ඔබව පීඩාවට පත් කරන ගල් තැලුම්

මාර්තු 26, 2021

සමාජයේ ඉතා වෙහෙස වී බර වැඩවල නිරතවන පුද්ගලයන් අතර බොහෝ සේ දැකිය හැකි පීඩාකාරී තත්ත්වයක් ලෙස මෙම ගල් තැලුම් හැඳීන්විය හැකිය. පාදවල වැඩි වශයෙන් දැකිය හැකි මෙම ගල් තැලුම් අත්ලේ ද ඇති විය හැකි ය.

ගල් තැලුම් යනු

ගල් තැලුම් ලෙස අතීතයේ සිට මිනිසා ව්‍යවහාර කිරීමට පුරුදු වූ වචනයකි. නමුත් ආයුර්වේදයේ ගල් තැලුම් ඛදර නමින් හඳුන්වයි.මෙය ඇණයක් ආකාරයට පවතී. එනම් සම මතුපිට රවුම් ආකාරයට ඝනවී අභ්‍යන්තරයට කේතු ආකාරයට ගිලා බසී. එමනිසා ඇවිදින විට මෙය වේදනා ගෙනදෙයි. මේ කැරටින් වලින් නිර්මාණය වූ ඉතා තද කොටසකි. මෙම සම මතුපිට ඇති රවුම් හැඩති ඝන කොටස බොහෝ දෙනා කොස්ස ලෙස ද හඳුන්වයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙම ගල් තැලුම් ආකාර දෙකකින් හඳුන්වයි.එනම් කැලස් හා කෝන් ලෙසයි මෙහි ඉතා පීඩාකාරී තත්ත්වය නම් කෝන් ආකාර ගල්තැලුම යි. එනම් අප ඉහත සඳහන් කළ ඇණයක් ආකාරයට අභ්‍යන්තරයට විහිදුණු ගල් ගල්තැලුම.කැලස් ආකාර ගල් තැලුම් මතුපිට සම ඝන වීමක් පමණක් දැකිය හැකි අතර මෙය එතරම් පීඩාවක් ගෙන නොදෙයි.

ගල් තැලුම් ඇති වීමට හේතු

පාවහන් නොමැතිව ඇවිදීම හේතුවෙන් ගල් මුල් කටු වැනි දේ ඇනීම.

නිතරම යටිපතුල් , අත්ල රළු පෘෂ්ඨ ස්පර්ශයත් නිතරම රළු පෘෂ්ඨ ස්පර්ශවන ලෙස බර වැඩවල නිරත වීම.

නුසුදුසු රළු පෘෂ්ඨ සහිත මෙන්ම උස් අඩි සහිත පාවහන් පැලඳීම.

නිතරම අත් ආවරණ නොදමා වාද්‍ය භාණ්ඩ වාදනය.

අධික ලෙස ඇවිදීම හා දිවීම.

තරබාරු බව හා ශරීරයේ උෂ්ණාධික බව නිසාද මෙම රෝගී තත්ව ඇතිවිය හැකි ය.

ගල් තැලුම් හා බරපතළ තත්ත්ව

ගල්තැලුම් බොහෝවිට පාදයේ හා අත්ලේ ඇති වන අතර, පාදයේ ඇතිවන ගල් තැලුම් ඇවිදීම සමග බොහෝ පීඩා ගෙන දෙන අතර, ඇතැම් පුද්ගලයන්ගේ පාද ගල්තැලුම් හත අටක් පමණ ඇති විය හැකි ය.මෙම තත්ත්ව ඉතා බරපතළ තත්ත්වයක් නොවුණද එහි ඇති ඇණයක් බඳු හැඩය (බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙය කෝන් ලෙස හඳුන්වයි.) නිසා පාදයේ ඇතිවන ගල් තැලුම් වේදනාකාරී වේ. මෙම ගල් තැලුම් මූලික අවදියේ සුව කළ නො ගතහොත් ශල්‍යකර්ම සිදු කිරීම දක්වා දුර යාමට පුළුවන.පාදයේ ගල් තැලුම් දෙක තුනකට වඩා පවතී නම් පතුලම පවා ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට සිදුවේ.

