පුරුෂයාගේ අරිටු යෝග භංගකරන ස්ත්‍රී කේන්ද්‍රයක ඇති බලේ

අප්‍රේල් 19, 2019

දහසක් පැතුම් ඉටුකර ගනිමින් ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු එක්වන්නේ ජීවිතයේ සුන්දරම අත්දැකීම ලබන්නටය. එය විවාහයයි. එය කෙනෙකුට මිහිිරි අත්දැකීමක් වුවත් තවත් කෙනෙකුට එය කටුක අත්දැකීමක් විය හැකිය. විවාහයෙන් පසු කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සිදුවිය හැකි අතර එවන් සුබ හෝ අසුබ තත්ත්වයන් උද්ගතවීම් කෙරෙහි පුරුෂයෙකු විවාහ කරගනු ලබන සහකාරියගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් බොහෝවිට බලපාන බැව් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පෙන්වා දෙයි.

ගුණ නුවණින් හා යහපත් චරිත ලක්ෂණයන්ගෙන් පිරිපුන් ස්ත්‍රියක් හා විවාහවීමෙන් පුුරුෂයාගේ සියලු අරිෂ්ට යෝග භංගවෙන බව ඡ්‍යොතිෂය පෙන්නුම් කරයි. විවාහයෙන් පසුව ස්ත්‍රියගේ වාසනා මහිමයෙන් පුරුෂයා යස ඉසුරින් පිරි අයෙකු වන බවට සමාජයේද පිළිගැනීමක් ඇත. එවන් ස්ත්‍රිය හා විවාහවූ පුරුෂයා දිනෙන දිනම දියුණුව ළඟා කර ගනී. “දියුණුවූ හැම පුරුෂයෙකු පසුපසම ස්ත්‍රියක් සිටී” ආදි වශයෙන් සමහරු පවසන්නේ විවාහයෙන් පසුව ස්ත්‍රියකගේ වාසනාව මතුවී පෙනෙන අවස්ථාවලදීය. කෙසේ වුවද ස්ත්‍රී කේන්දරයේ ග්‍රහ පිහිටීම් පිළිබඳ ලියැවී ඇති කරුණු දෙස බැලීමේදී එතුළින් ගෙන දෙන සුබ අසුබ තත්ත්වයන් ඡ්‍යොතිෂයේ මේ අයුරින් සඳහන් කර ඇත.

ස්ත්‍රී කේන්දරයේ චන්ද්‍රශුක්‍ර සහ කුජ ගුරු යන ග්‍රහයන් බලවත්ව සිටී නම් එය ඉතා බලවත් ග්‍රහ පිහිටීමකි. තුන හත සහ එකොළහ යහපත්ව පිහිටා තිබීමත් ලග්නය බලවත්වීමද එසේමය.

ස්ත්‍රියකගේ ලග්නයෙහි චන්ද්‍රයා සිටීම ඉතාම යහපත් ය. කේන්දරයේ දෙවෙනි ස්ථානයේ සුබ ග්‍රහයෝත්, දෙවෙනි අධිපතිය සුබයන් සමඟ හෝ සුබ ග්‍රහයින්ට පෙනී යහපත් ස්ථානයක සිටියේ නම් විවාහපත් වීමෙන් පසු වාසනාවන්ත යුග දිවියක් ගත කිරීමට හැකිවෙයි. ස්වකීය ක්‍රියාවෙන් හා වස්තුවෙන් සතුටට පත්වන්නාවු ස්වාමිපුරුෂයාට කීකරු වන්නාවූ ඉතා යහපත් තැනැත්තියක් වන්නීය. ස්වාමි පුරුෂයාද එසේම ගුණවතෙකු වෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හිඹුටානේ පියතිලකද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.