සිංහ ලග්න හිමියන්ට

අගෝස්තු 28, 2020

විශේෂයෙන්ම සිංහ ලග්න හිමියන් සඳහා ලිව්වට අනිත් ලග්න හිමි පාඨක ඔබ උරණ වන්න එපා. ඒ අයටත් කලින් කලට කාලීනව අවශ්‍ය විස්තර ලියන්නම්. මේ අතරතුර ඡ්‍යොතිෂය සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඕනෑම වෙලාවක කතා කරන්න. ඔබේ ගැටලුව මගේ එකක් විලසින්ම හිතලා හැකි උදව්වක්, පිළිතුරක් හෝ උපදෙසක් දෙන්නම්. 

අපි කවුරුත් දන්නවා සිංහ ලග්නය හිමිවන්නෙ රවි ග්‍රහයාට බව. තවත් විදියකට කිව්වොත් රවිගේ නිවස තමයි සිංහ කිව්වේ. රවි ගේ හැටිත්, සිංහයේ හැටිත් ඉතින් දන්නවනේ. සිංහ ලග්න හිමි බොහෝ අය කම්මැලියි. දැකුමෙන් භයංකරයි. නමුත් සිංහයා දඩයම් කරන්නත් මැලිකමක් දක්වනවා. ඒක සිංහ ධේනුව දන්න නිසා ඈ දඩයම් කරල තම ස්වාමියාට ගෙනල්ල දෙනවා. ධේනුව මේ සිංහයව තනි කරල දුරට යනකොට සිංහයා ඒක විපරමින් බලාගෙන ඉන්නෙ. ධේනුව වැරදිලාවත් වෙනත් රැළකට ගියොත් මරන්න තරම් සිංහයා දරුණු වනවා. සිංහයා ධේනුවට දැඩි ආදරයක් දක්වනවා. සිංහ ලග්න හිමි අයත් ඒ වගේම තමයි. ස්වකීය සහකාරියට ගොඩක් ආදරෙයි. අනිත් පැත්තත් එහෙමයි. එහෙම වුණොත් ඒක ධේනුවගේ මරණය වන්නත් බැරි නැහැ. ඔන්න සිංහ ලග්න හිමියන්ගේ බිරින්දෑවරුන්ට අනතුරු හැඟවීමක් කළා. සිකුරු උදා වුණා. එහෙම නැත්නම් වයසේ හැටි කියලා හේතු දක්වන්න එපා. ඒවගේ රහස් සම්බන්ධතා මට කොච්චරවත් අහන්න ලැබෙනවා. 

ඒවා ගින්දර සමඟ කරන සෙල්ලම් වගේ. අනික තමයි මේ රවිගේ අතුරු දසා වලදීමයි ප්‍රතිඵලය උදාවන්නේ. අපි දන්නවනෙ රවි කිව්වේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා කියලා. අපි වටේ ඒ කිව්වේ පෘථිවිය වටේ ග්‍රහලෝක 9 ක් කැරකෙනවා. එකේ නායකයා නැතිනම් ප්‍රධානියා රවි නැත්නම් සූර්යයා කියලා කොච්චර වත් අහලා ඇතිනේ. එහෙම ඇහැව්වට කාරි නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් ඇහැව්වට කාරි නැහැ. නමුත් ඒ ඔක්කොම ධාරණ ශක්තියට ඇතුළු කර ගන්න එපා. අවශ්‍ය දේ නිවැරදි දේ පමණක් මතකයට අරගෙන ඉතිරිවා අනිත් කනින් පිටකරන දමන්න. සමාජයේ කොච්චර දේවල් තිබෙනවද එක කනකින් අහල අනිත් කනින්. පිටකරනව නේද? මමත් මේ කතාව කොච්චරවත් කියල ඇති. ඒ වුණාට මතකයට ගන්න එපා. ඡ්‍යොතිෂයේ ඔය වගේ සිල්ලර බොරු කියනවා. ඒවා කාටවත් පාඩු කරදර සිදුවන ඒවා නොවේ. පෘථිවිය වගේ ග්‍රහලෝක කැරකෙන්නෙ නැහැ. රවි වටේ ග්‍රහලෝක කැරකෙනවා. පෘථිවිය වටේ කැරකෙනව වගේ පෙනුනට ඇත්ත ඒකයි. සූර්යයා වටේ කැරකෙනව කියලා හිතාගන්න කෝ. පුංචිකාලේ ඉඳලා ඔලුවට වැටුණු එකක් ඉවත් කරන්න ටිකක් අමාරුයි තමයි. ඒත් අමාරුවෙන් හරි කරන්න හැකි වුණොත් තමුන්ටයි කියල අහල තියෙනවනේ නේද? මේ රවි, ලොක්කා එයා එකතැන ඉන්නවා. එයා ළඟට යන්න තියා කිට්ටු වන්නත් බැහැ. රශ්මිය ඒ තරමට ප්‍ර‍්‍රබලයි. කිට්ටුවටවත් යන කොට දාලා පුච්චල අළුකරල යාවි. මේ දෙයම බුදුපියාණන් වහන්සේ දේශනා කරල තිබෙනවා. විද්‍යාවෙන් හොයාගන්න ඉස්සෙල්ල උන්වහන්සේ ප්‍රඥාවෙන් දැන සිටියා. ඒ මීට අවුරුද ගණනකට ඉස්සෙල්ලා. 

