රවි සිංහ රාශියේ රජ දැක්මට පියවර තැබේ

මේෂ, වෘෂභ, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන, ජම්ම ලාභීන්ට සුබ ඵල මිථුන, තුලා, මකර මධ්‍යම ඵල
අගෝස්තු 14, 2020

උපේන්ද්‍ර  සහ බුධ ආධිත්‍යය පාරිජාත යෝග බලැතිව චන්ද්‍ර, සිකුරු, සුසං යෝගය, චන්ද්‍ර සිකුරු සප්තම දෘෂ්ඨිය, රවි කුජ සහ රවි ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය, බුධගේ විපරීත බලය ආශි‍්‍රතව මා පාද 04 පුවපල් පාද 04 උත්‍රපල් පාදයක් පසුකරමින් අගෝස්තු 16 නිකිණි මහේ රිවිදින පස්වරු 07.11 ට තෙදැතිබලැති රාජ්‍ය නායක සූර්යය දිව්‍ය රාජයාණෝ සිංහ රාශියට අභිමානයෙන් සම්ප්‍රාප්ත වෙන්නේ ය.

සිංහ රාශියෙන් මේෂ නවාංශකයෙන් කේතු හිමි මා නැකතෙහි පළමු පාදයෙන් රාජ්‍ය කාරක රවි ග්‍රහයා සංක්‍රමණය සිදුවෙන මෙකී අවස්ථාවෙහි නැගෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි කුම්භ රාශිය උදාවූයෙන් අසිරිමත් ග්‍රහ සටහන මෙසේ වූයේ ය. වක්‍ර නැප්චූන්, සමව කුම්භයෙහි ලග්න ගතවද වක්‍ර යුරේනස් සමව භූමි පුත්‍ර සෙන්පති අඟහරු මූල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍රව තුන් වැන්න වූ වික්‍රමස්ථානගතවද සිකුරු සමව රාහු, චන්ද්‍ර මිත්‍රශීලීව පුත්‍ර කාරක පස්වැන්නේ ද, සතුරු බුධ රෝග සතුරු ස්ථානය වූ සය වැන්නේ ද ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව රවි ග්‍රහයා 07 වැන්නේ ද ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ වක්‍ර බ්‍රහස්පතිද, කේතු, ප්ලුටෝ මිත්‍රශීලීවද අයස්ථානය වූ එකොළොස් වැන්නේ ද වක්‍ර සෙනසුරු        ස්වක්ෂේත්‍රව වැය ස්ථානය වූ දොළොස් වැන්නේ ද දස දහස්සී ලෝක ධාතුව ප්‍රකම්පාවට පාත්‍ර කරවමින් විශ්ව තාරකා මන්දාකිණියෙහි උද්දාම රිද්මයෙහි සප්ත ස්වරයෙන් විජයග්‍රහයෙහි කාහල නාදය ශ්‍රී ලාංකේය ජන ජීවිත පුරාවට විහිදු වන්නේ ය. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.