දෝෂ දුරු කර ගැනීම සඳහා ක්‍රමයක්

පෙබරවාරි 12, 2021

අමනුෂ්‍ය දෝෂ නිසා අද සමාජයේ බොහෝ දෙනා නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පා ඇත. තම තමන්ගේ ජීවන රටාව සාර්ථක කර ගත නොහැකිව රැකියා අවුල්, පවුල් අවුල්, දූ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු, විවාහ හා රැකියා කටයුතු හරිහැටි කරගත නොහැකිව, කලකිරීමට පත්ව ඇති අය ගැන නොයෙකුත් දේ අසන්නට ලැබේ.

 

මෙම තත්ත්වයන් බොහෝ විට පෙර කර්ම විපාක නිසාත් ඇතිවේ. එහෙත් සියල්ල පෙර කර්මය නිසායැයි සිතා සිත් අධෛර්යට පත්කර ගැනීමෙන් අපේක්ෂා භංගත්වයට පත්විය යුතු නොවේ. ධර්මානුකූලව තම ජීවිත පවත්වාගෙන යෑමෙන් බොහෝ දුරට කරදර අපල දුරුකර ගැනීමට හැකිවේ. අමනුෂ්‍ය දෝෂ බෙහෙවින් බලපාන්නේ පූර්ව අකුසල කර්මයන් නිසා විය හැකිය.

තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා, තෙරුවන් වන්දනා කොට, තුන් සූත්‍රය හා චක්ක පිරිතෙන් පැන් 108 වරක් පිරිත් කර පානය කරන්න. ඒ සමඟම බුදු පහන දැල්වීමට පොල්තෙල් සහ අබ තෙල් පිරිත් කර ගන්න. පොල් තෙල් සහ අබතෙල් මිශ්‍රකර බුදුපහන දල්වන්න. අමනුෂ්‍ය දෝෂ දුරුවේ.

 

 

 

ඡ්‍යොතිෂවේදී - මිනුවන්ගොඩ

විමල් දුනුසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.