ලස්සන බිරිඳක් ලැබෙන ග්‍රහ පිහිටීම් හඳුනාගන්න

මාර්තු 22, 2019

ලස්සන නැත්නම් රූමත්බව යන්න තීරණය වන්නේ බලන්නාගේ (ඡඥඩධතඤඥප) ඇස අනුව බව ජන ප්‍රවාදයේ පවතින ප්‍රචලිත කියමනකි. එහෙත් වර්තමානයේදී විවිධ පරිමිතින් සහ නිර්නායකයන් මෙන්ම ප්‍රවේශයන් තුළින් කාන්තාවන්ගේ රූමත්බව තීරණය කිරීමට පෙළඹී ඇති බැවින් ලස්සන යන්න සංකීර්ණ අරුත් දෙන වචනයක් බවට පත් වී ඇත.

විවාහ වීමට හෝ ආදර බන්ධනවලට අපේක්ෂා කරන සෑම පිරිමියෙක්ම පාහේ රූමත් බිරිඳක් නැත්නම් ආදරවන්තියක් සොයාගැනීමට උත්සාහ කරන බව සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි. කිසියම් ජන්මියකුට ලැබෙන බිරිඳගේ බාහිර පෙනුම, පෞරුෂත්වය, සෞඛ්‍ය සම්පන්න බව මෙන්ම හැකියාවන්, භාග්‍යවන්ත බව සහ අභ්‍යන්තර සිතැඟියාවන් ජන්ම පත්‍රයේ ලියවී ඇති බව වෛදික ඡ්‍යොතිෂයෙන් පෙන්වා දෙයි. එයින් වැඩිදුරටත් ප්‍රකාශ වන්නේ තමන් විසින් පෙර භවයන්වලදී කරන ලද කුසල් හෝ අකුසල් පරිදි මෙම භවයේදී තමන්ගේ ඉරනම්කාරිය හිමිවන බවයි.විශේෂයෙන් ජන්ම පත්‍රයේ හත් වැන්නාධිපති ජන්මියාට හිමි කලත්‍රයා පිළිබඳ කරුණු නිවේදනය කරයි.7 වැන්නාධිපති පමණක් නොව හත්වැන්න සහ එහි ස්ථානගතවී ඇති ග්‍රහයන්, හත් වැන්නට දෘෂ්ඨිහෙලන අනෙකුත් ග්‍රහයන්ද මෙහිදී වැදගත් වේ. හත් වැන්නාධිපති යම් කේන්ද්‍ර රාශියක සිටීම නැත්නම් ත්‍රිකෝණගතවීම මෙහිදී සලකා බැලිය යුතුය. හත් වැන්නේ සිකුරු සිටීම තුළින් ලස්සන බිරිඳක් හිමි වුවත් දිගුකාලීනව විවාහ ජීවිතයේ විවිධ ගැටලු ඇතිකරයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

මනෝවිද්‍යා උපදේශන සහ ඡ්‍යොතිෂවේදී

ටී.එම්. කුලරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.