සෙන්පති අඟහරු මීන රාශි ප්‍රවේශය

ජන ජීවිත කෙරෙහි බලපෑම
ජුනි 19, 2020

මීන රාශිය - කටක නවාංශකය - පුවපුටුප 04 පාදය - චන්ද්‍ර කුජ ෂඩ්කෝණ දෘෂ්ඨිය - චන්ද්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය - ගුරු ශනි සහ රවි රාහු බුධ යෝග ආශ්‍රිතව උත්තරායනය - ග්‍රීෂ්ම  සෘතුවේ - මිථුන රවි 04 භාග පොසොන් මහේ අව තෙළෙස්වක තිථිය ලත් ජූනි 18 වෙනි ගුරු දින රාත්‍රී 08.14 ට සෙන්පති අඟහරු මීන රාශි සංක්‍රමණය නැගෙනහිර ක්ෂිතිජයෙහි ධනු රාශි උදා මොහොතක සිද්ධ වෙන්නේය.

1972. 05. 22 ශ්‍රී ලාංකේය ජනරජ සිංහ රාශියට සමගාමීව ග්‍රහ සටහන මෙසේය. කේතු මිත්‍රශීලී වූ 05 වැන්න වූ ධනුවේ ද වක්‍ර ගුරු නීචව සෙනසුරු ස්වක්ෂේත්‍රව රෝග සහ සතුරු ස්ථානය වූ 06 වැන්නේ ද නැප්චුන් සමව උදා වූ 07 වැන්නේ ද අඟහරු මිත්‍රශීලීව 08 වැන්න වූ මෘත්‍යු ස්ථානගතව ද යුරේනස් සමව උදාව 09 වැන්න වූ භාග්‍යස්ථානගතව ද  උච්චමූල ත්‍රිකෝණව චන්ද්‍රයා වක්‍ර සිකුරු සමව 10 වැන්න වූ කර්මස්ථාණගතව ද රවි සමව රාහු මිත්‍රශීලීව වක්‍ර බුධ ස්වක්ෂේත්‍රව 11 වැන්න වූ අයස්ථානගතව ද තැම්පත්ව ඇත.

ආරක්ෂක  සේවා විධිමත් වීම - සංවර්ධන සැලසුම් ඇතුළුව පරිපාලන ව්‍යුහය ආශ්‍රිත කැරළි, මතභේද, ගැටුම්, උද්ඝෝෂණ, අභිරහස් කුමන්ත්‍රණ, කඩාකප්පල් කිරීම් නිර්මාණය වීම, යකඩ සහ වානේ කර්මාන්ත - ගමනාගමනය - අධ්‍යාපනය - සෞඛ්‍යය - අධිකරණය - නාවුක යාත්‍රා ගමන් - ගුවන් ගමන් - නව නීති රීති - කාර්මික යනාදි ක්ෂේත්‍රයන්හි දැඩි අවධානයට තුඩු දෙන කාලපරාසයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.