ශරීරයේ සලකුණු ඇති කිරීමට ඉවහල්වන

මැයි 24, 2019

ග්‍රහ බලය

පුද්ගලයකු මෙලොව උත්පත්තිය ලැබීමෙන් පසු එක් පුද්ගලයකුගෙන් තව පුද්ගලයකු වෙන් වෙන්ව හඳුනා ගැනීමට විවිධාකාර වූ රූප ස්වභාවයන් මත උත්පත්තිය සිදුවනු ලබයි. 

උත්පත්තියෙන් පසු ඇතිවන යම් යම් සලකුණු කෙටිකාලයකින් පසු මැකීයන සලකුණු ඇති වුවත් ජීවිත කාලය පුරාවටම නොමැකි පවතින්නාවූ සලකුණු ඇතිවීමද ඇත. එලෙස යම් පුද්ගලයකු උත්පත්තියේ දී මෙන්ම උත්පත්තියෙන් පසුවත් විවිධ වූ හේතුමත යම් යම් සලකුණු ඇති වී නොමැකී පැවතීමටත් ඉවහල් වන්නා වූ ග්‍රහ යෙදුම් ගැන විමසා බැලීමක් කරමු.
යම් පුද්ගලයෙකු මෙලොව උත්පත්තිය ලබද්දී අඟහරු  ලග්නයේ සිටියේ ද බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්ව සිටියේද සිකුරු ද බ්‍රහස්පති සමඟ යෝගවීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ හිසෙහි කැළලක් ඇති වී නොමැකිව පවතිනු ඇත. 

 

සත්වැනි භාවයෙහි බ්‍රහස්පති තැන්පත් වී රාහුද තැන්පත් වූයේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාත් වම් අතෙහි කැළලක් ඇති වනු ඇත. එලෙසම බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්වී රාහු ලග්නගතව සිටියේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගෙන් වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා ලග්න ගතව තැන්පත්වි ද රාහු අටවැන්නෙහි තැන්පත් විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද හිසේ හෝ වම් කන ආශි‍්‍රතව නොමැකෙන කැළලක් ඇතිවී නොමැකි පවතිනු ඇත. බ්‍රහස්පති ලග්නගතව සිටියේ ද අට වැන්නේ, සිකුරු තැන්පත්විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත. 

 

සිකුරු පස්වැන්නෙහි තැන්පත් වීද බ්‍රහස්පති හා බුධ අටවැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ බඩෙහි නොමැකෙන කැළලක්  ඇති වී පවතිනු ඇත. එසේම සිකුරු නව වැන්නේ තැන්පත් වීද සෙනසුරු සතර වැන්නෙහි තැන්පත් වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී නොමැකී පවතිනු ඇත.

සිකුරු නවවැන්නේ තැන්පත් වී බුධ හා බ්‍රහස්පති අටවැන්නෙහි තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙ හි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත. සිකුරු පස් වැන්නේ තැන්පත්වීද සෙනසුරු ලග්න ගත වූයේද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද බඩෙහි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත. 

සිකුරු ග්‍රහයා අඟහරු ග්‍රහයා සමඟ දොළොස්වැන්නේ තැන්පත් වීද එසේ උත්පත්තිය ලද තැනැත්තාගේ වම් ඇලයෙන් සිදුවූ දෙයකින් නොමැකෙන කැළලක් ඇතිවී නොමැකී පවතිනු ඇත. එසේම අඟහරු එකොළොස්වැන්නෙහි තැන්පත්වී ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද යම් කිසි හේතුªවක් මත සිදුවීමකින් නොමැකෙන කැළලක් ඇති වී වම් ඇල නොමැකී පවතිනු ඇත.

 

සෙනසුරු පස්වැන්නෙහි තැන්පත්ව සිටියදී සිකුරු දැක්කද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ලිංගය ආශි‍්‍රතව කැළලක් ඇති වී නොමැකි පවතිනු ඇත. තවද සෙනසුරු නව වැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද ලිංගය ආශි‍්‍රතව කැළලක් නොමැකී පවතිනු ඇත. 
අඟහරු ග්‍රහයාත් සිකුරු හා සඳු ග්‍රහයාත් ලග්න ගතව උත්පත්තිය ලද තැනැත්තාගේ හිසෙහි කැළලක් කල්යත්ම ඇතිවී නොමැකී පවතිනු ඇත. ශරීරයෙහි යම් යම් ස්ථාන ආශි‍්‍රතව කැළැල් ඇතිවීම කෙරෙහි ග්‍රහයින්ගේ බලපෑම ඉවහල් වන ග්‍රහ යෙදුම් කිහිපයක් ඉහත ග්‍රහ යෙදුම් අනුව පෙන්නුම් වේ.
 
ඡ්‍යොතිෂ 
ශාස්ත්‍රශූරී, 
මෙලාන් වික්‍රමසිංහ 
 


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.