ග්‍රහ පෙරහරකින් ඇරඹෙන ඔක්තෝබර් මාසය

ඔක්තෝබර් 2, 2020

පසුගිය මාස කිහිපයේදීම එක් එක් රාශිවල ද්විග්‍රහ සංයෝග ත්‍රිග්‍රහ සංයෝග වශයෙන් ලැගුම්ගත් සූර්යය ග්‍රහ මණ්ඩලය ඔක්තෝම්බර් මාසය ආරම්භ වෙද්දී සිංහ රාශියේ සිට ඉදිරි තාරකා රාශි පුරා පහත සඳහන් පරිදි එක් පෙළට ගෝචර වෙමින් පවතී. 

ඒ අනුව සිංහයේ සිකුරු සතුරුව කන්‍යාවේ රවි සමව තුලාවේ බුධ මිත්‍රව වෘශ්චිකයේ කේතු උච්චව ධනුවේ ගුරු ස්වක්ෂේත්‍රව මකරයේ ශනි ස්වක්ෂේත්‍රව කුම්භයේ නැප්චූන් වක්‍රව මීනයේ සඳු සමව මේෂයේ කුජ වක්‍රව හා මූල ත්‍රිකෝණව එහිම යුරේනස් වක්‍රව වෘෂභයේ රාහු උච්චව ගෝචර වී රාශි චක්‍රයේ එක් පෙළට සිටිමින් ඒකාවලී හා වීනා යෝගය උදාකරයි. මේ අනුව මෙම යෝග සමඟ ලග්නයේ සිට ලග්න මාලිකා යෝගය උදාකරමින් සිංහ ලග්නයෙන් උපදින්නන් උසස් ආත්ම ශක්තියකින් යුත් පුද්ගලයන් ලෙසද, දෙවැන්නේ සිට ධන මාලිකා යෝගය උදාකරමින් කටක ලග්නයෙන් උපදින්නන් යහපත් ධනයක් ඇති පුද්ගලයන් ලෙසද තෙවැන්නේ සිට වික්‍රම මාලිකා යෝගය උදාකරමින් මිථුන ලග්නයෙන් උපදින්නන් දක්ෂ එඩිතර සටන්කාමීත්වයෙන් යුත් පුද්ගලයන් ලෙසද, ජන්ම ලාභය ලබන්නේ ඉහත යෝග සමඟ තවත් යෝග රැසක් හිමි කර ගනිමිනි. මේ අනුව මෙම ලග්නවලින් උපදින්නන් තේජාන්විත ප්‍රසිද්ධ ජන ප්‍රධානත්වයට පත්වන ප්‍රසන්න ධනවත් පුද්ගලයන් බවට පත් වේ. 

මෙලෙස මිථුනයෙන් උපදින්නන් පස්වැන්නේ බුධ ත්‍රිකෝණ බලයෙන් ද හත්වැන්නේ ගුරුගෙන් ගුරුහංස හා රණහංස යෝග බලයෙන් ද අටවැන්නේ ශනිගෙන් සරලා නම් විපරිත රාජ යෝග බලයෙන් ද බලවත් වේ. කටක ලග්නයෙන් උපදින්නන් හයවැන්නේ ගුරුගෙන් හර්ෂා නම් විපරිත රාජ යෝගය ද හත්වැන්නේ ශනිගෙන් ශශ යෝගය ද දසවැන්නේ කුජගෙන් රුචක යෝගයද උදාකර බලවත් වේ. සිංහයෙන් උපදින්නන් පස්වැන්න ගුරු නවවැන්න කුජ බලවත්වද හයවැන්නේ ශනිගෙන් හර්ෂා යෝගය ද උදාකර බලවත් කරයි. 

තවද මේෂ, කටක, තුලා, මකර ලග්නවලින් උපදින්නන් රුචක හා ශශ යෝගවලින් ද, ධනු, මීන, මිථුන, කන්‍යා ලග්නවලින් උපදින්නන් ගුරුහංස හා ගජකේෂරි යෝගවලින් ද කටක, සිංහ, වෘශ්චික ලග්නවලින් උපදින්නන් හර්ෂා යෝගය ද, වෘෂභ, මිථුන, කන්‍යා ලග්නවලින් උපදින්නන් සරලා නම් විපරිත රාජ යෝග බලයෙන් ද, වෘෂභ, මකර, කුම්භ ලග්නවලින් උපදින්නන් විමලා නම් විපරිත රාජ යෝග බලයෙන් ද, ජනිත වේ. එහෙත් ගජකේෂරී යෝගය ඔක්.03 වෙනි දින 08.52 පැයට සඳු, මේෂ රාශිගතවීමෙන් ද, රුචක යෝගය ඔක්. 04වෙනි දින 10.09 පැයට කුජ, මීන රාශිගත වීමෙන් ද ඉවත් වේ. මෙහිදී කුජ මීනයේ මිත්‍ර භාවයෙන් යුතුව ගෝචර වුවත් කුජගේ වක්‍ර බලය රුචක යෝගයෙන් ඉවත්වූ අඩුව බොහෝ දුරට මඟ හරවයි. ඔක්. 17වෙනි දින සූර්යය සංක්‍රාන්තිය සිදුව රවි, තුලා රාශිගතවන අතර 14වෙනි දින 06.36 පැයට තුලාවේ වක්‍රව ඇති බුධ සමඟ සංයෝගව බුධ ආදිත්‍ය යෝගය උදා කරන්නේ එතෙක් රවිගෙන් උදාකළ උභයචාරී යෝගය අවසන් කරමිනි.. . . . 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.