රටට සෙත සලසමින් රවි, කන්‍යා රාශිගත වේ

2020 සැප්තැම්බර් 16 බුධ පැය 32.22 න් බුධ හිමි කන්‍යා රාශියට පිවිසෙන රවි ග්‍රහයා 2020 ඔක්. 17 වෙනිදා තෙක් එහි ගමන් කරනු ඇත.
සැප්තැම්බර් 4, 2020

මසක පමණ කාලයක් “තුරුපල් තුන හත සිත දෙක කන්‍යා රැස “කීවාසේ රවි හිමි උත්‍රපල් නැකතේ” 2,3,4 පාදත්  සඳු හිමි හත නැකත සම්පූර්ණව හා කුජ හිමි සිත නැකතේ 1-2 පාදත් යන නැකැත් පාද නවය තුළ රවි ගමන් කරනු ලබයි. මෙම නැකැත් පාද නවයම රවිට හිමි හා රවිට මිත්‍ර නැකැත් පාද වන බැවින් මේ කාලය තුළ පාලක පක්ෂයේ සියලු ප්‍රාර්ථනාවන් හා අභිලාෂයන් මුදුන් පමුණුූවාගෙන මහජන සුබ සිද්ධිය සඳහා අවශ්‍ය නීති අණ පනත් සංශෝධනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇත. රවි සංක්‍රමණ තත්කාල අවස්ථාවේ ගුරු හිමි මීන ලග්නයත් කුජ හිමි වෘශ්චික නවාංශකයත් ලබා ඇති අතර, 9 අධිපති කුජ බලවත්ව 2 වැන්න වූ මේෂ රාශියේ යුරේනස් සමඟද 4 වැන්නේ රාහුද 5 වැන්නේ සිකුරු හා 6 වැන්නේ සඳු ද සත් වැන්නේ රවි, බුධ දෙදෙනාද 10 වැන්නේ ගුරු බලවත්ව කේතු සමඟද 11 වැන්නේ බලවත් ශනි හා 12 වැන්නේ නෙප්චූන් ද සිටී. 

තත්කාල ග්‍රහ පිහිටීම් බලවත් වේ. පංච මහා පුරුෂ යෝග දෙකක් බුධ ගෙන් හා ගුරුගෙන් යෙදී ඇත. දෙවැන්නේ කුජ බලවත් බැවින් ධන ලාභ පෙන්වයි. සිකුරු 5 වැන්නේ කලා ලොව ආලෝකමත් කරන අතරම, අධ්‍යාපන ක්ෂේත්‍ර සියල්ලම විවෘත වී ඉගෙනුම ලබන දරු දැරියන්ට මං පෙත් විවර කරදෙයි. සඳු 6 වැන්නේ සතුරන් මැඬගෙන මහජන ප්‍රසාදය ලබමින් කටයුතු කිරීමට හැකි බව මොනවට පැහැදිලි වේද? රවි බුධ සත් වැන්නේ විදේශීය රාජ්‍යයන් හා එක්ව රට සංවර්ධනය කිරීමේ හැකියාව පෙන්වන අතරම විදේශීය නව වෙළඳ ගිවිසුම්ද ඇති කෙරේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.