විශ්ව කිරණ මත ගොඩනැඟූ ඡ්‍යොතිෂය

සැප්තැම්බර් 4, 2020

ඡ්‍යොතිෂය යනු බැබලීම යන සිංහලාර්ථය ගම්‍ය කරවයි. යමක් බැබලීමට නම් ආලෝකයක් පරාවර්ථනය විය යුතුමය. ආලෝකයෙන් තොරව බබලන කිසිම වස්තුවක් විශ්වයේ නැත. 

පෘථිවියට මෙන්ම අන් ග්‍රහ තාරකාවන්ට ද ආලෝකය පතුරවා හරිනු ලබන්නේ සූර්යාගෙනි. ඒ ඒ ග්‍රහ තාරකාවන්ට සූර්යාගෙන් ලැබෙන ආලෝකය නැවත ප්‍රථිවිකිරිණශීලී වී විශ්වය පුරාම සෑම මොහොතකම පැතිරෙමින් පවතී. හිරුගෙන් චන්ද්‍රයාට එල්ලවන ආලෝකය සඳුගේ පෘෂ්ඨය මත හැපී. සඳුගේ පෘෂ්ඨයේ පවතින පදාර්ථ සමඟ මුසුවී පෘථිවියට එල්ලවෙයි. සඳඑළිය, සඳකිරණ ලෙස එය හඳුන්වයි. මේ ක්‍රියාවලිය දිවා, රාත්‍රී සෑම මොහොතකම සිදුවේ. හිරුකිරණින් හා සඳකිරණින් පිපෙන මල්වල සුවඳ මෙන්ම දුඟඳ ද දසත පුරා පැතිරෙන්නේ යම්සේද එසේම විශ්වයේ පවතින සියලුම ග්‍රහලෝකවල හා නැකැත් තාරකා පන්තිවලින් හිරුගේ කිරණ හා මුසුවී ඒ ඒ තාරකා පන්තිවලට ආවේණික භෞතික පදාර්ථ හා මුසු වූ ප්‍රතිවිකිරණශීලී රැස්දරා නිතුරුවම පැතිරෙමින් පවතී. 

තාපය නොහොත් උෂ්ණත්වයෙන් තොරව ජීවයක් නොපවතී. මේ නිසාම ඡ්‍යොතිෂය විද්‍යාවක් ලෙස ලොවට දායාද කළ මුණිවරු පෘථිවියට ආලෝකය එල්ලවන සූර්යාද දෙවනුව පෘථිවියට වැඩි ප්‍රථිවිකිරණ ආලෝකය ලැබෙන චන්ද්‍රයාද මුල්කොටගෙන සෙසු ග්‍රහ තාරකා මණ්ඩල ලෙස මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යනුවෙන් රාශි 12 කට වෙන්කර ඒවායේ බලපෑම් පෘථිවි තලයට මෙන්ම සවිඤ්ඤානක, මෙන්ම අවිඤ්ඤානික ජීවයන්ට බලපාන අයුරු ලග්න, නැකැත්, තිථි, මහදසා, අතුරු දසා, සූක්ෂම දසා, උත්තරායනට, දක්ෂිණයත, සෘතුවේද වශයෙන් විස්තර කර ඇත. 

සූර්යයා රාශි චක්‍රයේ රාශි 12 තුළ පිහිටි සත්විසි නැකැත් තාරකාවන්ට ළංවීම, පිවිසීම හා දුරස් වී එතෙක් සිටි රාශියෙන් ඊළඟ රාශියට ප්‍රවිෂ්ඨවීම යන අවස්ථාවලදී ඒ ඒ ග්‍රහචාරයන් අනුව ග්‍රහ කිරණ සංයුතියේ සිදුවන වෙනස්කම් ලෝක ධාතූන්ට මෙන්ම සත්වයන්ට ද බලපානු ලබයි. අලුයම හිරු උදාවන මොහොතේ පරිසරය තුළින් සත්ව ශරීරවලට දැනෙන සිසිලස ක්‍රම කමයෙන් උණුසුම් වී මද්‍යස්ථානය වන විට තාප ශක්තිය වැඩි වී දාහය දැනෙයි. ඉන්පසු විකෙන් ටික හිරු අවරට යද්දී සැඳෑ කාලය තුළ නැවත සිසිලස දැනෙයි. හිරුගේ ආලෝකය නිසා නොපෙනී පැවති සඳු හා තාරකා බැබලෙනු පෙනෙයි. 

හිරුමුදුන් වු විට තම සෙවණැල්ලේ හිස තම දෙපාවලට පෑගෙන වෙලාව වේ. බලය වැඩිවන විට මොළය නැති බව කියවේ. මොළය වැඩෙන විට බලය අනුවන බව ද පැවසේ. මෙය ස්වභාව ධර්මය තුළින් ද පසක් කරන්නකැයි සිතේ. 

මෙසේ ග්‍රහ රාශිවලින් පැතිරෙන කිරණ මිනිසා ඇතුළු සතා සිවුපාවුන්ට මෙන්ම ගහකොළවලටද බලපෑම් ඇති කරයි. නමුත් එම කිරණ සැමට එකසේ බලපානු නොලැබේ. යමෙකු උපදින මොහොතේ පැවැති ග්‍රහචාරයන්ට අනුව ඒ ඒ අයගේ ශරීර තුළ ග්‍රහකිරණ පදාර්ථ අන්තර්ගත වෙයි. ඒ අනුව ජීවිත කාලය පුරාම ග්‍රහතාරකාවන්ගේ ආලෝක කිරණ සුබ, අසුබ, සමපල යන ආකාරයෙන් බලපායි. 

වර්තමාන ලෝකයේ කෝටි ප්‍රකෝටි ගණනක් දුරකථන භාවිතා කරනු ලබයි. මේ සෑම දුරකතනයකටම වෙන් වෙන් වූ ග්‍රාහක අංක ඇත. එම අංකයන්ට අදාළ තරංගමාලා ඔස්සේ සඤ්ඤා ලැබෙන අතර සඤ්ඤා (සිග්නල්) අවහිර වී සඤ්ඤා නොලැබෙන අවස්ථා ද ඇත. එමෙන්ම කෝටි ප්‍රකෝටි ගණනක් වූ ජීවීන්ටද ඔවුන් උපදින මොහොතේ උරුම වන විශ්ව තරංගමාලාව අනුව විශ්ව කිරණ එම අයවෙත පැමිණෙයි. එම ග්‍රාහක අංකය විශ්වයේ පවතින අතරර ඒවා ඡ්‍යොතිෂ විද්‍යානු කූලව මිස අන්ලෙසකින් හඳුනාගත නොහැකි බුදු දහමේ මෙම කම්මයෝනි කම්මබන්ධු, කම්ම දායාද වශයෙන් කර්ම ඵල විභාගයේ මැනවින් විස්තර කර ඇත.  

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.