ප්‍රතිකාර ක්‍රම

මෙම ගල් තැලුම් ආකාර දෙකෙන් මතුපිට පමණක් ඝන වීමට ලක්වන කැලස් ආකාර ගල් තැලුම ඇනෙන ස්වභාවයක් නොපවතින නිසා එතරම් අපහසුතාවක් නොමැති වුවද ඇණයක ආකාරයට අභ්‍යන්තරයට විහිදී ගිය ගල් තැලුම් ඔබව පීඩාවට පත්කරයි. බොහෝවිට මතුපිට ඝන වූ කැරටීන් කොටස කපා ඉවත් කරයි එහිදී ඉවත් කරනුයේ මැරුණු සම කොටසක් වන අතර, මෙම සැත්කමේදී නොමැරුණු කොටසක් පීඩාවට පත් වුවහොත් හෝ ස්නායුවක් පීඩාවට පත් වුවහොත් පාදයේ ඇඟිලි ආබාධ ඇතිවිය හැකි ය. කි‍්‍රයා කිරීමේ අපහසුව හිරි හා වේදනාව වැනි තත්ත්ව ඇති වේ.ගල් තැලුම ශල්‍ය කර්මයකදී සම්පූර්ණයෙන්ම ඉවත් නොවුණේ නම් නැවත නැවත එය පෙර තත්වයට වර්ධනය වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම ගල් තැලුම් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා

ප්‍රතිකාර ක්‍රම පවතී. මෙම ප්‍රතිකර්ම හරහා කිසිවිටෙක අතුරු ආබාධ ඇති නොවේ.ගල් තැලුම් ඇතිවන මූලික අවදියේ එය මෙලෙක් කර ඉවත් කිරීම සඳහා විවිධ ආලේපන හා දියර වර්ගද පවතී.ක්ෂාර මගින් පිලිස්සී.මේ සඳහා ආයුර්වේදයේ භාවිතා කරන ප්‍රධාන ප්‍රතිකර්ම ක්‍රමයක් ලෙස අග්නි කර්මය ද යොදා ගනී. මෙහි දී විශේෂ පාෂාණයක් රත් කර ගල් තැලුම් ස්ථානය පිලිස්සීම සිදු කරයි. උපකරණයේ උණුසුම ගල් තැලුම දිගේ ක්‍රමානුකූලව පහතට බැස කැරටින්පදාසය පිලිස්සීම සිදු කරයි .මෙහිදී එම මැරුණු සම සම්පූර්ණයෙන් ඉවත් වන අතර අතුරු ආබාධ ඇති නොවේ.මෙය වේදනා රහිත ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රමයකි. මෙම ප්‍රතිකර්මය පළපුරුදු නිවැරදි වෛද්‍යවරයෙකු මගින් සිදු කර ගත යුතුය.

මේ සඳහා විවිධ අත් බෙහෙත් වර්ග ද අතීතයේ සිට අපේ ජනතාව භාවිතා කළහ.එමගින් ගල් තැලුම් මෘදු කර සහනයක් ලබාගත හැකිය.

ගල්තැලුම ඇති ස්ථානය ලුණු වතුරේ පොඟවා දෙහි ලෙල්ලක් එම ස්ථානයේ බැ¼දීමද

ගස්ලබු මද පොල් කිරෙන් තම්බා අඹරා රාති‍්‍රයට බැ¼දීම

පොල් විනාකිරි පෙඟ වූ පුළුල් බැ¼දීම

වැනි ක්‍රම භාවිතා කළ ද ඒවා ඉතා පිරිසුදු සිදුකළ යුතුය.

ගල් තැලුම් ඇතිවීම වළක්වා ගැනීමට.

නිතරම පාදයට පහසු සුදුසු පාවහන් භාවිතය.

රළු පෘෂ්ඨ ස්පර්ශ වන ලෙස කටයුතු කිරීමේදී සුදුසු අත්වැසුම් හා පාවහන් පැලඳීම.

වාද්‍ය භාණ්ඩ භාවිතයේදී ඒ සදහා සුදුසු අත් වැසුම් භාවිතය.

උෂ්ණාධික ආහාර වලින් වැලකීම.

ශරීර ස්කන්ධ දර්ශකය නිවැරදිව පවත්වා ගැනීම.

ගල් තැලුම් බිය විය යුතු තත්ත්වයක් නොවූවද එය ඔඩු දිවීමට පෙරනිවැරදි ප්‍රතිකාර සඳහා යොමු වීම මගින් ඔබට ඇති වන පීඩාකාරී තත්ත්වයෙන් මිදිය හැකිය..

 

වෛද්‍ය

ගුණවතී එදිරිසිංහ

සටහන – කුමාරසිංහ ගුණදාස

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.