කුළුඳුල් දරුවා පුතෙක්ද? දුවක්ද?

ජනවාරි 8, 2021

දරුවන් පිළිබඳ බැලීමට කේන්ද්‍රයක පස්වැන්න පරීක්ෂා කළ යුතු ය.

මෙම ස්ථානයේ සිටින ග්‍රහයින් පහ අධිපතියා සමඟ සිටින ග්‍රහයා හෝ ග්‍රහයින් පස්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටි බැලිය යුතු ය. තවද පුත්‍ර කාරක ගුරු ගැනද බැලිය යුතු යි.

ප්‍රථම දරුවා පුතෙක් වන පිහිටීම්

1. පහ අධිපතියා 5 හේ පුරුෂ රාශිවන මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශිවල සිටීම.

2. පහ අධිපතියා හා 9 අධිපති ගුරු, රවි, කුජ යන පුරුෂ ග්‍රහයින් වී ඔත්තේ රාශිවන මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශියක හෝ නවාංශකයක සිටීම.

3. සඳු, කුජ හා සිකුරු යන ග්‍රහයින් මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශියක හෝ නවාංශයක සිටීම.

4. බලවත් රවි සෙනසුරු සමඟ 5 හේ හෝ 7 තේ සිටීම.

5. රාහු 2 සිටීම හෝ 2 අධිපති සමඟ සංයෝග වී සිටීම.

6. 2 අධිපති 10 යේ සිටීම. ගුරු 9 සිටීම අධිපති බලවත් වීම.

7. ස්ව ක්ෂේත්‍ර හෝ උච්ච සඳු 5 සිටීම හෝ 9 යේ සිටීම.

ගැහැනු දරුවකු පළමු දරුවා වන පිහිටීම්.

1. 5 වැන්නහි සඳු සිකුරු සිට පාප ග්‍රහයින් 11 සිටීම.

2. 5 අධිපති සඳු බුධ හෝ සෙනසුරු යන ග්‍රහයින් වී බලවත්ව කේන්ද්‍රයේ සිටීම (1, 4, 7, 10 හෝ ත්‍රිකෝණයේ සිටීම) (1, 5, 9)

3. සඳු 5 සිට ගුරු හෝ සිකුරු ලග්නයේ සිටීම හෝ ලග්නය දැකීම.

4. සඳු සිංහ රාශියේ වී 4 රේ සිටීම හෝ කන්‍යා රාශිය වී පහේ සිටීම.

5. ලග්නාධිපති 5, 7, 9, 11 සිටීම.

දරුවන් ලැබෙන කාලය

1. ගුරුගේ දශා අතුරු දශා කාලය

2. 5 අධිපතිගේ දශා අක්ෂර දශා කාලය

3. 7, 9, 11, 1 දශා අතුරු දශා කාලය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.