අභිමානවත් ජන දිවියකට මඟ සලසන ඥන කාරක බුධ සිංහ රාශි ගතවෙයි 

මිථුන, සිංහ, කන්‍යා, ධනු, මීන, ලග්නවලට සුබයි මේෂ, වෘෂභ, කටක, තුලා, වෘශ්චික, මකර, කුම්භ, ලග්නවලට සමපල දායකයි
ජූලි 24, 2020

දක්ෂිණායතනය වර්ෂා සෘතුවෙහි සිංහ රවි 01 භාග නිකිණි මහේ  අවදොළොස්වක තිථිය, සිංහ රාශිය මේෂ නවාංශකය මා නැකත 01 පාදය, චන්ද්‍ර, ශනි සප්තම දෘෂ්ටිය, රවි - කුජ සහ බුධ - කුජ සප්තම දෘෂ්ටිය ධනු- කුජ චතුර් කෝණ    දෘෂ්ටිය බුධ ආධිත්‍ය යෝගය, රවි - බුධ සුසංයෝගය පෙරදැරිව අගෝස්තු 17 සඳු දින පෙරවරු 08.30 ට ඥනකාරක බුධ තිරසාර රාශියක් වූ සිංහ රාශි විශ්වතාරකා මන්දා කිණියට සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය. 

නැගෙනහිර ක්ෂිතිජයෙහි උදාරාශි කන්‍යාවෙහි කේතු සහ ප්ලුටෝ මිත්‍රශීලීවද ගුරු ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව බන්දු කාරක 04 වැන්නේ ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව පුත්‍රකාරක 05 වැන්නේ ද වක්‍ර නැප්චූන් සමව හයවැන්නේ ද අඟහරු ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව රෝග ශතෘ කාරක හය වැන්නේ ද අඟහරු ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව සහ සම වූ යුරේනස් වක්‍රව අට වැන්න වූ මෘත්‍යු ස්ථාන ගතවද අට වැන්නේ ද රාහු මිත්‍රශීලීව සිකුරු සමව කර්මස්ථානය වූ දහ වැන්නේ ද චන්ද්‍රයා ස්වක්ෂේත්‍රව අයස්ථානය වූ එකොළොස්වැන්නේ ද රවි ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව අස්ත බුධ මිත්‍රශීලීවද, දොළොස්වැන්න වූ වැය ස්ථාන ගතව යෙදී ඇත. ශ්‍රී ලාංකේය ජනරජ සිංහ කේන්ද්‍රයට ද මේෂ විශ්ව කේන්ද්‍රයටද සමගාමී ග්‍රහ සටහන ආශි‍්‍රත විවරණය මෙසේ ය. බ්‍රහස්පති මාන්දි  ග්‍රහයා මෙන්ම බාධක ග්‍රහයාද වෙයි. අඟහරු 22 වෙනි මාරකතම ග්‍රහයාද වෙයි. 

ක්‍රියාන්විත නීතිමය ඒකකයනට අදාළ පළාත්, ප්‍රදේශ යොමුකොට කුසලතා නිපුණතා සහ කාර්යශීලී තාරුණ්‍ය කෙරෙහි උපරිම අවධානය යොමුකොට සේවා ආයතන තුළින් එකිනෙකා කැඳවා ගසාකෑම්, කඩා කප්පල් කිරීම් සොයා බැලිය යුතු අවධිය උදාව පවතිනු ඇත. සේවාවන්හි නිරතව සිටින පිරිස් පුද්ගලයන් රාජ්‍යය අප්‍රසාදයට තුඩුදීමේ පළමුවන අදියර සත්‍යය ලෙස ඉලක්ක වෙනු ඇත. සීමිත පිරිසක් අසීමිතව ආයතන තුළ කල්ලි මැවීම අවශේෂ නිලධාරීන් මහත් සේ දැඩි අපහසුතාවයට පාත්‍රවීමකි. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.