“ධර්ම කර්මාධිපති” යෝගයේ බලය නියම ලෙසට ඵලදීම

අප්‍රේල් 19, 2019
“ධර්ම – කර්ම” යනු භාග්‍යස්ථානය හා කර්මස්ථානයට (9-10) හිමි ග්‍රහ එකතුවකි. තවත් ලෙසකට ප්‍රකාශ කළොත් උගත් බවේ හෝ දැනුවත් කමේ භාග්‍ය මත රැකියා දියුණුවට සම්බන්ධ බලයක් ලැබීමයි. එසේම ජීවිතයේ පැවැත්මට, කරන කර්මාංශ කටයුතුවලට එසේත් නොවේ නම් රැකියා බලයට කරන ශුභ /අශුභ බලපෑම් මෙම යෝගය තුළ ගැබ්ව පවතී. 
 
ධර්ම හා කර්ම ස්ථාන එක් කොට තැනෙන බලයක්, ගමන් මගක් ශක්තිමත් පාලමක් මෙන් මෙම බලය ජන්මියාට ක්‍රියා වනු ඇත. 
කාලීන වශයෙන් බලවත්වීමකට අවශ්‍යම වන යෝගයක් සේම, සංකීර්ණ අධ්‍යාපන ක්‍රමවේද, සංකීර්ණ රැකියාව හෝ කර්මාංශ බලය ට බෙහෙවින්ම බලපෑම්වලට ලක් කළ හැකි බලයක්ද වේ. අපට මතුපිටින් පෙනෙන මෙම ග්‍රහ බලය පෙනෙන ආකාරය හෝ ඵලදෙන ආකාරය කෙසේ දැයි යම් දෘෂ්ටියකට හේතු වුවත්, මෙම යෝගය ශුභඵල දෙන ආකාරයටම කෙනෙකුට පිහිටන්නේ පෙර භවයේ කරන ලද කුසලා කුසල කර්ම අනුව බොහෝ ජන්මීන්ට “ධර්ම – කර්ම” බලය ඇතිවිය හැකිය. එහෙත් නිරන්තර ලෙස ඵලදෙන ආකාරයට පිහිටන්නේ අතලොස්සක් දෙනාට පමණි. මන්ද, උපතේ දී ජන්මියාට 9-10 හිමිකම අනුව පවතින ග්‍රහ තත්ව මත වේ. සමස්තයෙන් බැලූවිට මෙම යෝගය ධනු ලග්න හිමි අයට රාශි 12 කුමන රාශියකට යෙදුනත් අශුභඵල අවම කර ශුභඵල අධිකව යෙදෙන බවට පෙන්වා දී ඇත. එසේ වන්නේ නව වැන්න වන ධර්මස්ථානයම එක ම දීප්ති ග්‍රහයා වන රවිට හිමිවීමත්, කර්මස්ථානය බුධට හිමිකමත් මතය. එසේ වූ විට 9 හා 10 වැන්නේම දෙදෙනා වෙත්නම් බලවත්ම ඵල නියත ලෙසටම යෙදේ. රවි – බුධ ග්‍රහ දෙපළ එකටම ගමන් ඇති ග්‍රහයෝය. එසේම රවි – බුධ යෝගය නිරන්තරයෙන්ම එක රාශියේම වේ. නිතරම බුධගේ වක්‍ර, අස්ත, නිවෘත වීම් ආදිය රවිගේ රශ්මියට අවනතව යෙදේ. සිංහ, කන්‍යා රාශිවලදීද බුධගේ බලයද අවම වීමක් නැත. 
උපතට, ලග්නය, දෙර්කාණ බලය, බාධක බල ආදී සියල්ලම අදාළ කරගෙන බලන විට, මේෂ ලග්නයට දෙවැනි දෙර්කාණය, 22 වැනි දෙර්කාණ (බාධක) බලය ගුරුට හිමිවේ. ඔහු 9 අධිපතියාය. බාධක ග්‍රහයා චර රාශිවලදී බාධක බලය 11 අධිපති ශනිට හිමි වේ. මෙහිදී ධනු,මකර, 9-10 වුවත්. බාධක කම හිමියා ශනි වීම නිසා ද ධ්ධ් දෙර්කාණ බලය ගුරුට හිමිවීමත් අනුව “ධර්ම කර්මාධිපති” බලය යෙදුණද ඵලදීමක් ඇති නොවේ. 
ඉහත යෝගය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට රැකියාව, බලවත්වීමට හේතුයි. සිතුවත්, මේෂ ලග්නයට ඵලදීමක් ඇති නොවේ. එහෙත් රවි – ගුරු ( 22 වැනි දෙර්කාණ බලට ගුරුට හිමි නොවුන විට ) එම යෝගය ඉතාම යහපත් ඵලදීමක් වේ. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
එස්.එච්. වංසාද සිල්වා 
මාදින්නාගොඩ 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.