රඥ යනුවෙන් හැඳින්වීමට සුදුස්සෙකු ලෙසට, ඍෂිවරු ප්‍රකාශ කොට ඇත. යමක ධර්ධි ඤානය කෙරෙහි ප්‍රවේශම්වීම සුදුස්සෙකු බවට ද යෝග්‍යය වෙන්නෙකි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.