ඉතාම  ලෙහෙසියට ඡ්‍යොතිෂයේ පුංචි පුංචි බොරු කියනවා. අපේ මතකයේ රඳවාගන්න ලේසි වන්න. ඡ්‍යොතිෂයේ ගැඹුරු පැත්ත අධ්‍යයනය කරන කොට ඒවා බොරු කියල තේරෙනවා. ඒවා එච්චර ගණන් ගන්න එපා. තවත් පුංචි බොරුවක් තමයි අනිත් ග්‍රහලෝක වගේ චන්ද්‍රයාත් ආලෝකය විහිදනවා කියන එක. ඒක වන්නෙ මෙහෙමයි . ඉරේ ආලෝකය සඳ මත පතිත වෙලා පරාවර්තනය වනවා. අපිට පෙනෙන්නේ ඒකේ අනිත් පැත්ත. රවි කවදාහරි නැති වුණොත් සඳත් නැහැ. හරියටම වැදගත් තාත්තා නැති වුණොත් නැත්නම් මැරුණොත් වඩාම දුක පාඩුව සෙනෙහෙබර අම්මටයි. එයයි ඡ්‍යොතිෂයේ පියා රවි. අම්මා යහපත් චන්ද්‍රයා කිව්වේ. ඇයි යහපත් චන්ද්‍රයා කිව්වේ අයහපත් චන්ද්‍රයත් ඉන්නවද? නැතුව නැතුව ඒවා වෙනත් සටහනකදි හෙළි කරන්නම් කෝ. සමහර පවුල් තිබෙනවා ඔය තාත්තා මිය ගිහින් සතියෙන් මාසෙන් අම්මත් මැරෙනවා. තාත්තා එලොව ගිහිල්ලා අම්මවත් ගෙන්න ගත්ත කියල ගැමියො කතා හදලත් තිබෙනවා. ඒ වුණාට මට හිතෙන්නෙ මේව සසරෙ පුරුදු කියලා. ඡ්‍යොතිෂයේ ගුණාගුණ කියන කොට නිවැරදිව හරි ප්‍රවේශමෙන් කියන්න ඕනෑ. ඔබ දන්න දේවල් කියල බැහැ. අපි ළඟට එන අයගේ උදාවි ඇති ග්‍රහපල. ඔවුන්ට අවශ්‍ය කරුණු තත්කාලයෙන් පැහැදිලි කරන්න ඕනෑ. ඒකයි ඒ උදවිය බලාපොරොත්තු වන්නේ. ඡ්‍යොතිර්වේදියා නිවැරදිව තත්කාලය පරික්ෂා කළා නම් ඒ කරුණු හෙළිකරන්න පුළුවන්. හරියට නිමිති පරික්ෂා කරලා කිව්ව වගේ. ඒක එහෙම තිබියදි කේන්දරය පරික්ෂා කරල ගෙදර ඉන්න පේ‍්‍රත දිෂ්ඨි ගැන සමහර ඡ්‍යොතිර්වේදින් කියනවා. ඒවා ඔවුන්ට අවශ්‍ය නැහැනේ. වවාගෙන කන හොර ඡ්‍යොතිර්වේදීන් තමයි එහෙම කියන්නෙ. අමතක වුණාද 2020 මුල රටේ උගත් නොවුනත් ප්‍රසිද්ධ සමහර ඡ්‍යොතිර්වේදින් 5 දෙනෙක් පස්වග මහණුන් වගේ රටේ සුබඵල කිව්ව හැටි. මම මේවා මුහුණු පොතින් දුටුවා. දැක කම්පා වුණා. වර්තමාන පස්වග මහණුන් ගැන . මේ වගේ බේගල් අදින අය නිසා දවසින් දවස ඡ්‍යොතිෂය පිරිහෙනවා. 

සිංහ ලග්න හැම කෙනෙකුට එක විදියට බලපාන්නෙ නැහැ. එම අයගේ මහ දශාව අතුරු දශාව, සූක්ෂ්ම දසාව පිහිටි ආකාරයටයි ප්‍රතිඵල ලැබෙන්නේ. මේකෙනුත් සූක්ෂ්ම දසාව ඉතාම කෙටි කාලයක් පවතින නිසා ඒ ගැන වැඩිපුර හිතන්න එපා. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.