පෙර අකුසල්වලට විපාක දෙන්නේ ග්‍රහයෝද?

පෙබරවාරි 22, 2019

මෙලොවට උපත ලබන කුඩා දරුවාගේ උපන් දිනය හා ඔරලෝසු වේලාව අනුව පිළියෙල කරන ජන්ම පත්‍රයේ අසුබ ග්‍රහ තත්වයන් නොයෙක් ආකාරයෙන් පිහිටා තිබෙන අවස්ථා ඇත.

කේන්ද්‍රයේ 1,4,7,10 යන ප්‍රධාන භාව හතර හිස්ව පැවතීම මෙය හතර කේන්ද්‍රය පාළුවීම යනුවෙන් ව්‍යවහාරයේ කියවේ.

රාහු, කේතු යන ඡායා ග්‍රහ දෙපළට සියලුම ග්‍රහයින් මැදිවී සිටීම, මෙය කාල සර්ප යෝගය යනුවෙන් අසුබ යෝගයක් වශයෙන් පෙන්වාදී ඇත.

ග්‍රහයින් නීච වී සිටීම, රාශියේ ස්වභාවය අනුව ග්‍රහයා දුර්වලවීම සතුරු වීම

පාප ග්‍රහයෙකුට හෝ ග්‍රහයින් කීප දෙනකුට සුබ ග්‍රහයා සංයෝගවීම

කේන්ද්‍රයේ 6,8,12 යන දුෂ්ඨ ත්‍රිකය තුළ ගුරු සිකුරු පුර සඳු යන සෞම්‍ය ග්‍රහයින් තැන්පත් වී සිටීම

ලග්නාධිපතියා උපතින්ම අටවැන්නේ දුර්වලවී සිටීම.

කේන්ද්‍රස්ථාන හතරේ අධිපති ග්‍රහයෝ උපතින් අටවැන්නේ යෙදීම

මේ ආකාරයට දරුවකු මෙලොවට බිහිවූ අවස්ථාවේ ග්‍රහ තත්වය දුර්වල වීම අනුව ජීවිත කාලය තුළ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු රැකියා කටයුතු, විවාහ කටයුතු, ආදායම් තත්වය ,ගෙවල් දොරවල්, පදිංචි ස්ථාන, මේ ආදි අත්‍යවශ්‍ය අංග ඉතාම පහත් තත්ත්වයට වැටී අවසානයේ රෝගී තත්වයට පත්වී ජීවිතය අවසන් වන අවස්ථා දකින්නට ලැබේ. පෙර ආත්මවල කරන ලද බලවත් පාප කර්ම අකුසල නිසා ඉහත ආකාරයෙන් ග්‍රහයෝ දුර්වල වීමෙන් ජීවිතයේ අත්‍යවශ්‍ය අංග දුර්වල වීමද සිදුවේ. විශේෂයෙන් කේන්ද්‍රයේ 1,4,7,10 යන භාව රාශි කේන්ද්‍රයේත්, නවාංශක කේන්ද්‍රයේත් දෙකේම පාළු වී පැවතීම, සෞම්‍ය ග්‍රහයෙකුගේ දෘෂ්ටිය එම භාවයන්ට නොලැබීම හේතු කොට ගෙන ඇතිවන හතර කේන්ද්‍ර පාළුවෙන් යම් මනුෂ්‍ය උපතක් ඒ අවස්ථාවේම මිය නොගියොත් ජීවිත කාලය තුළ නොයෙකුත් විශේෂ ලක්ෂණ අපට දකින්නට අවස්ථාව උදාවේ. කුඩා කාලයේදී නොයෙකුත් රෝග තත්වයක් හා දෙමාපියන්ට අසුබ තත්වයන්, දෙමාපියන්ගේ ඉදිරි දියුණුවට බාධා, දේපළ හානි, නඩු හබ, ධන තත්වය පිරිහීම මේ ආදි නොයෙකුත් අසුබ වාතාවරණයක් පවුල්වල සිදුවේ. මෙම අවස්ථාවලදී එම දරුවා පන්සලට පූජාකර පසුව විහාරාධිපතින් වහන්සේ සමඟ සාකච්ඡා කර නියමිත වයසේදී මහණ කිරීම සිදුකරනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී 
ජේ.ගුණපාල 
හොරණ 077 4347574
 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.