අවුරුදු 18කට පසු රාහු-කේතු ප්‍රබල ලෙස උච්ච වේ

සැප්තැම්බර් 11, 2020

යෝග පොකුරක් සමඟ විශ්වය හැඩ ගැන්වෙන ග්‍රහ සංකලනයක්

කටක, සිංහ, ධනු, මීන ලග්නවලට ඉතා සුබයි 

කන්‍යා, වෘශ්චික, මකර ලග්නවලටද සාර්ථකත්වය ලබා ගත හැකියි.

අනෙකුත් ලග්නවලට සමයි

2020 සැප්තැම්බර් 23 උදේ 10.43 ට රාහු වෘෂභ රාශියටත්, කේතු වෘශ්චික රාශියටත් පැමිණ උච්ච බලය ලබන්නේ අවුරුදු 18 කට පසුවයි.  මීට ප්‍රථම 2002 පෙබරවාරි 17 රාහු වෘෂභයටත් කේතු වෘශ්චිකයටත් පැමිණ තිබේ. 

නැවත  පැමිණෙන්නේ 2039 අපි‍්‍රයෙල් 30 යි.  සමහර ගුරුකුල අනුව රාහු,කේතු මිථුනයට සහ ධනුවටත් වෘෂභයට සහ වෘශ්චිකයටත් උච්ච පල ලබාදෙන බව නියමයයි. 

විශේෂයෙන් රාහු, කේතු, තම කේන්ද්‍රයේ බලවත්ව උපචය ස්ථාන වන 3,6,10,11 රාශිවල සිටියේනම් හෝ ග්‍රහ ගෝචරයෙන් එම ස්ථාන වලට පැමිණියේ නම් සුබ පල ලබාදේ. එම දසාද තිබුණේ නම් වාසනාවන්ත කාලයකි. රාහුට අද , සා, සියාවස සහ කේතුට අස්විද මා, මුල නැකත් හිමිය. 

රාහුට උච්ච ස්ථාන කේතුට නීචයි. කේතුට උච්ච ස්ථාන රාහුට නීචයි. රාහු මිථුන, කන්‍යා, මේෂ, වෘෂභ, කටක, කුම්භ යන රාශිවලදී සුභ පල දෙයි. කේතු මීට ප්‍රතිවිරුද්ධ රාශින් වූ සිංහ, තුලා, වාශ්චික, ධනු, මකර , මීන රාශිවල සුභ ඵල දේ. රාහු කේතුගේ ගමන දිනකට කලා 3 කි. අවුරුද්දකදී අංශක 19 යි කලා 20 කි. රාශි චක්‍රය වටා රවුමක් යෑමට අවුරුදු 18 යි . මාස 07 දින 13 ක් ගත වේ. 

පෘථිවිය සූර්යා වටා යන ගමනේත්, චන්ද්‍රයා පෘථීවිය වටා යන ගමනේ කක්ෂය උතුරින් කැපීම රාහුත්,දකුණෙන් කැපීම කේතු යයිද කියයි. රාහුට මනුෂ්‍ය ශරීරයක් සහ හිස නයි පෙනයක්ද, කේතුට මනුෂ්‍ය ශරීරයට ඉනෙන් පහළ සර්ප කඳක් ද පිහිටා ඇත. අපරදිග ඡ්‍යොතිෂයේ සුභ ග්‍රහයෙක් ලෙසත් පෙරදිග ඡ්‍යොතිර්වේදීන් අසුභ ග්‍රහයින් ලෙසත් හඳුන්වන රාහු, කේතුට කිසිම ශක්තියක් නැති තරම් ය. ඔවුන් තමුන් සිටින රාශි අධිපතියාගේත් තමුන් සිටින නැකත් අධිපතියාගෙත්, සංයෝග වන ග්‍රහයින්ගේත් ලැබෙන ග්‍රහ දෘෂ්ඨි අනුවත් ඔවුන්ගේ ග්‍රහ ශක්තීන් සහ සාරය උරාගෙන අමුතුම පල විපාක දෙයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.